මහබැංකුවේ නව අධිපතිවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිත ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද දිනයේ ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණ තිබේ.
ඒ අනුව ඉදිරි දිනකදී ඒ මහතා නව මහබැංකු අධපතිවරයා ලෙස පත්වීමට නියමිතය.
කෙසේවෙතත් හිටපු මහබැංකු අධිපතිවරයා වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාට මූල්‍ය චෝදනාවක් හේතුවෙන් විදෙස්ගත වීම තහනම් කිරීමට අද දිනයේ අධිකරණය නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.











