• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාව පක්ෂ පාට නොබලා පාරට බැහැලා! තවත් ප්‍රමාද වෙන්න එපා! ඩලස් පාර්ලිමේන්තුවේ 225ටම ලියුමක් යවයි!

April 7, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
ජනතාව පක්ෂ පාට නොබලා පාරට බැහැලා! තවත් ප්‍රමාද වෙන්න එපා! ඩලස් පාර්ලිමේන්තුවේ 225ටම ලියුමක් යවයි!
Share on WhatsAppShare on Facebook

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද දිනයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා වෙතම ‌ලිපියක් යොමු කිරීමට පියවර ගෙන ඇත.

එම ලිපිය මෙසේය.

225 වෙතටයි

ලෝක ප්‍රජාව 13 නපුරු අංකයක් ලෙස සලකයි. එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව 225 නපුරු අංකයක් ලෙස පිළිගන්නා පසුබිමක් මේ මොහොතේ නිර්මාණය වෙමින් පවතී. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මා දකින්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද තුළ ආරක්ෂිතව සිටිමින් අපි, අපගේ සහෝදර පුරවැසියාගේ අනාරක්ෂිතභාවය දෙස නොබැලීමයි. එම නිසා ඔහු හෝ ඇය අත්විඳින අනාරක්ෂිතභාවය හෝ පීඩිතභාවය අපට නොදැනෙයි.

30 වසරක යුද්ධය, සුනාමිය සහ කොරෝනා වසංගතය ගෙන ආ අභියෝග තුනටම වඩා බරපතල ආර්ථික අභියෝගයක් මැද අරගල කරන මහජනයා වෙනුවෙන් පෙනී සිටිය යුතුම මොහොතේ අපට අපගේ කාර්යභාරය ගැන හෝ නියෝජනය ගැන තෘප්තිමත් විය හැකිද? විවිධ ප්‍රභේද හරහා වීදි පුරා ගලා යන්නේ ජනතාව පෙළන ඒ පීඩනයේ ප්‍රකාශනයි. තවමත් සාමකාමී ස්වරූපයෙන් විහිදෙන එම පීඩනයේ ප්‍රකාශන, ප්‍රචණ්ඩකාරී ප්‍රකාශනයක් ලෙස පරිවර්ථනය වීමට ඉඩ නොදීම මහජන නියෝජිතයන් ලෙස අපගේ ප්‍රමුඛතම වගකීමයි.

ජනතාව අරගලය පාරට ගෙන ආවේ නිර්පාක්ෂිකවයි. ඒ ඔවුන්ගේ ගැටළු නිර්පාක්ෂික නිසයි. එබැවින් එයට විසඳුම් සෙවිය යුත්තේ ද නිර්පාක්ෂිකවය.

එනමුදු මේ ඉතාමත්ම තීරණාත්මක මොහො‍තේදීත් සිදුවන්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට ද නිගාදෙමින් ද්වේශ සහගතව බෙදෙමින් කෙරෙන වදන් හරඹය යි.

අප රටට දරුණු ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුවන පෙර ලකුණු දකිමින්, එහි ප්‍රතිඵලයක් ලෙස ජනතා පීඩනය පුපුරා යන විභවයක් නිර්මාණය විය හැකි නුදුරු අනාගතයක් පුරෝකථනය කරමින්, මා පසුගිය අයවැයේ දී, එනම් මීට මාස හතර හමාරකට පෙර එම අවදානම ගැන සඳහන් කරමින් සහෝදර මහජන නියෝජිතයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළා.

“ඇයි අපි මෙතෙන්ට වැටුනේ? කවුද මේකට වගකියන්න ඕනේ? ඉතිහාසයේ තිබුණු කොළ පාට ආණ්ඩු ද? නිල් පාට ආණ්ඩු ද? නිල් රතු ආණ්ඩු ද? වර්තමාන ආණ්ඩුව ද? නැහැ. අපි සියලු දෙනාම සම සමව මෙහි විත්තිකරුවන් බවට පත්වෙලා තිබෙනවා. ජනතාව ඉදිරිපිට අපි 225 දෙනාම විත්තිකරුවෝ. අපි අපි අපි විසින්ම මෙහි වගකීම භාරගත යුතුයි. අපි වෙනුවෙන් අපි වගේම තමයි, මේ වගකීමත් භාරගන්න ඕනේ. ඉතින් අපි නිහතමානීව එහි වගකීම භාරගමු. අපි තවමත් පරක්කු නැහැ කියලා මම විශ්වාස කරනවා. අඩුගානේ අපේ අනාගතයේ නාමයෙන්, අද ඉන්න දරුවන්, මතු උපදින්න ඉන්න දරුවන් වෙනුවෙන් එතැනදි අපි 225 ම රටත් සමඟ හිටගමු. හැම පක්ෂයම විපක්ෂයේ ඉන්නකොට බෝසතුන් බවට පත්වෙනවා. ආණ්ඩුවට එනකොට දේවදත්තලා බවට පත්වෙනවා. අපි සියලුදෙනාම සාධාරණය කරන්න උත්සහ ගන්නේ එකිනෙකාට අඟිල්ල දික්කිරීමේ අප්‍රසන්න වගකීම් විරහිත ඉතිහාසයට විනා මේ ර‍ටේ අනාගතයට නොවේ. නමුත් ඉතිහාසයට හැරෙමින් ඇඟිලි දිගු කරමින් තවදුරටත් සිටීමේ වරප්‍රසාදයක් අප කිසිම කෙනෙකුට නැහැ. අඩුපාඩු සකස් කරගෙන, වැරදි හදාගෙන ඉදිරියට යෑම මිස අපට වෙන විකල්පයක් නැහැ. අප එක්ව ඉදිරියට නොයතොත් සිදුවන්නේ වෙන් වෙන්ව වැළලී යාමටයි.”

(උපුටා ගැනීම – හැන්සාඩ් වාර්තාව – 2021 නොවැම්බර් 19)

අද මෙරට තරුණ පරපුර 225 ම එපා කියමින් මොර නගමින් අපව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ කියමන සැබෑ කරමින්.

අපේ පුරවැසියන්, ශ්‍රී ලාංකිකයන්, ඔවුන් තම රටට අසීමිතව ආදරය කරන උදාර ජන කොට්ඨාසයක්. එම නිසා මා දැඩිව විශ්වාස කරනවා මහජන නියෝජිතයන් ලෙසට අප එක්ව ජනතා විශ්වාසනීයත්වය දිනාගත හැකි හරවුම් ලක්ෂයකට පියවර තැබුවොත් ඔවුන් අප තේරුම් ගන්නා බව. තවමත් එයට ප්‍රමාද නැහැ. ජනතාවට සවන් දෙන්න, ජනතාවට ප්‍රතිචාර දක්වන්න, ජනතාවට සංවේදී වන්න, ජනතාවට උපකාරී වන්න, ජනතාවට සුභවාදී වන්න, ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්න.

මෙම දේශපාලන ඛේදවාචකයේ විත්තිකරුවන් කවරෙක් ද යන්න පිළිබඳව කාට හෝ සැකයක් මතවාදයක් තිබේනම් ඔවුන් හඳුනාගත හැකි පහසුම ක්‍රියාමාර්ගය වනුයේ මෙරට සියලු විධායක ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය ආරම්භයේ සිට අද දක්වා සිටින සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්නාඩියක් ඉදිරිපිටට යෑම පමණි.

මාගේ පාසැල් මැණියන්ගෙන් මා හට දායාද වූ උදෘත පාඨය උතුම් බුදු වදනක්. “අප්පමාදෝ අමතපදං” එනම්, අප්‍රමාදව කටයුතු කරමු යන්නයි.

නමුත් වැදගත් වන්නේ 225 වන අප එය අවබෝධ කරගන්නට තවත් ප්‍රමාද වනවා ද යන ප්‍රශ්නය පමණි.

ගෞරවය, ආදරය නොමැති බලය විසින් ඉතිහාසය පුරාම ලොවට දී ඇති අමිහිරි, අප්‍රසන්න පණිවිඩ කියවා ගන්නට අප තවත් ප්‍රමාද විය යුතු නැත.

ඩලස් අලහප්පෙරුම,

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,

2022 අප්‍රේල් මස 07 දින දීය.

SendShareShare
Previous Post

අද ලංකාවට වෙලා තියෙන දේ ගැන අවුරුදු 110කට කලින් මැකලම් ආණ්ඩුකාරයා කියපු ටක්කෙටම හරි ගිය සාත්තරේ!

Next Post

හිටපු අධිපතිට රට යන්න තහනම් වෙද්දී අලුත් අධිපති ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට එයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.