‘අපි මෙම ‘තුරු කැපකරු’ පරිසර වෘක්ෂ රෝපණ වැඩසටහන පටන් ගත්තේ මෙරට දරුවන් වෙනුවෙන්මයි. දරුවකු විසින් හදාගන්නා කුඩා පැළය විශාල ගසක් දක්වා ආදරයෙන් රැකබලා ගන්නා දරු පරපුරක් බිහිකිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන පරමාර්ථයයි. මේ සඳහා මෙරට දරු පරපුර දසදහස් ගණනින් අප සහභාගි කරගන්නවා. අද දරුවන් බොහෝ විෂමාචාර ක්‍රියාවලට පෙලඹෙන කාලයකට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය ඉතා ශෝචනීයයි. මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ නූතන තාක්ෂණය සමගයි. ජංගම දුරකතනය හා පරිගණකය වැනි උපකරණ සමග එම දරුවන්ට තිබෙන සබඳතාව ඉතා වැඩිවෙලා තියෙනවා. මේ නිසාම ඔවුන් එම නවීන තාක්ෂණය හරහා ලබාගන්නා යහපතට වඩා අයහපත කරා වැඩියෙන් යොමුවී තිබෙනවා. සමහර මවුපියන් පවා තමන්ගේ නිදහස තකා දරුවන් එවැනි ක්‍රියාවලීන්ට යොමුවී තිබෙන විට ඒ ගැන සොයා බලන්නේ නැහැ. මේ තත්ත්වය මවුපියන් දරුවන්ට සිදුකරන මහා විනාශයක්. අදටත් මේ සමාජයේ දරුවන් දහස් ගණනින් ඉන්නවා දිනෙන් දින මේ මහා ව්‍යසනය කරා ළඟාවෙමින් සිටින…’ Sri Lanka Latest News
කුමක්ද මෙලෙස ඇසෙන හරවත් කතාන්දරය? පරිසරයට හා දරු පරපුරට අදාළව ඇසෙන මෙම වදන් කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට ඉහතදී මෙම වතගොත කියා සිටියේ එක්තරා සුවිශේෂ පුද්ගලයකු විසිනි. මොහු නම් කැපිටල් මහාරාජ සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර මහතාය. (S.C. Weerasekara, Group Director and Chief Operating Officer, Capital Maharaja Group – CMG). ඔහු මෙම අතිශය හරවත් කතාන්දරය කියා සිටින්නේ මෙරට සිදුකෙරෙන එක්තරා සුවිශේෂ පරිසර ව්‍යාපෘතියකට අදාළවයි. එය නම් ඉහත කැපිටල් මහාරාජා සමූහයේ ප්‍රධාන දායකත්වයෙන් සිදුකරනු ලබන ‘තුරු කැපකරු’ පරිසර වෘක්ෂ රෝපණ වැඩපිළිවෙළයි. දිවයින පුරා පාසල් සහ එහි දරුවන් ආශ්‍රිතව සිදුකෙරෙන මෙම ව්‍යාපෘතියට ප්‍රධානතම සහභාගිත්වය දක්වන්නේ CMG සමාගම යටතේ තිබෙන එස්-ලෝන් (S-Lon) ආයතනයයි. මෙරට ජලනළ ක්ෂේත්‍රයට අදාළව දශක ගණනාවක සාඩම්බර ඉතිහාසයක් එම සමාගම සතුය. ජලයත්, පරිසරයත් යනු දෙකක් නොව එකකි. මෙලෙස (S-Lon) සමාගම සමග CMG සමූහය යටතේ තිබෙන තවත් ප්‍රධාන ආයතන දෙකක් වන කෙවිල්ටන් (Kevilton) විදුලි උපකරණ සමාගම සහ සිරස මාධ්‍ය ජාලය (Sirasa Media Network) මෙම මහා ජාතික මෙහෙවරට එක්ව සිටියි. දැනට වසර කිහිපයක සිට සිදුකෙරෙන මෙම කර්තව්‍යයට පෙරගමන්කරුවා ලෙස කටයුතු කරන්නේ ඉහත ලියා තැබූ එස්.සී. වීරසේකර මහතාය. තමන්ගේ සහෝදර සේවක පිරිස් සමග දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙමින් අතිමහත් ව්‍යාපෘති සාර්ථකත්වයට පත්වී තිබෙයි.
‘තුරු කැපකරු’ මහා ජාතික මෙහෙවර ගැන එහි පෙරගමන්කරු එස්.සී. වීරසේකර මහතා තවදුරටත් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.
‘අද මම හොඳටම හඳුනන පවුල්වල සමහර තරුණ ළමයි ඉන්නවා පාසල් ගිහින් ගෙදර ඇවිල්ලා පැය 5ක් පමණ කාලයක් පුරා ජංගම දුරකතනයේ හෝ පරිගණකයේ කටයුතුවල ගතකරන අය. මේ දරුවෝ බොහොමයක් එම නවීන තාක්ෂණය හරහා සිදුකරන අධ්‍යාපන කටයුතුවලට වඩා වෙනත් නිෂ්ඵල ක්‍රියාවල නිරත වී සිටිනවා. ප්‍රධාන වශයෙන් සිදුකරන්නේ ඉතා හානිකර, ත්‍රාසජනක පරිගණක ක්‍රීඩාවල නිරත වීමයි. ඒ අතරේ වෙනත් නවීනතම අන්තර්ජාල අඩවිවල තිබෙන නිෂ්ඵල, කිසිදු බුද්ධිමත්භාවයකින් තොරව ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ නරඹනවා. මේවායින් ඔවුන්ට ඇතිවන කිසිදු සෙතක් නැහැ. අද සමහර මවුපියන් හිතනවා තමන්ගේ දරුවන්ට ‘ස්මාර්ට් ෆෝන්’ එකක් හෝ කම්පියුටර් එකක් හෝ අතට දීලා, කන්න බොන්න දුන්නම ඇති කියලා. ඒ අදහස මුළුමනින්ම වැරැදියි. අද බොහෝ දරුවන් මෙලෙස කටයුතු කිරීමේ තත්ත්වය නිසා ඔවුන් විවිධ රෝගී තත්ත්වයන්ට පත්වෙනවා. දඩබ්බර තත්ත්වයන්ට පත්වෙන අතර, දරුණු ක්‍රියාවලීන්ට පෙලඹෙනවා. ඒ වගේම ඒ දරුවෝ ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. හසුරුවා ගැනීමට බැරි ආතතියකට පත්වෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසය නැතිවෙනවා. ඒ නිසා පෞරුෂත්වයද බිඳෙනවා. දරුවන් එම ශෝකීය තත්ත්වයෙන් මුදාගැනීමට තමයි අපි දරුවන් මේ බිත්ති හතරෙන් පිටතට ගෙනල්ලා මේ පරිසරයට යොමුකරලා මේ උතුම් ‘තුරු කැපකරු’ මෙහෙවර ඉටු කළේ. මේක දවසකින් දෙකින් ඉවර වෙන්නේ නැහැ. දරුවාත් සමග එකටම ඔවුන්ගේ වෘක්ෂයනුත් වැඩෙනවා. දරුවා ගස දාලා යන්නෙත් නැහැ. ගස දරුවා දාලා යන්නෙත් නැහැ…’
‘දරුවා ගස දාලා යන්නෙත් නැහැ. ගස දරුවා දාලා යන්නෙත් නැහැ’
මෙම සුවිශේෂ මිනිසා විසින් පවසන එම වදන කෙතරම් අපූරුද? කෙතරම් ළයාන්විතද? දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එය කුමක්ද? එයද සත්‍ය වශයෙන්ම ඉතා අපූරු වතගොතකි. දරුවාට සහ පරිසරයට මහා ආදරයකින් පුද සත්කාර කළ ‘තුරු කැපකරු’ ජාතික මෙහෙවර පසුගියදා මහත් ගෞරවයට පාත්‍ර වෙමින් ගරු සත්කාරයකට පාත්‍ර වූයේය. එනම් මෙම මහා මෙහෙවරෙයි පෙරගමන්කරුවා සහ පුරෝගාමියා වූ එස්.සී. වීරසේකර මහතා පසුගියදා ඉතා ගෞරවනීය සම්මාන ගණනාවකට පාත්‍ර විය. මෙරට තිබෙන ජාත්‍යන්තරව පිළිගත් පරිපාලන ක්ෂේත්‍රයකින් මෙලෙස ඔහු ගෞරවයට පාත්‍ර විය. එම සත්කාරය කුමක්දැයි සවිස්තරාත්මකව සොයා බලමු.
මෙම සම්මාන පුදකර ඇත්තේ ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (The Institute of Chartered Professional Managers of Sri Lanka – CPM) විසින් සංවිධාන කරනු ලබන CPM Management Leadership Excellence Awards 2025 (කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන 2025) වාර්ෂික සම්මාන උළෙලේදීය. එහිදී එස්.සී. වීරසේකර මහතා හිමිකරගත් සම්මාන 04 මෙසේ සඳහන් වෙයි. මෙම සම්මාන ලබාගැනීම උදෙසා වෘත්තීය කළමනාකරුවන් 130ක් තරග වැදීම සිදුව ඇත.
● සමස්ත රන් සම්මානය – විධායක අධ්‍යක්ෂ කාණ්ඩය (එම කණ්ඩායමේ ඉහළම සම්මානයයි) Overall, Gold Winner, Executive Category.
● ජයග්‍රාහකයා – ආයතනික සමාජ වගකීම් සම්මාන කාණ්ඩය – Winner, Corporate Social Responsibility Category.
● ජයග්‍රාහකයා – තිරසාරභාවය සහ චක්‍රීය ආර්ථිකය සම්මාන කාණ්ඩය – Winner, Sustainability and Circular Economy Award Category.
● ජයග්‍රාහකයා – නායකත්ව නිපුණතා සම්මාන කාණ්ඩය – Winner, Outstanding Leadership Competency Award Category.
කැපිටල් මහාරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්.සී. වීරසේකර මහතා මෙසේ සුවිශේෂ සම්මාන 04කට පාත්‍ර විය. ඔහුට මෙම සම්මාන සඳහා ‘තුරු කැපකරු’ පරිසර ව්‍යාපෘතිය මූලික වශයෙන් අගැයීමට ලක්වූ අතර, ඔහුගේ සමාගමේ අනෙකුත් කාර්යභාරයන්ද අගැයීමට ලක්කරන ලදී. එසේ වුවද ඔහු තමන්ට හිමිවූ ජයග්‍රහණයන් ගැන කිසි විටෙකවත් උදම් අනන්නේ නැත. ඒ ගැන ඔහු පවසන්නේ අපූරු කතාවකි.
‘මේ කිසිම සම්මානයක් මට විතරක් ලැබුණු ඒවා නෙවෙයි. ඒවා මා වටා සිටි අපගේ පවුලේ (සමාගමේ) හැම දෙනකුටමත් අයිතියි. මම සම්මානයෙන් කිසිම විටක උදම් අනන්නේ නැහැ…’


ප්‍රියන්ත හෙට්ටිගේ










