• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රසායනික පොහොර තහනමේ කිසිදු වෙනසක් නෑ! ජනපති මාධ්‍ය ඒකකය යළි අවධාරණය කරයි!

August 4, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඊයේ දැමූ පොහොර නිවේදනය ගැන තව සුලු මොහොතකින් ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

දේශීය කෘෂිකර්මාන්තය සඳහා කාබනික පොහොර පමණක්ම භාවිත කළයුතු බවට ජනාධිපතිවරයා විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් සිදුකොට නොමැති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී එම තීරණයේ කිසිදු වෙනසක් සිදු නොකරන බවද දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බවද අවධාරණය කරයි.

“නිරෝගිමත් සහ ඵලදායි පුරවැසියෙක් බිහිකිරීමට රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුය. ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සඳහා මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමට එම නිෂ්පාදන වේගවත් කළයුතුය.”  යන්න “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරොන්දුව වන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කළ නිවේදනයේ මෙසේද දැක්වේ.

කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලද ස්වභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාඛ පෝෂක ආනයනය කිරීමට වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

ඉහත කී ස්වාභාවික ඛනිජ හා කිලේටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක මේ වනවිට අංක 2226/48 දරන ගැසට්  පත්‍රය මගින් ආනයනය කිරීම තහනම් කර තිබූ සංකේතාංක (HS Code) යටතේ ආනයනය වන බැවින්, ඉහත දක්වන ලද, කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලබාදී තිබු  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2226/48 ගැසට් පත්‍රය සංශෝධනය කරන ලදී.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් 2021 ජූලි 30 වන දින නිකුත්කර ඇති 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) නියමයන් (Regulations) අනුව පහත සඳහන් වර්ගවල විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනෙකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇත. 
කෘෂිකර්මාන්තය සඳහා භාවිත කළ හැකි පොහොර වන්නේ  අන්තර් ජාතික කාබනික පොහොර ප්‍රමිතීන්වලට අනුකූල අනුමැතිය ලබාදී ඇති කාබනික පොහොර පමණක්ම වනු ඇත.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව  සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද සංගණනයන්ට අනුව එම ආයතනවල සෘජු අධීක්ෂණය යටතේ  මාස 6ක කාලයක් සඳහා නිකුත් කරන බලපත්‍ර මගින් හරිතාගාර (greenhouse) තුළ සංරක්ෂිත කෘෂිකාර්මික කටයුතු සඳහා ලියාපදිංචි ආයතන වෙත සහ ජල පෝෂක වගා (hydroponics) හා වායු පෝෂක වගා (aeroponics) සහ විසිතුරු මල් වගා (floriculture) කටයුතු සඳහා පමණක් නයිට්‍රජනීය ඛනිජ හෝ රසායනික පොහොර සහ කිලේටකරණය  (chelated) කරන ලද ඛනිජ සහ ශුද්‍ර පෝෂක ආනයනය සඳහා අවසර ලබාදී ඇත.

එමෙන්ම ඉහත සඳහන් බලපත්‍ර මගින් ඛනිජ හෝ රසායනික නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් යන ශාක පෝෂක තුනම අඩංගු මිශ්‍රිත පොහොර ඒවායින් දෙකක් අඩංගු මිශ්‍රණවලින් සකස් කරන ලද පොහොර කරල් (capsule) හෝ එවැනි නිෂ්පාදන අඩංගු බර 10kg  හෝ ඊට වඩා අඩුවෙන් සකස් කරන ලද පැකට් සඳහා අවසර ලබා දී ඇත.

මෙම සියලු පොහොර ආනයනය අදාළ අවශ්‍ය ආයතන මගින් අවශ්‍යතා අනුව හෝ එම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ප්‍රමාණයන් සඳහා පමණක් නිකුත් කරන විශේෂ වූ බලපත්‍ර  යටතේ පමණක් ආනයනයට අවසර ඇත.

මීට අමතරව නයිට්‍රජන් නිස්සාරණ (කාබනික) හා ඛනිජ ගණයේ පොටෑසියම් ආනයනය කළ හැකි අතර, ඒවා රසායනික පොහොර ලෙස වර්ග නොකෙරේ.

SendShareShare
Previous Post

තීන්දුවට අනුව වහාම සේවයේ පිහිටුවන්න! දිල්රුක්ෂි වෙනුවෙන් නීතීඥ සංගමය නීතිපතිට ලියයි!

Next Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ ගුරු-විදුහල්පතිවරුන් 42ක් අත්අඩංගුවේ!

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.