හෙට දිනයේ විදෙස් ණය ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් වූ කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇති බව ආණ්ඩු පක්ෂය විසින් දැනුම් දීමක් කොට තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂය විසින් අදාළ ගිවිසුම ලබා දෙන ලෙසට කළ ඉල්ලීමෙන් පසු ආණ්ඩු පක්ෂය විසින් මේ බව දැනුම් දී ඇති බව පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් විදෙස් ණය ප්රතිව්යුහගත කිරීම පිළිබදව විශේෂ ප්රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙහිදී සමගි ජන බලවේගය පෙන්වා දී ඇත්තේ ජනාධිපතිවරයාට කතාවක් ලබා දීමට කටයුතු කරන්නේ නම් ඊට පිළිතුරු දීම සදහා විපක්ෂනායකවරයාටද කතාවක් ලබා දිය යුතු බවකි.
ඒ අනුව විපක්ෂනායකවරයාටද කතාවක් ලබා දීමට එකගතාව පළව ඇති බව දැනගන්නට ඇත.
ඉන් අනතුරුව විවාදයක් නොමැතිව සභාවේ වැඩකටයුතු අවසන් කිරීමට තීන්දු වී ඇති බවද දැනගන්නට තිබේ.