• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැඳලා අවුරුදු 2යි! උපන්දිනයට දවස් 4යි! හඳගමගේ ඉනිඅවන් චිත්‍රපටයේ නිළි ශාස්වි සැමියා එක්ක වීඩියෝ කෝල් එකක සිටියදීම සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News

April 12, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
බැඳලා අවුරුදු 2යි! උපන්දිනයට දවස් 4යි! හඳගමගේ ඉනිඅවන් චිත්‍රපටයේ නිළි ශාස්වි සැමියා එක්ක වීඩියෝ කෝල් එකක සිටියදීම සියදිවි නසාගත්තේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අද සමාජය තුළ අපි දකින හිනාවන් හැමෝම සතුටෙන් පිරුණු හිනාවන් නොවේ. ඒවා බොහෝ විට හදවත තුළ සැඟවුණු වේදනාවන්ට පසුබැස ඇති ආවරණයක් පමණයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දකුණු ඉන්දියානු සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියට පත්වූ රංගන ශිල්පිනියක් වූ සුභාෂිණී බාලසුබ්‍රමනියම් හෙවත් ශස්වි බාලාගේ වෙන්වීම එවැනිම හද කම්පාකරවන සත්‍යයක් බව අපට නැවත සිහිපත් කරයි.Sri Lanka Latest News

ඇගේ වෙන්ව යෑමේ පුවත බොහෝ දෙනකුගේ හදවත කම්පනයට පත්කරනු ලැබුවා. ඒ පසුගිය අප්‍රේල් 06 වැනිදා පවුල් ආරවුලක් හේතුවෙන් ඉතා අවාසනාවන්ත ලෙස චෙන්නායිහි අයියප්පන්තන්ගල්හි පිහිටි තම නිවසේදි සියදිවි නසාගෙන ඇති බවටයි ‘ඉන්දියා ටුඩේ’ මාධ්‍ය සහ ඉන්දීය පොලිසිය කරුණු අනාවරණ කර තිබුණේ. ඇගේ සියදිවි නසාගැනීම සැලවූ වහාම ඉන්දියා පෝරූර් ප්‍රදේශයේ පොලිසිය ඇගේ මහල් නිවෙසට ගොස් දේහය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකළ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඒ, ඇගේ සැමියා මහල් නිවෙසේ ආරක්ෂක නිලධාරීන්ට කළ දැනුම් දීමක් අනුවය.

සුභාෂිණී බාලසුබ්‍රමනියම් 36 හැවිරිදි වියේ පසුවුණා. නිළියක් වීමේ හීනය සැබෑ කරගැනීමටයි ඇය ලංකාවෙන් ඉන්දියාවට ගියේ. එවිට තමයි සුභාෂිණී බාලසුබ්‍රමනියම් ‘ශෂ්වි බාලා’ වෙන්නේ. අද වනවිට එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු සිනමාවේ ඇය ප්‍රසිද්ධියට පත්ව සිටියා.

සුභාෂිණීගේ සියදිවි නසාගැනීම ඇයගේ උපන්දිනයට දින 06ක් තිබියදී සිදුව තිබුණු අතර, ඇය උපත ලබා තිබුණේ කොළඹදීයි. කොළඹ යහපත් එf`ඩ්රාගේ කන්‍යාරාමයෙන් සහ ශාන්ත අන්තෝනි බාලිකාවෙන් අධ්‍යාපනය ලැබූ ඇය උසස් අධ්‍යාපනය සඳහා සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව තිබුණා. ඇගේ පියා ලාංකිකයෙක් වූ අතර, මවගේ මවුපියන් ඉන්දීය ජාතිකයන් වුණා.

ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වසර කිහිපයකට පෙර සේවය කර තිබුණේ නේත්‍රා ටීවී නාලිකාවේ නිවේදිකාවක් ලෙසයි. ඊට අමතරව දමිළ හඬකැවීම් ශිල්පිනියක් ලෙසද ප්‍රකට වුණු ඇය විවාහ දිවියට පත්වන්නේ 2024 වර්ෂයේ අප්‍රේල් මාසයේදීයි. ඇය මියයන්න මොහොතකට පෙර සැමියා වන බිබින් චන්ද්‍ර සමග වීඩියෝ දුරකතන ඇමතුමක යෙදී ඇති අතර, එහිදී ඔවුන් අතර දැඩි මතගැටුමක් හටගෙන මේ විනාශය කරගන්නට ඇතැයි පොලිසිය සැක පළකර තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් තිබෙන සුභාෂිණී දමිළ සිනමාවේ සහ ටෙලිනාට්‍ය කලාවේ අනන්‍යතාවක් ගොඩනගාගත් නිළියක් වුණා.
අපේ ජීවිතවල ගොඩාක් හීන තියෙනවා. ශස්වි බාලාගේත් ඒ වගේ හීන තිබුණා. ඇය පුවත්පත් සාකච්ඡාවකදී මෙලෙස අදහස් දක්වා තිබුණා.
‘මට වගකීම් ගොඩාක් තියෙනවා. මගේ අම්මා තාත්තා ගැන බලන්න වගේම මට ඉන්න තැනක් හදාගන්න. මම මේ ක්ෂේත්‍රයට ඇවත් අවුරුදු 10ක් වෙනවා.මේ වෙනකොට මම මගේ පවුලේ අයව හොඳ තැනකට ගෙනාවා. ඒක තමයි මගේ ලොකුම ඉලක්කය වෙලා තිබුණේ. ඒ හැරෙන්න මම කලාව පැත්තෙන් උපරිම කැපවීම් කරනවා. සම්මාන ගන්න තමයි මට ලොකුම ආසාවක් තියෙන්නේ…’

ඇය සතුටින් සිටින බව අනෙක් අයට පෙන්නුවත් ඒ ජීවිතය ඇතුළේ දැවෙන ප්‍රශ්න තියෙන්නට ඇති. ඇය ජීවිතය හානි කරගන්නේ අප්‍රේල් 06 වැනිදා. ඒත් ඇය ඇගේ මුහුණු පොතට වීඩියෝවක් එක්කරන්නේ සතුටෙන් ජීවිතය ගතකරන බව පවසමිනි.

‘මෑතකාලීන ජීවිතය’ යන මාතෘකාව යටතේ ඇය අප්‍රේල් 04 වැනි සෙනසුරාදා ඉන්ස්ටග්‍රෑම් සහ මුහුණු පොතේ බෙදාගත් කෙටි වීඩියෝවේ, ඛේදජනක සිදුවීමට දිනකට පෙර, ඇය විවෘත වනාන්තරයක හුදකලා මාවතක ඇවිද යන ආකාරය ඇතුළත් විය. සුවපහසු ඇඳුම් සහ කළු පැහැති අව් කණ්ණාඩි පැලඳ සිටි ඇය, එම වීඩියෝව පටිගත කරන විට සතුටෙහි ගිලී සිටිනු දක්නට ලැබිණි.

ඉන්පසු ඇය නවාතැන්ගත් හෝටලයක යම් කාලයක් ගතකරන අතර, එහිදී ඇය ඉදිරියෙන් ඇති විශාල හරිත කඳුකරයේ දර්ශනීය සුන්දරත්වය භුක්ති විඳියි. වීඩියෝව ටියුන්ස් ඔෆ් ද වර්ල්ඩ් හි ‘මොහොත භුක්ති විඳින්න, සැමවිටම සිනාසෙන්න’ ගීතය සමග සමාජ මාධ්‍යයේ හුවමාරු කරගෙන තිබුණේ ජීවිතය විඳින බව හැඟවීමටයි. ඒත් ජීවිතය අනපේක්ෂිත බව ඒ වීඩියෝව දකින කිසිවකු සිතන්නේ නැත.

ඇය කොතරම් සතුටින් සිටියාද? මේ ගැන සමාජ මාධ්‍යයේ බොහෝ අය අදහස් දක්වා තිබුණා. මේ අතර, ඉන්ස්ටග්‍රෑම්කරුවකු අදහස් දැක්වීමේ කොටසේ මෙසේ ලිවීය, ‘ලෝකය අප දෙන ආලෝකය දකී, නමුත් අප උසුලන බර දන්නේ තරු පමණි. ගමනේ අවසානය කිසිදා මැකී නොයන සාමයක ආරම්භය වේවා….’

සමාජ මාධ්‍ය තුළ ඇය නිතරම සතුටින් සිටින බව ඇය ගැන සොයාබලන්නන්ට දැකගන්නට ලැබුණා. ඇය නිතර තම සැමියා සමග සතුටෙන් සිට ගත් ඡායාරූප තම ප්‍රෙක්ෂකයන් සමග බෙදාගනු ලැබීම මේ සිදුවීමත් සමග දැඩි කතාබහට ලක්ව තිබුණා. නමුත් ඒ සතුට පිටුපස සැඟව තිබූ වේදනාව කවුරුත් නොදකින්නට ඇති.

ඇය සිංහල සිනමාවට පිවිසෙන්නේ අශෝක හඳගමගේ මහතාගේ ‘ඉති අවන්’ චිත්‍රපටය තුළිනි. දකුණු ඉන්දියානු ටෙලි තිරයේ විකාශය වූ ‘කායල්’ ටෙලිනාට්‍යය හරහා ඇය බෙහෙවින් ජනප්‍රියත්වයට පත්ව තිබුණේ ඇය රඟපෑ දුෂ්ට චරිතය ප්‍රේක්ෂකයන් බොහොමයකගේ ආකර්ෂණයට පාත්‍රවීම නිසයි. ඒ වගේම එල්ලම් මේලා, ඉරුකුරවන්, පාතුප්පන් යන චිත්‍රපට හරහාද ඇය ජනප්‍රියත්වයට පත්ව තිබුණා.

ඇගේ කලා ගමන වගේම නෙරංජලී ශම්මුගරාජාගේ කලා ගමන එකටම ආරම්භවී තිබුණා. සුභාෂිණීට මේ අවස්ථාව හිමිව තිබුණේ ‘යා ටීවී’ වැඩසටහනකට පැමිණ සිටියදීයි. ඇය ඒ සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණේ මෙලෙසයි.

‘යා ටීවී’ එකේ මගේ මිතුරෙක් තමයි මට මේ ගැන මුලින්ම කිව්වේ. ඇත්තටම නෙරංජලී මෙහේ රඟපාන බව දැනගත්තේ පස්සේ. මම ඊට කලින් නෙරංජලීව දන්නවා. යා ටීවී එකේ සම්මුඛ පරීක්ෂණයකට අපි දෙන්නම සහභාගි වුණේ එකම දවසකදි…’

ප්‍රවීණ නිළි නෙරංජලී ශම්මුගරාජාද තම මිතුරියගේ වෙන්වයාම ගැන පවසා තිබුණේ මෙවැන්නකි.
‘ඇය මියගිහින් තියෙන්නේ වීඩියෝ කෝල් එකක ඉන්න ගමන්. අපි දෙන්නම ඇරඹූ සිනමා ගමන නතර කරන්න ඇය තීරණය කරලා…’
ඇගේ මේ අකල් වෙන්වීම ලංකාවේ වගේම ඉන්දියාවේත් මහත් ආන්දෝලනයක් ඇති කළා කිව්වොත් හරි. සුභාෂිණී බාලසුබ්‍රමනියම් දැඩි කතාබහට ලක්වුණේ සන් ටීවී තුළින් විකාශය වූ ‘කායල්’ ටෙලිනාට්‍ය මාලාවෙන්.

‘ඇගේ දෙවැනි විවාහ සංවත්සරය අප්‍රේල් 21 වැනිදාට යෙදී තියෙනවා. අපි රංගන ජීවිතය එකට ආරම්භ කළා. ඒත් අද වෙනකොට සුභාෂිණී සහ දර්ශන් ධර්මරාජ් දෙන්නාම නැහැ. ඉන්දියාවේ තරුවක් වෙන්න ඇය හීන මැව්වා. ඒ වෙනුවෙන් ජීවිතයම කැපකළා. බැංගලෝර්වල නව ජීවිතයක්, විවාහය, ටෙලිසීරීස්, ෆිල්ම් මේ හැම හීනයක්ම සැබෑ කරගන්න ඒ ළඟටම ගියා. ඒත් ඇය අතහැරියා ජීවිතේ. මානසික නිදහස නැත්නම් රජකම ලැබුණත් වැඩක් නැහැ…’ යනුවෙන් නෙරංජලී ශම්මුගරාජා අවසාන වශයෙන් පවසා සිටියා. ඇය පවසන වචනවල තියෙන්නේ තම මිතුරියගේ වෙන්වීමේ වේදනාව අනෙක් අයටද පාඩමක් ගෙනදෙන ලබන බවයි.

ඇගේ වෙන්ව යාමෙන් කම්පනයට පත් ප්‍රවීණ දමිළ සිනමා අධ්‍යක්ෂ තිනේෂ් කනගරාජ් සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙවැනි සටහනකි.
‘මම ශාෂ්වි බාලාව අවුරුදු 14කට ආසන්න කාලයක් තිස්සේ හොඳින් හඳුනනවා. ඇය සුවිශේෂ නිළියක්. කැපීපෙනෙන කතිකාවක් සහිත දක්ෂ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. මට තවදුරටත් කියන්න පුළුවන් ඇය කැපීපෙනෙන පෞරුෂයක් සහ ධෛර්යයක් ඇති කාන්තාවක්. අද ඇය තවදුරටත් අප අතර නැහැ. ශ්‍රී ලංකා සිනමාවට සිදුවූ මෙම පාඩුව ඉතා බලවත් එකක් ලෙස මම සලකමි. ඇය දෙමළ භාෂාවේ පමණක් නොව සිංහල චිත්‍රපටවලද ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියක්. ඇගේ අභාවය පිළිබඳ පුවත ඇසූ මොහොතේ මම කම්පනයට පත්වුණා. ඇය ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගොස් ඇගේ කුසලතා තුළින් අවධානයට ලක්වන මට්ටමකට නැගී සිටියා. එවැනි දක්ෂ නිළියක් අද අප සමග නොමැති බව සිතාගත නොහැකිය….’

ඔබගේ හිස්තැන මකාගන්න බැරි අඩුවක් වනු නොඅනුමානය. අකාලයේ නිවීගිය සොඳුරු තරුව පැතූ ලෝකය දාලා ඔබ ගිහින්. මේ නිසා අපි ජීවිතය අගය කරමු. හිත ගැන හිතමු. කෙනෙක් හිනාවෙලා ඉන්නා විට ඔහු හෝ ඇය සතුටින් කියලා හිතන්න එපා. අපි හැමෝම හීන පස්සේ දුවනවා. සාර්ථකත්වය කීර්තිය මුදල්… ඒත් අපේ හිත හොඳින්ද කියලා බලනවද?

ජීවිතය කියන්නේ අපි හිතන තරම් සරල ගමනක් නොවේ. තමන්ගේ ආදරණීයයන්ට දැනෙන්න ආදරය කරන්න. එය හිනාවක් කඳුළු හීන හා නොකියූ වේදනාවන් එකට ගැළපුණු නිහඬ කතාවක්. සුභාෂිණී අප අතරින් ගියත් ඇය අපට ඉතිරි කරලා ගියේ අමතක නොවන සත්‍යයක්. කෙනකුගේ මුහුණේ පෙනෙන හිනාවට වඩා ඔහුගේ හෝ ඇයගේ හිත ඇතුළේ ඇති සන්සුන් බව වැදගත් බව. ඒ නිසා අපි ජීවිතය අගය කරමු. අපේ හිත ගැන හිතමු. අපේ ළඟ ඉන්න අයගෙන් ‘ඔයා හොඳින්ද’ කියලා අහන්න අමතක නොකරමු. සමහර විට ඒ එක වචනයකින් කෙනකුගේ ජීවිතය බේරගන්න පුළුවන් වේවි.

සුභාෂිණී බාලසුබ්‍රමනියම්ගේ දේහය පසුගිය 08 වැනිදා මෙරටට රැගෙන එනු ලැබුවා. දේහය මහජන ගෞරවය සඳහා නො. 34/3 ඒ, ඉඳිවිටිය පාර, හෙට්ටිගම, ජාඇල දරන ලිපිනයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු සිදුකරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇත.

මානසික පීඩනයක් ආතතියක් හෝ තනිකමක් දැනෙනවා නම් උදව් ලබාගන්න මේ දුරකතන අංකවලට කතා කරන්න.
1333, 112 692 909 (Senasuma Online Counseling)

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

හොරු අල්ලපියෝ… හොරු අල්ලපියෝ…! හිටපු අගමැති අත්අඩංගුවට ගත්තා! ඇමැතිවරුන් අත්අඩංගුවට ගත්තා! හිටපු අගමැතිවරු 3කට නඩු දැම්මා! කැබිනට් ඇමැතිවරුන්ට නඩු දැම්මා! ව්‍යාපාරිකයන් ගැන හොයන්න ගත්තා! නේපාලයේ අලුත් අගමැති සතියෙන් වැඩ පටන් ගත්තා! Sri Lanka Latest News

Next Post

මේ යන විදිහට ජනතාවට ජීවත් වෙන්න බෑ! වහාම විදුලි බිල-බඩු මිල-ඉන්ධන හා ගෑස් මිල-ඖෂධ හා පොහොර මිල අඩු කරන්න! සජිත් හම්බන්තොට විහාරස්ථාන රැසකම අඩුපාඩු සොයා බලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News
Exclusive

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

Load More
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර ප්‍රදේශය...

Read more
සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.