බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා මැතිසබේ අසුන් ගත් පසු ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයයි.
ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් වී ඇත.
බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් දිවුරුම් දෙන හෙයින් ඔහුට මෙසේ ඉදිරි පෙළ අසුනක් පනවන බවද වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය .










