• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අබිරහස් ඝාතන-මරණ තර්ජන ගැන නාමල් කතා කරයි! I Sri Lanka Latest News

May 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ජනාධිපතිතුමනි.. අපි ඔයාට බය නෑ! ඔයාගෙ ආණ්ඩුවක් යටතේම මහින්ද රාජපක්ෂව නිදොස් කොට නිදහස් කරගන්නවා! පොහොට්ටුවේ ඉන්නෙ මහින්දගේ මිනිස්සු කියන එක මතක තියාගන්න’! පොහොට්ටු මැයි රැලියේදී තාත්තගේ වගකීම නාමල් කරට ගනී! ආණ්ඩුවට ලොකු අභියෝගයකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා.නීතිය නමනවා තර්ජනය කරනවා ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරු කරගන්න කටඋත්තර ලියාගන්න හදනවා ආණ්ඩුවේ උවමනාව ඉෂ්ඨ කරේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරනවා. ඔවුන් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ දෙනවා සාක්ෂි තියෙනවද සංවිධානාත්මකව සැලසුම් සහගතව ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ජීවිතයෙන් හරි කමක් නෑ මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුව පත්වෙනවා යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ 2026.04.09 දින කුරුණෑගල හිරියාල පැවති ජනහමුවක් අමතමිනි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා Sri Lanka Latest News

විශේෂයෙන්ම මම ස්තූතිවන්ත වෙනවා පක්ෂයක් විදියට අපි ගමින් ගමට යන වෙලාවේ ඒ ගමින් ගමට යනකොට අපිට පේන තෙක් මානෙක මැතිවරණයකුත් නෑ ඡන්දයක් තියෙන දවසක් අපේ හාමුදුරුවනේ අපි දන්නේ නෑනෙ.හැබැයි හැම ගමකම අව් රශ්මිය තිබ්බත් වර්ෂාව තිබ්බත් හැම ගමකම හැම කොට්ඨාශයකම අපිට මේ රටට ආදරය කරන පිරිස අපි වටා අපේ පක්ෂය වටා එක්රොක් උනා.එක පැත්තකින් වර්තමාන ආණ්ඩුව කියපු බොරු ,අද මැයි මාසේ නමවෙනිදා තමයි අපේ හාමුදුරුවනේ මීට අවුරුදු හතරකට කලින් අරගලයක් ගෙනල්ලා අපේ පාක්ෂිකයන්ට ගහලා ගෙවල් ගිනි තියලා අතුකෝරළ මන්ත්‍රීතුමාව මහ පාරේ ඝාතනය කරලා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ඉටු කරගන්න අරගලය අස්සෙන් යම් පිරිසක් උත්සාහ කරපු දවස. ඒකෙ ප්‍රතිඵලයක් විදියට වර්තමාන ආණ්ඩුව පත්වෙනවා නැහැයි කියන්න බෑ ඒක කාටවත්.ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි අපේ හාමුදුරුවනේ වර්තමාන ආණ්ඩුව පත්වෙන්නේ.හැබැයි අවංකව අරගල භූමියකට ගිහිල්ලා අවංකවම මේ රටේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕන අනාගත පරම්පරාවට ඔබින ආකාරයට මේ රටේ දේශපාලනයේ නවීකරණය වෙන්න ඕනේ කියලා හිතපු තරුණයන්ටත් අමු අමුවේ බොරු කියලා උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු කියපු අයවත් රවට්ටලා මේ ආණ්ඩුව බලයට ආවේ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවමත් කියනවා ආපහු ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්නලු. අපි නෙවෙයි ඒ එකසිය පනස් නව දෙනා මුලින්ම කියවන්න ඕන.ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන කිසි දෙයක් ඒ අය තවම දන්නේ නෑ.

අද අසීමිත විදිහට ජනතාවට බදු ගහනවා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණයෙක් ගිහිල්ලා යම් ආදායමක් ඉපයූවොත් ඒකටත් බද්දක් ගහනවා. බිත්තර ගොවියෙක් ඉන්නවනම් ඒකටත් බද්දක් ගහනවා. වී ගොවියෙක් ඉන්නවනම් ඒ ගොවියගේ ආර්ථිකයත් විනාශ කරනවා. ගොවි සංවිධාන ගිහිල්ලා පොහොර නැද්ද කියලා ඇහුවම ඇමතිතුමාත් කියනවා ඔව් පොහොර නැහැ. කියලා පොහොර නෑ කියල කියන්න ඇමතිතුමෙක් මොකටද? හැබැයි ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද ,ඊළඟ කන්නේ ගොවියට පොහොර ටික දෙන්න ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ගොවියගේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් ගානකට වටිනාකමකට වී ටික මිලදී ගන්න මොනම සැලැස්මක්වත් මේ ආණ්ඩුවට නෑ.

මිත්‍රවරුනි, අසීමිත විදිහට බදු ගහලා ජනතාව මත බදුපිට බදුු පටවලා කර්මාන්තශාලා වැහුනත් ව්‍යාපාර ව්‍යවසායකයෝ වැහිල ගියත් කමක් නෑෑ කියන මානසිකත්වයේ ඉන්නේ.ආගමට දහමට ගරු කරන්නැති ආණ්ඩුවක් බවට පත්වෙලා තියෙනවා. සංවිධානාත්මකව ගරුතර සංඝරත්නයට පහර දෙන්නේ සම්බුද්ධ සාසනය විනාශ කරන්න ආගමික විශ්වාසය බිඳ දමන්න බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ආගමික විශ්වාසයන් බිඳලා දාන්න අද සංවිධානාත්මකව මේ ආණ්ඩුව කටයුතු කරනවා.අපි දැකලා තියෙනවා මේ කලාපයේ සමහර රටවලත් සංවිධානාත්මකව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා මේ ආණ්ඩු බලයට ගේන්න වියදම් කරපු අයගේ න්‍යාය පත්‍රයන් අද ක්‍රියාත්මක වෙනවා.අනිත් පැත්තෙන් ආණ්ඩුවේ වංචාව වහගන්න මර්ධනය පාවිච්චි කරනවා.අපි දැක්කා මුදල් අමාත්‍යංශයේ කෝටි අසූවක් වැරදි ගිණුමකට ගෙවලා මුදල් ලේකම්වරයා.මුදල් ලේකම්වරයා කියන්නේ මේ ආණ්ඩුවේ දේශපාලන පත්වීමක්.දේශපාලන වේදිකාවේ හිටපු කෙනෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා පාර්ලිමේන්තුවේන් මුදල් ලේකම් බවට පත්කරනවා ජනාධිපතිවරයාට එතරම් විශ්වාසයි ඔහු වැඩේ කරයි කියලා.කරා රට හදන එක නෙවෙයි ගිණුමෙන් සල්ලි මාරු කරන එක වැරදි ගිණුමකට ගෙවන එක.

අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙනවා.නීතිය නමනවා තර්ජනය කරනවා ආණ්ඩුවේ අවශ්‍යතාව ඉටු කරු කරගන්න කටඋත්තර ලියාගන්න හදනවා ආණ්ඩුවේ උවමනාව ඉෂ්ඨ කරේ නැත්නම් ඔවුන්ට මරණ තර්ජනය කරනවා. ඔවුන් ඒ පිළිබඳව දිවුරුම් ප්‍රකාශ දෙනවා සාක්ෂි තියෙනවද සංවිධානාත්මකව සැලසුම් සහගතව ආණ්ඩුවට විරුද්ධ වෙන පුද්ගලයන්ව මර්ධනය කරන්න ජීවිතයෙන් හරි කමක් නෑ මර්ධනය කරන්න පුළුවන් තැනට ආණ්ඩුව පත්වෙනවා. පොලිස්පතිවරයාටත් කියන්නේ කරුණාකරලා ඔබ පොලිස්පතිවරයා විදියට පොලිස් නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරන්න.ඔබ කෙලෙසන්නේ විනාශ කරන්නේ පොලිස් නිලඇදුමේ ගෞරවය. ඔබතුමා පැන්ෂන් යයි ඉඳලා ඔයා යයි ආණ්ඩුවත් යයි.මේ ආයතන වල විශ්වාසය බිඳ වැටෙනවා.පන්සල පල්ලිය කෝවිල කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනවා.රාජ්‍ය සේවය කෙරෙහි ප්‍රාදේශීය ලේකම්වරයා දිසාපතිවරයා කෙරෙහි ත්‍රිවිධ හමුදාව පොලිසිය බුද්ධි අංශ කෙරෙහි තියෙන විශ්වාසයන් බිඳවැටෙනවා.ඒ විශ්වාසය ගොඩනගන්න ලේසි නෑ අද දේශපාලනිකව වශයෙන් ආණ්ඩුවට කඩේ යන උදවිය තනතුරු තානාන්තරවලින් යයි.හැබැයි යන්නේ යන යකා කොරහත් කඩාගෙන යනවා වගේ මේ සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම සිස්ටම් එකම රටම විනාශ කරගෙන.ඒ හින්දා අද ගම් මට්ටමේ ජනතාව අපි එක්ක පෙළගැහෙන්නේ විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර ඔයගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා අපේ කඳවුර හැමදාම රට පැත්තේ හිට ගත්තා.ගමේ දරුවාගේ අධ්‍යාපනය හදන්න අම්මා තාත්තා ආර්ථිකය හදන්න වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරා.ඒ තුළ අලුත් ව්‍යවසායකයෝ හැදුනා අලුත් ව්‍යාපාරිකයෝ හැදුණා.තරුණ පරම්පරාවට රැකියා උත්පාදනය කරන්න අවස්ථාවක් ලැබුණා අද එන්න එන්න කර්මාන්තශාලා වැහෙනවා.ආණ්ඩුව හිතනවා මේ බිත්තරයට වඩා පිටරටින් ගේන එක ලාභයි හොඳයි කියලා. ආණ්ඩුව හිතනවා පිටින් හාල් ගේන එක හොඳයි මේ වී ගොවියා රකිනවට වඩා කියලා.ආණ්ඩුව හිතනවා පිටින් එළවළු පළතුරු කියන එක හොදයි මේ හොදයි මේ ගොවියට සහනයක් දෙනවට වඩා කියලා.ඒ තුළ ආණ්ඩුව යැපෙන්නෙක් බවට පරිවර්තනය කරලා තියෙනවා මේ රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන්ම ඒ තුළ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.ඒ හින්දා ආණ්ඩුවෙ ඉන්න අයටත් අපි කියන්නේ කරුණාකරලා ඔය බොරු කියන එක නවත්වන්න දැන්වත්.තර්ජනය කරන එක නවත්වන්න තර්ජනයට අපි බය නෑ.ඔවට බයවෙන කට්ටිය ඇති හැබැයි අපිි බය නෑ.ඒ හින්දා අපිව බය කරන්න තර්ජනය කරලා හරියන්නෙ නෑ.කරුණාකරලා දීපු පොරොන්දු ටික ඉටු කරන්න.

ඔබ අරගලේ හිටපු දරුවන්ට බොරුු කියලා රවට්ටලා බලයට ආවේ.ගෙවල් දාස් ගානක් ගිනි තියලා බලයට ආවේ.ඔබ ලොකු ඒවා හදාගත්තට කමක් නෑ. හැබැයි අනිත් එක්කෙනාගේ එකට ඊර්ෂ්‍යා කරන්න එපා.එයාලට මැති ඇමතිවරු ලොකු ගෙවල් හදනවා ඒකට නෙමේ මිනිස්සුන්ගේ ගෙවල් වලට ඊර්ෂ්‍යා කරන්න එපා. එයාලා දැන් ලොකු වාහනවල යනවා හැබැයි අනිත් මනුස්සයාගේ එකට ඊර්ෂ්‍යා කරන්න එපා.ඒ හින්ද කරුණාකරලා මේ රටේ මිනිස්සු මෝඩයා කරන්න හදන්න එපා.අපි පක්ෂයක් විදියට ශක්තිමත් වෙමු අපි පක්ෂයක් විදියට පෙළ ගැහෙමු මම ස්තූතිවන්ත වෙනවා යූ.කේ සුමිත්ට චමින්ද මන්ත්‍රීතුමාගේ කොට්ඨාශයේ අපි ගමින් ගමනට යනකොට ජොනි ඇමතිතුමා ආරාධනා කරා කුරුණෑගලට එමු කියලා. අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ කොට්ඨාසය රැස්වීමක් එහෙම නෙවෙයි.හැබැයි මේ සෙනඟ දැක්කම ඒ අස්සේ තෙමි තෙමි අම්මල දරුවෝ වඩාගෙන තරුණ පිරිස ඒකරාශී වෙලා මේ කොට්ඨාස රැස්වීමක් තවම අපි බලය පෙන්නුවේ නැහැ. දැන් ආණ්ඩුව කෙඳිරි ගාන්නේ නැතුව වැඩ කරන්න.ඒ හින්දා අද පැහැදිලිවම පේනවා ගම්මට්ටමේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ ආණ්ඩුව කරන මේ විනාශය ආණ්ඩුව කරන මේ නාස්තිය ආණ්ඩුව කරන මේ වංචාව දූෂණයට එරෙහිව අද ගම්වල ජනතාව එකතු වෙමින් පවතිනවා.ඔබ ශක්තිමත් වෙන්න ශක්තිමත්ව ඒකරාශී වෙන්න අපි මේ මහ පොළොවේ පය ගහපු මහපොළොවේ යථාර්ථය හඳුනන මේ මහ පොළවේ සතා සිවුපාවට ගහ කොළ වලට ආදරය කරන ආණ්ඩුවක් බිහි කරන සටනට අපි පටන් ගමුයි කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් පතමින් තෙරුවන් සරණාපතමින් මම නිහඬ වෙනවා.

SendShareShare
Previous Post

රජ ගමනක ඇරඹුම! ග්‍රහ ලොව චණ්ඩියා සටන් බිමට එයි! මරු කැඳවන දින 40ක ග්‍රහ චලිතය! Sri Lanka Latest News

Next Post

12 මම එනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News
Exclusive

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News
Exclusive

රේගු නිලධාරීන් හවුස් ඔෆ් ෆැෂන් හිමිකරු අත්අඩංගුවට ගනී! රිමාන්ඩ් කරලා!  I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

නාඋල විවිධ සේවා සමූපකාර සමිති ඡන්දයෙන් ජය ගැනීමට ස.ජ.බ.ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සමත්ව ඇත.Sri Lanka Latest News ඒ අනුව සභිකයින් 44ක්...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

රටම ගිනියම් වෙලා! වාහනවල ළමයි තියලා යන්න එපා! වැඩිපුර වතුර බොන්න – නාන්න! Sri Lanka Latest News

දිස්ත්‍රික්ක 5කට හදිසි දැනුම්දීමක්..! Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

හැප්පිලා බලමු! අමෙරිකාව දූවිලි කරනවා! ඉරානය අවසන් සටනට සූදානම් වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.