• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාරයා මාරයි….! Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මාරයා මාරයි….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපිය ලියන්න හේතුව වෙන්නේ චන්ද්‍රසේන මාරසිංහ. වෙනදා චන්ද්‍රසේන මාරසිංහ කියන නම තියෙන්නේ ලිපියේ අග පහළ කොනක. ඒත් අද චන්ද්‍රසේන මාරසිංහ කියන නම මේ ලිපියේ මාතෘකාව බවට පත්වුණා. ඒකට හේතුව චන්ද්‍රසේන මාරසිංහ අපෙන් සමුගෙන ගොස් ඇති නිසා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ විශිෂ්ට කාර්යභාරයක් ඉෂ්ට කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ චන්ද්‍රසේන මාරසිංහ මහතා පහුගිය දවසක අපිව අතහැරලා ගියා. ලබන ඉරිදා ඉඳලා චන්ද්‍රසේන මාරසිංහ මහත්තයගේ නම බයි ලයින් එක හැටියට පත්තරේක පළවෙන්නේ නෑ. මාරසිංහ මහත්තයා මියයන්නේ වයස අවුරුදු අසූව සම්පූර්ණ කළායින් පස්සේ. අවුරුදු අසූවක් සම්පූර්ණ වෙලත් කොල්ලා වගේ හිටපු මාරසිංහ මහත්තයා පෑනෙන් හොඳ හොඳ වැඩ පෙන්නපු වැඩකාරයෙක්. රජයෙ ලොකු රස්සාවල් ගානක්ම කරලා කොහෙන් හෝ කැරකිලා ඇවිල්ලා පත්තර රස්සාවට සෙට් වුණු එතුමාගෙ දැනුම හරි විශාලයි. Sri Lanka Latest News

දවසක්දා අපේ කන්‍තෝරුවෙදි ඔහු ඇමතුමක් ගන්නවා අපි අහගෙන. ඔහු ඒ ඇමතුමට සම්බන්ධ වුණු එහා ඉමේ උන්න හාදයට කිව්වෙ මෙහෙම.
‘මම මාරයා කතා කරන්නෙ…’ කියලා. සියුම් උපහාසයක් මුසු භාෂා උච්චාරණයක් එක්ක, හීන් මඳහසක් අරගෙන හෙමින් සැරේ ළඟට ඇවිත් පැය ගානක් හිනාවෙන්න මොකක් හරි කියලා යන්න ඔහු දක්ෂයෙක්. ‘මව්බිම’ පත්තරේ රාජකාරිවලදි අමාත්‍යාංශ අස්සෙ පුස්කාපු මාරසිංහ මහත්තයගෙ දැනුම හොඳට ඔපවැටුණු තැනක් තමයි ‘ජනයුගයෙ’ රේඛාව.

පත්‍තර රස්සාවට අලුතෙන් ආපු අපි වගේ හාදයෙක්ව මුරුංග අත්තෙ තිබ්බම කරෙත් යන්ඩ පුළුවන් කියන සූත්තරේ මාරසිංහ මහත්තයා මාරෙට දැන උන්නා. දවසක් ඇවිල්ලා ඔහු මට අපූරු කතාවක් කිව්වා.

‘මම ලියන්න ද කවි ගැන…’ කියලා. එදා එහෙම පටන් ගත්ත ඔහුගෙ කුණුහරුප කවි ගැන අතීත කයි කතන්දර ඉතිහාසය පුදුම විදියට මිනිස්සු වැලඳගත්තා. ඒවා කියවලා ගෙදර යනකොට පාරෙදිත් හිනා ගියා අපට. මාරසිංහ මහත්තයට එහෙම එකක් කරන්න පුළුවන් වග තුෂාර මහත්යවත් විශ්වාස කළ වගක් මම හිතන්නෙ නෑ.
කොහොම වුණත් ‘මව්රට’ ඇතුළෙ මාරසිංහ මහත්තයා විශාල වැඩ කොටහක් කළා. ඒ අතරෙ ඔහු ලියපු රසවත් ලිපි සිය ගානක් තිබ්බා. විශේෂයෙන්ම අපහාසයක් නොවෙන සේ උපහාසයක් තවරපු අකුරු ගානක් ඔහු අතින් ලියැවුණා. සමහර ප්‍රබල දේශපාලන කාරණා ඔහු දැක්කෙ වෙනස්ම විදියකට. ආගම දහම ගැන වගේම ජ්‍යොතිෂය සහ නාඩි වාක්‍ය වගේ දේවල් ගැන ඔහු සතුව තිබ්බ විශාල දැනුමෙන් අංශුමාත්‍රයක් අපි ඔය ලිපි අස්සෙ කියවන්න ඇත්තෙ.

කොහොම වුණත් ශ්‍රී ලංකාවෙ පත්තර ඉතිහාසය පුරා බිහිවුණු විශිෂ්ටතමයන් එකින් එකා මියයනවා. ඒ අතරට අපේ මාරසිංහ මහත්තයත් එකතු වෙලා. කාලයක් තිස්සෙ හිනැහෙමින් කී සුන්දර කතා සියල්ල නිමා කරලා ඔහු සමුගෙන ගිහිල්ලා.

‘දැන් පත්තරකාරයො නෑ…’ කියලා කියන එක ටිකෙන් ටික ඇත්තක් වේවි. පත්තර කන්තෝරුවල රස කතා කියපු මිනිස්සු ආයෙ කවදාවත්ම පත්තර කන්තෝරු නොඑන දවසක් ඒවි.
අපිව හැබෑ පත්තරකාරයො විදියට ගොඩ නගන්න විවිධ මට්ටමෙන් සහාය දුන්න ජ්‍යෙෂ්ඨයො නැතිව ගියාම පත්තර කලාවෙ රසවත්කමත් ටිකෙන් ටික අතුරුදන් වේවි. ඒ නිසා චන්ද්‍රසේන මාරසිංහ ආදරණීය ජ්‍යෙෂ්ඨයාටත් අපිට අකැමැත්තෙන් වුණත් සමුදෙන්න වෙනවා.

ලංකාවෙ සරසවිවල මාධ්‍යවේදය ඉගෙන ගනිමින් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට මාරසිංහ මහත්තයලගෙ කතාව උගන්වන්න ඕනෙ. මේ මාධ්‍යවේදියා කියන වචනයට වඩා පත්තරකාරයෙක් කියන වචනය කොයි තරම් ලස්සන ද කියලා එදාට තේරෙයි. කතාසරිත් සාගරයක් වුණු චන්ද්‍රසේන මාරසිංහ මහත්තයා නැති හිස්තැන ‘මව්රට’ අපිට හැදාම දැනේවි. ඒ මෙදා අවුරුදු කෑම මේසෙට මුණගැහෙන අපේ අය අතර ඒ මූණ නැතිකම අපිට ලොකුවට දැනේවි. ආයෙත් පත්තර පිටු අතරට උපහාසය මුසු නොවේවි. පරණ කතා අලුත් තාලෙට ලියන්න කෙනෙක් හොයාගන්න අමාරු වේවි. විශේෂයෙන්ම නාඩිවාක්‍ය වගේ අපූරු කතා ඔහුත් එක්කම මැකී යාවි. කුණුහරුප කවි අස්සෙ තියෙන කිසිදා කතා නොකළ සාහිත්‍යයක් ඔහු එක්කම මිහිදන් වේවි.

ඒත් චන්ද්‍රසේන මාරසිංහ කියන නම ශ්‍රී ලාංකේය පුවත්පත් ඉතිහාසයෙ සදාකාලිකව නොමැකෙන සලකුණක්ව ඉතිරි වේවි.

ඔහු හැන කියැවෙන තැන්වල කිව්වේ
‘මාරයා මාරයි…’ කියලා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නෙවිල් ගියා! ශිරාණි යැව්වා! දේශබන්දු? Sri Lanka Latest News

Next Post

‘දේශපාලන ගේමක්’ කණපිට පෙරළපු නියෝජ්‍ය පොලිස්පති! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.