පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ වුවද මෙරට තෙල් සහ විදුලි සැපයුම අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.Sri Lanka Latest News
කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳපොළේ තෙල් මිලෙහි සිදුවන උච්ඡාවචනයන් සමඟ තෙල් මිලේ යම් ඉහළයෑමක් සිදුවිය හැකි බවය.
එසේ සිදුවුවත් සමස්ත මිල ඉහළ දැමීමක් නොව එයින් සැලකිය යුතු කොටසක් භාණ්ඩාගාරය මඟින් දරාගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මේ වනවිට ඉහළ දමා ඇති තෙල් මිල ගණන් යුදමය තත්ත්වය පහව ගිය පසු හැකි ඉක්මනින් අඩුකිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.










