නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් පිළිබඳව විමර්ශන පැවැත්වූ ත්‍රිපුද්ගල කමිටුව නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ චෝදනාවෙන් නිදොස් කළේය.










