මෙවර අය-වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වන දා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වන දා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස සියලු ම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දීමට රජය කටයුතු කර ඇත.
ඒ, 2021 ඔක්තෝබර් 13 වන දා දාතමින් යුත් විශේෂ චක්‍රලේඛයක් මඟින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින්.මේ බව දැනුම් දී ඇත.
2022 අය-වැය ලේඛනය මේ වනවිට සකස් වෙමින් පවතින බැවින් මුදල් අමාත්‍යංශය අදාළ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන් හා ජාත්‍යන්තර සංවර්ධන අරමුදල් ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගැයීම්වල යෙදෙන බැවින් ඒ සඳහා ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ සියලු නිලධාරීන්ගේ සෘජු දායකත්වය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබෙන බව එහි දැක්වේ.
.එබැවින් එතෙරදී සිදුකෙරෙන විශේෂ අවස්ථාවන් ආවරණයට විදේශ අමාත්‍යංශය මගින් විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල ඔස්සේ අදාළ නියෝජනය ලබාදිය හැකි බවද ජනාධිපති ලේකම්වරයා එමගින් අවධාරණය කර ඇත
.එබැවින් අත්‍යවශ්‍යම කටයුත්තකට හැර එම කාලය තුළ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබේ.











