• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරු අල්ලපියෝ… හොරු අල්ලපියෝ…! හිටපු අගමැති අත්අඩංගුවට ගත්තා! ඇමැතිවරුන් අත්අඩංගුවට ගත්තා! හිටපු අගමැතිවරු 3කට නඩු දැම්මා! කැබිනට් ඇමැතිවරුන්ට නඩු දැම්මා! ව්‍යාපාරිකයන් ගැන හොයන්න ගත්තා! නේපාලයේ අලුත් අගමැති සතියෙන් වැඩ පටන් ගත්තා! Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
හොරු අල්ලපියෝ… හොරු අල්ලපියෝ…! හිටපු අගමැති අත්අඩංගුවට ගත්තා! ඇමැතිවරුන් අත්අඩංගුවට ගත්තා! හිටපු අගමැතිවරු 3කට නඩු දැම්මා! කැබිනට් ඇමැතිවරුන්ට නඩු දැම්මා! ව්‍යාපාරිකයන් ගැන හොයන්න ගත්තා! නේපාලයේ අලුත් අගමැති සතියෙන් වැඩ පටන් ගත්තා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ අපූරු මිනිසා තමන්ගේ රටේ ‘රජ පුටුවේ’ වාඩිගන්නටත් පෙර සිටම ගීත ගියනා කළේය. වසර ගණනාවක කාලයක් පුරා ඔහුගේ ජීවිතය වූයේ සංගීතය බව රහසක් නොවීය. කෙසේ හෝ මෙහිදී හෙළිවන අපූරු කතාව නම් ඔහු ‘රජ පුටුවේ’ වාඩිවී පැය කිහිපයක් යන්නට මත්තෙන්ද ගීත ගායනා කිරීමය. ඔහුගේ ගීත ගායනය නම් සාමාන්‍ය සංගීතයක් නොවීය. ලෝකයේ බොහෝ පසුකාලීනව, එනම් වසර 45ක් වැනි කෙටි කාලයකදී නිර්මාණය වුණු රැප් සංගීතය මොහුගේ ජීවිතයේ එක් කොටසක් විය. යම් රටක රජ පුටුවේ වාඩිවෙන්නට තරම් වාසනාව හිමිවූ මෙම මිනිසා එහි වාඩිගෙන රැප් සංගීතයෙන් ගායනය කළේ කුමන ගීතයක්ද?

‘මගේ ආදරණීය නොබෙදුණු නේපාලි එන්න මා වෙතට. මම හැමදාම ඔබ සමගයි. මේක ඔබේ රටයි. මගේ රටයි මිතුරනේ. අපි අපේ රටේ ඉතිහාසයට තවත් අලුත් ඉතිහාසයක් එකතු කරනවා. දූෂණයට වංචාවට අපේ රටේ අනාගතයේ ඉඩක් නැහැ මිතුරනේ…’

කුමක්ද මෙලෙස ඇසෙන අපූරු කතන්දරය? ලෝකයේ කුමන දේශයක සිට මෙම කතාව අපට ඇසුණේද? මෙයට දින කීපයකට ඉහතදී මෙම කතාව අපට ඇසුණේ අප රටට යාබද අසියාතික රාජ්‍යයක් වන නේපාලයෙනි. ලෝක දේශපාලනය හරහා ඇසුණු මෙම වතගොත සැබෑ ලෙසම අපූරු දුර්ලභ එකකි. නේපාලයේ ‘රජ පුටුව’ ලෙසින් මෙහිදී අර්ථවත් කෙරුණේ එරට රාජ්‍ය පාලනයෙහි ඉහළම තනතුර වන එරට අගමැති ධුරයයි. සියවස් ගණනාවක් පුරා නේපාලයේ රජ පවුලක් පැවැතියද, එම රාජ්‍ය සම්ප්‍රදාය 2008 දී නේපාලය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වීමෙන් පසුව බිඳවැටුණේය. ඉන් පසු එරට ජනතාවාදී රජයන් මැතිවරණ හරහා බලයට පත්වුණේය. එසේ වුවද පසුගිය කාලයේ නේපාලයේ පැවැති රාජ්‍ය පාලනයට එරෙහිව තරුණ ජන උද්ඝෝෂණද පැනනැංගේය. එවැනි වටපිටාවක් තිබියදී දැන් එසේනම් නූතන නේපාලයෙන් ඇසෙන මෙම අලුත්ම කතාව කුමක්ද? පසුගියදා එරට අගමැති පුටුවේ කිරුළ දැරීමට තරම් වාසනාවන්ත වූ මිනිසා කවරෙක්ද? ඔහු නමින් බාලේන්ද්‍ර ෂා (Balendra Shah) වන අතර, ඔහු එරට ජනතාව අතර ප්‍රකටව සිටින්නේ රැප් සංගීත ගායකයකු ලෙසය. එසේ වුවද ඔහු පසුගිය 2025 සැප්තැම්බර්හිදී නේපාලය පුරා පැවැති Gen Z තරුණ ජන අරගලයට නායකත්වය දුන් පුද්ගලයකු විය. එම අරගලයෙන් එරට පැවැති පාලන බලය පෙරළුණු අතර, පසුව මහ මැතිවරණයක් හරහා නව පාලන බලයක් එරට ස්ථාපිත විය. එම පෙරළියේ නියමුවා ලෙස සැලකුණේ ඉහත බාලේන්ද්‍ර ෂා වන අතර, ඔහු පසුගියදා නේපාලයේ පැවැති මහ මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් එරට නව අගමැතිවරයා ලෙසට පත්විය. දැනට 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා නේපාලයේ ඉතිහාසයේ මෙතෙක් අගමැති ධුරය දැරූ ළාබාලතම දේශපාලකයා ලෙස සැලකෙයි.

දැන් ඔබ මෙම කතාවේ යම්කිසි වටපිටාවක් අවබෝධ කරගෙන ඇත්තෙහිය. මෙලෙස නේපාලයේ නව අගමැති ධුරයට පත්වූ රැප් ගායකයා එම පුටුවේ වාඩිවී තවද සති දෙකක්වත් ගතවී නැත. එහෙත් මේ වනවිට නේපාලය පුරා මහත් ආන්දෝලනාත්මක වටපිටාවක් උද්ගතව ඇත. අගමැති ධුරයේ දිවුරුම් දීමට ප්‍රථම හරියටම දිනකට පෙරදී ‘ජේ මහාකාලී’ (Jay Mahakaali) නමැති තමාගේම නව රැප් ගීතය ගායනා කරමින් නේපාලයේ අගමැති වූ මිනිසා ගැන අද අසන්නට ලැබුණු අලුත්ම කතාන්දරය කුමක්ද? අද ඔහු එරට පාලන බලයේ සිටි දූෂිත දේශපාලනික නායකයන්ට එරෙහිව දැඩි ක්‍රියාවලියක් ආරම්භ කර ඇත. 2025 වසර අගදී තමන් නායකත්වය දුන් ජන අරගලයේදී සහ ඉන් පසුව පැවැති මහ මැතිවරණයේදීද තමන් ජනතාව වෙත ලබාදුන් පොරොන්දු ඉටුකිරීම ඔහු දැන් අරඹා ඇත. මේ අනුව ඔහුගේ අගමැති ධුරයේ උපරිම බලතල භාවිත කරමින් එරට වංචනික හා දූෂිත පාලන රටාවන්ට එරෙහිව දැඩි සටනක් ආරම්භ කර ඇත. එහිදී ඔහු එරට දේශපාලනික ඥාති සංග්‍රහය සහ ප්‍රභූ සංග්‍රහයට එරෙහි වූයේය.

මෙලෙස නේපාලයේ ඉතිහාසයේ වාර්තාවක් තබමින් බලයට පත්වූ ළාබාලතම අගමැතිවරයා වූ බාලේන්ද්‍ර ෂා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති දූෂණ මර්දන ක්‍රියාවලිය යටතේ මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත.

● නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට ගැනීම. ඔහුත් සමග හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය රමේෂ් ලේඛක්ද අත්අඩංගුවට ගැනීම. මොවුන්ට එරෙහිව ප්‍රබල චෝදනාවක් වූයේ පසුගිය 2025 ජන අරගලයේදී පුද්ගල ඝාතන 77ක් සිදුකිරීමට රාජ්‍ය අණ විධාන ලබාදීමය. මොවුන් මේ වනවිටත් රැඳවුම් භාරයේ පසුවන අතර, ඔවුන්ට එරෙහිව නඩු පැවරෙනු ඇත. එහිදී වැරැදිකරුවන් වුවහොත් වසර 10 දක්වා සිර දඬුවම් නියම කෙරෙනු ඇත.
● නේපාලයේ තවත් හිටපු අගමැතිවරුන් තිදෙනකුටද එරෙහිව මූල්‍ය විශුද්ධිකරණයට එරෙහිව පරීක්ෂණ පවත්වා නඩු පැවරීම. එම කටයුතු ආරම්භ වී ඇත.
● පසුගිය රජයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් ගණනාවකට එරෙහිව තිබුණු දූෂණ හා වංචා නඩු නැවත විභාගයට ගැනීම ආරම්භ කර ඇත. මේ අතර මෙම දේශපාලකයන් හා දූෂිත ක්‍රියාවලට සම්බන්ධ වූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ගැනද පරීක්ෂණ පැවැත්වීම.
● රාජ්‍ය විරෝධී ක්‍රියාවලට අනුබල දුන් විවිධ රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම.
දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. නේපාලයේ නව තරුණ අගමැති බාලේන්ද්‍ර ෂා තමන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරමින් සිටියි. එහි අපූරුම වතගොත නම් තමන් බලයට පත්වී සතියක් යන්නට මත්තෙන්ම හිටපු අගමැති දැනට 76 වැනි වියේ පසුවන ෂර්මා ඕලි පවා අත්අඩංගුවට ගැනීමය. මෙය සැබැවින්ම ලෝකයම මහත් ආන්දෝලනයට පත්කළ පුවතක් විය. දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටින්නේ තරුණ නේපාල අගමැතිවරයා දැඩි මර්දන ක්‍රියාවලියක් අරඹා ඇති බවයි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉන්දියානු ගීත කෝකිලාව ආශා බෝස්ලේ දිවි සැරිය නිමා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

බැඳලා අවුරුදු 2යි! උපන්දිනයට දවස් 4යි! හඳගමගේ ඉනිඅවන් චිත්‍රපටයේ නිළි ශාස්වි සැමියා එක්ක වීඩියෝ කෝල් එකක සිටියදීම සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.