දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත්ව තිබෙනවා.Sri Lanka Latest News
එහිදී අද (20) පස්වරුවේ තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ එම යාත්‍රාව තුල තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් පමණ සොයාගැනීමට සමත්ව ඇති අතර, පාර්සල් 18ක් තුල මෙම මත්ද්‍රව්‍ය ඇසුරුම් කර තිබුණා.
එමෙන්ම මෙම යාත්‍රාව තුල තිබී ගිනිඅවි 02ක්ද ආරක්ෂක අංශ භාරයට ගනු ලැබුවා.
මෙම මත්ද්‍රව්‍ය තොගය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන උණාකූරුවේ ශාන්ත නැමැත්තාට අයත් බවටයි පොලිසිය සැක කරන්නේ.
බහුදින ධීවර යාත්‍රාවක මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටින බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදුකර තිබුණා.










