බුද්ධා බෝයි ලෙස ලොව ප්රකට වූ නේපාලයේ රාම් බහදූර් බොම්ජන් ලිංගික අපයෝජන චෝදනා මත එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
කත්මණ්ඩු අගනුවරට දකුණින් පිහිටි බාරා දිස්ත්රික්කයේ ඔහුගේ ආශ්රමයේ සිටි බාල දැරියක ලිංගික අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2020 දී ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබුණු නමුත් වසර 04 පුරා ඔහු පොලිසියෙන් සැඟවී සිටියේය.
එසේම තම ආශ්රමයේ සිටින පුද්ගලයන්ට පහරදීම මෙන්ම සිව්දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ද මොහුට චෝදනා එල්ල වී තිබේ.
ලැබුණු තොරතුරක් මත ක්රියාත්මක වූ නේපාල පොලිසිය මෙම 34 හැවිරිදි පුද්ගලයා කත්මන්ඩු නගරයට ආසන්න ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ද ඔහු පලායෑමට උත්සාහ ගෙන තිබේ. ඔහුගේ නිවසේ තිබී ජංගම දුරකථන දුසිමකට වැඩි ප්රමාණයක්, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් පරිගණක පහක් සහ ඩොලර් ලක්ෂ දෙකකට අධික විදේශ මුදල් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කර තිබේ.










