• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නෙවිල් ගියා! ශිරාණි යැව්වා! දේශබන්දු? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිංහල, දෙමළ අලුත් අවුරුද්දට පෙර පාර්ලිමේන්තුව රැස්වන්නේ අප්‍රේල් 08, 09, සහ 10 යන දින තුනේදී පමණි. Sri Lanka Latest News
මෙම දින 3 දෙස බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇත්තේ ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙනි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා බොහෝ විට අප්‍රේල් 08 වැනිදා පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයෙන් යෝජනාවක් ගෙන එනු ඇත.

එම යෝජනාවට දැනටමත් සහයෝගය ලබාදෙන බව විරුද්ධ පක්ෂයේ ප්‍රධානතම දේශපාලන පක්ෂ වන සමගි ජන බලවේගය ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විසින්ම ඒ බව තහවුරු කර ඇත.
අනෙක් කාරණය බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයයි. එය අප්‍රේල් 10 වැනිදා බොහෝ දුරට පාර්ලිමේන්තුවේ විවාද කිරීමට ගනු ඇත.
ඊට අමතරව මැයි මාසයේ තවත් දිනක් බටලන්ද වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු වේ සභානායක බිමල් රත්නාය අමාත්‍යවරයා විසින්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන ලදී.

බටලන්ද වාර්තාවට පෙර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කොට එමගින් ඉවත් කිරීමට හැකි රජයේ ඉහළ තනතුරු සංඛ්‍යාව සීමාසහිතය.
ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ අනුව විධායක ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ තනතුරුවලට පත්කරනු ලබන රාජ්‍ය සේවකයන් එම තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාටද නොහැක.

එවැනි තනතුරුවල සිටින නිලධාරියකු එම ධුරයෙන් ඉවත් කිරීමට නම් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අස්සනින් යුත් යෝජනාවක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයාට එරෙහිව දැනටමත් පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදී ඇත.

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, පාර්ලිමේන්තුවේ මහලේකම්, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ඇතුළු ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ සහිතව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන නිලධාරීන් ඉවත් කිරීම සඳහා මෙසේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කොට සම්මත කරගත යුතුව ඇත.

එවැනි යෝජනාවක් සඳහා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 113 දෙනකුගේ ඡන්දය අනිවාර්යයෙන්ම අවශ්‍යය.
එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ විට ඊට අදාළ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවක් පත්කර එමගින් නිර්දේශ ලබාගෙන එම ඉවත් කිරීමට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් වේ. පාර්ලිමේන්තු සම්ප්‍රදාය එයයි.

පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් සම්මත කරගෙන මීට පෙර ඉවත්කර ඇති නිලධාරීන් කවුද?
මෙහිදී බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් කාරණයක් වූයේ 80 දශකයේ මුල් කාලයේ සිට අගවිනිසුරුවරයෙකි. ඒ, එවක හිටපු අගවිනිසුරු නෙවිල් සමරකෝන්ය.
එය වර්තා වූයේ 1984 වර්ෂයේදීය. එවක පැවැතියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ජේ.ආර්. ජයවර්ධන එවක මෙරට ප්‍රථම විධායක ජනාධිපති ධුරයේ කටයුතු කළ අතර, අග්‍රාමාත්‍යවරයා වූයේ රණසිංහ ප්‍රේමදාසයි.

නෙවිල් සමරකෝන් මෙරට 36 වැනි අගවිනිසුරුවරයාය. 1977 දී බලයට පත්වීමෙන් පසුව ජේ.ආර්. විසින් නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයට පත්කරනු ලබන්නේ සමගි පෙරමුණු රජය යටතේ පැවැති අධිකරණ පද්ධතිය ගැන ජේ.ආර්.ට විශ්වාසයක් නොතිබුණු නිසාය.
නෙවිල් සමරකෝන් ඒ වනවිට නීති ක්ෂේත්‍රයේ සිටි ජ්‍යෙෂ්ඨතම මෙන්ම ගෞරවාන්විත නීතිඥවරයකු ලෙස නමක් දිනාගෙන සිටියේය. එමෙන්ම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමීපතම හිතවතෙකුද විය.

තමන්ට යම් හිතවත්කමකින් නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයෙහි කටයුතු කරනු ඇතැයි කියා ජේ.ආර්. සිතුවද නෙවිල් සමරකෝන් අධිකරණ කටයුතු සිදුකළේ ඉතා ස්වාධීනවයි.
එක්සත් ජාතික පක්ෂ රජය ගත් ඇතැම් තීරණ අගවිනිසුරු සමරකෝන්ගේ විවේචනයට ලක්වූයේ නීතියේ හිල්වලින් රිංගා එජාප රජය කටයුතු කිරීමට උත්සාහ දැරූ නිසාය.
මෙම තත්ත්වය වඩාත් උග්‍ර වූයේ කාන්තා දින රැස්වීමකදී විවියන් ගුණවර්ධන ඇතුළු කාන්තාවන් පිරිසකට එල්ලවූ මැර ප්‍රහාරය නිසාය. ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව මෙම මැර ප්‍රහාරය එල්ල වූ බවට වාර්තා පළවිය.

මෙම මැර පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර, එම තීන්දුව ලබාදුන් අධිකරණ විනිසුරුවරයාගේ නිවස අසල උද්ඝෝෂණය කිරීමට සහ ඒ අවට තාප්පවල පෝස්ටර් ඇලවීමට තවත් මැර පිරිසක් කටයුතු කර තිබිණි. එම කටයුතුවලටද එජාප ආණ්ඩුවේ අනුග්‍රහය ලැබුණු බවටද චෝදනා එල්ල විය.
ආණ්ඩුව හා අධිකරණය අතර පළමු ගැටුම ආරම්භ වූයේ ඒ ආකාරයටය.

ඉන් අනතුරුව කලවාන අතුරු මැතිවරණයෙන් ජයගත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සරත් මුත්තෙට්ටුවේගමට එම තනතුර ලබා නොදී එජාපයෙන් තරගවැදී පරාජය වුණු අබේරත්න පිලපිටියට එම තනතුර ලබාදීමට නීතියේ හිල් හොයමින් සිටි අවස්ථාවේදී එම වෑයම ව්‍යර්ථ කිරීමට නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා පියවර ගත්තේය.
නෙවිල් සමරකෝන් අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළ යුතු බවට ආණ්ඩුව තීරණය කළේ මෙම සිදුවීමෙන් අනතුරුවය.

මේ සඳහා ආණ්ඩුවට සුදුසු අවස්ථාවක් එළඹුණේ නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා පෞද්ගලික අධ්‍යාපන ආයතනයක උත්සව සභාවක් අමතමින් දැඩි ලෙස ආණ්ඩුව විවේචනයට ලක්කිරීමයි.
රැකියා බැංකුව හා ජනාධිපතිවරයා දැඩි ලෙස නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයා විසින් විවේචනය කර තිබූ අතර, මේ නිසා ආණ්ඩුවේත්, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේත් විරෝධය නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එල්ල විය.

ඒ අනුව නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුව තීරණය කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනකුගේ අස්සනින් යුතු යෝජනාවක් අගවිනිසුරුවරයාට එරෙහිව භාරදුන්නේ එවක පාර්ලිමේන්තුවේ කතානායක ඊ.ඇල්. සේනානායකටය.
එම යෝජනාවෙන් කියැවෙන කරුණු පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත්කිරීමට කතානායකවරයා විසින් තීන්දු කරන ලදී.
එවක ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලිගේ සභාපතිත්වයෙන් පත්කරන ලද එම කමිටුවට සෞඛ්‍ය ඇමැති දොස්තර රංජිත් අතපත්තු, පෙස්ටස් පෙරේරා, සී. රාජදොරෙයි, අබ්දුල් මජීඩ්, විපක්ෂ නායක අනුර බණ්ඩාරනායක, සරත් මුත්තෙට්ටුවේගම, පෝල් පෙරේරා අයත් වූහ.

කමිටු වාර්තාව ලැබිණි. ආණ්ඩු පක්ෂයෙන් පත්කළ නියෝජිතයන් කියා සිටියේ අගවිනිසුරුවරයා සිදුකරන ලද කතාව ඔහුගේ තනතුරට සුදුසු නොවන බවයි.
නමුත් එම කමිටුවේ සිටි පක්ෂයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ එම කතාවෙන් අගවිනිසුරු පදවියට කිසිම හානියක් සිදු නොවන බවයි.
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින අතරතුර 1984 ඔක්තෝබර් මාසය එළඹුණේය.
තමා ඔක්තෝබර් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම යන බව නෙවිල් සමරකෝන් සඳහන් කිරීමත් සමගම ආණ්ඩුව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමේ සැලසුම ඉවත් කරගත්තේය.

අගනිවිසුරු ධුරයට ආණ්ඩුවක් විසින් අභියෝග කළ අනෙක් සිදුවීම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව 2013 වසරේදී එවක පැවැති ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවයි.
දිවිනැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව හේතුවෙන් ආණ්ඩුව ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පියවර ගැනීමට තීන්දු කළේය.
පළාත් සභාවලට බෙදාදී තිබෙන බලතල අනුව දිවිනැගුම පනත් කෙටුම්පත හරහා පළාත් සභාවලට යම් අසාධාරණයක් වන නිසා පළාත් සභා නවයෙන්ම මේ සඳහා අනුමැතිය ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබිණි.

නමුත් දකුණු පළාත් සභාවෙන් අනුමැතිය ලබාගත් ආකාරය නීතිය ඉදිරියේ අභියෝගයට ලක්වූ අතර, මෙම දිවිනැගුම පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් රැසක්ම අධිකරණයට ඉදිරිපත් වී තිබිණි.
එම පෙත්සම් විභාගවලින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ දිවිනැගුම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නිසා ජනමත විචාරණයකින් සම්මත කරගත යුතු බවයි.
ඊට අමතරව තවත් ඡේද කීපයකටම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.
මේ සමගම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා 14ක් ගොනුකරමින් එවක පැවැති ආණ්ඩුව කතානායක චමල් රාජපක්ෂට විශ්වාසභංග යෝජනාවක් භාරදුන්නේය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 117 දෙනකු අස්සන් තබා තිබිණි.

විශ්වාසභංග යෝජනාවේ කරුණු විභාග කිරීම සඳහා පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් 11 දෙනකුගෙන් සමන්විත වූ කමිටුවක්ද චමල් රාජපක්ෂ කතානායකවරයා විසින් පත්කරන ලදී.
මෙම කමිටුව වෙත පැමිණි ශිරාණි බණ්ඩාරනායක ඉන් ඉවත්ව ගිය අතර, විපක්ෂයේ නියෝජිතයන්ද කමිටුවෙන් ඉවත් විය.
මෙම පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ කටයුතු සඳහා බලයක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයද තීන්දු ලබාදුන් අතර, එය අධිකරණය හා ආණ්ඩුව අතර ප්‍රබල ගැටුමක් බවටද පත්විය.

ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි විශ්වාසභංග යෝජනාව 2013 වසරේ ජනවාරි 10 සහ 11 යන දිනවලදී පාර්ලිමේන්තුවේ විවාද කොට යෝජනාව සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කළේය.
පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන් 155 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 49 දෙනකු එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
මේ අතර හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ පෙන්වා දෙන්නේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ගෙනැවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව නිෂ්ඵල කටයුත්තක් බවයි.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීම නීති විරෝධී බවත්, එම ධුරයේ කටයුතු කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග නිකුත් කර තිබියදී ඔහු තවදුරටත් පොලිස්පති වශයෙන් කටයුතු නොකරන බවත් විජේදාස රාජපක්ෂ පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවට එවැනි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ හැක්කේ ඒ මොහොතේ ධුරය දරන පුද්ගලයකුට පමණක් බවද හෙතෙම පවසයි.
දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් පොලිස්පතිවරයා නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී එවැනි යෝජනාවක් කතානායක භාරගැනීමද ව්‍යවස්ථා විරෝධී බව විජේදාස රාජපක්ෂ පවසයි.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව හරහා ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කරන බවත් හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.
නෙවිල් සමරකෝන් හිටපු අගවිනිසුරුවරයා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙර විශ්‍රාම ගියේය.

ශිරාණි බණ්ඩාරනායකව, විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කොට අගවිනිසුරු ධුරයෙන් ඉවත් කළේය.
දේශබන්දු තෙන්නකෝන්ට කුමක් සිදුවේද? අප්‍රේල් 08, 09 දිනවල පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාවලිය අනුව එය දැනගත හැකිය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ආයු කාලයෙන් දහයෙන් පංගුවක් ඉවරයි! මාස 6ට මාලිමා ආණඩුව මොකුත්ම කළේ නැද්ද? Sri Lanka Latest News

Next Post

මාරයා මාරයි….! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.