පවතින අර්බුධකාරී තත්ත්වයෙන් රට බේරා ගැනීම සදහා මිනිසුන් ඉල්ලා සිටින්නේ සිස්ටම් එකේ වෙනසක් බවත්, ස්වකීය කැමැත්ත පරිදි පුද්ගලික වරදාන ලබා දීම නොවන බවත් නව ක්‍රමය යටතේ ආර්ථික සමාජ සාධාරණත්වය, මානුෂීයත්වය පෙරදැරි කර ගත් වැඩපිළිවෙළක් අවැසි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ය.
ඊයේ (22) මැදකොළඹ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.
අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් සමගි ජනබලවේගයේ මැද කොළඹ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්විණි.ඒ සංවිධානය කොට තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ය මුජිබර් රහමන් මහතා විසිනි.
මේ රටේ දේශපාලනඥයන්ගේ දුවා පුතාලා සෑම අවස්ථාවකම බාර ගත්තේ දෙමාපියන්ගේ ආසන බවත් එහි දී මැදකොළඹ ආසනය සුවිශේෂ වුවත් තමාගේ දේශපාලන ගමනේ දී දුෂ්කර පළාතකට ගොස් එම පළාතේ ජනතාව ගැන ඉගෙන ගෙන ස්වෝත්සාහයෙන්ම තමාගේ දේශපාලන ගමන ආරම්භ කළ බවත් එයට හේතුව වූයේ රටටත් ජනතාවටත් තමන් සම්බන්ධයෙන් දෙයක් ඔප්පු කිරීමට අවැසි වූ නිසා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
වර්තමානයේ රට පත්ව ඇති ඛේදජනක ඉරණමට හේතුව රාජපක්ෂවරු ජාති, ආගම්, කුල-මල, පන්ති භේද ඇතිකර රට කෑලි කෑලිවලට කඩා ජාතීන් ආගම් අතර වෛරය ඇති කිරීමේ ප්‍රතිඵලය නිසා බවත් ඔවුන්ට අවැසි වූයේ තමන්ගේ පවුල රජ කරවීමට බවත් ඒ තුළ ඒකාධිපතීත්වය, මුරන්ඩුකම ගැබ්ව තිබූ බවත් ඒ හේතුවෙන් ලක්ෂ 22-0ක ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත් ඇති බවත් පැවසීය.
වඳ කොත්තු, වඳ සැත්කම්වලින් ආරම්භ වී ආදාහනය භූමදානය දක්වා මේ ජාති ආගම් භේදය ක්‍රියාත්මක කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, අද ජාතිවාදයට ආගම්වාදයට විවිධ පාර්ශ්වය කෑ ගැහුවත් එදා සමගි ජන බලවේගය හැර අනික් හැමෝම ඊට එරෙහි නොවූ බවද විපක්ෂ නායකතුමා පැවසීය.
22 සංශෝධනය සමග මොළ හතාගේ එක දතක් ගැලවූ බවත් ඔහු නැවතත් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවත් පුළුවන් නම් කොළඹින් ඡන්දය ඉල්ලා පෙන්වන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ පියවරෙන් පියවර රාජපක්ෂ ආධිපත්‍ය ජනබලයෙන් ඉවත් කරන බව ද පැවසීය.

























