රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලබන ජාතික සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 27 දෙනකු පත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (23) දැනුම් දුන්නේය.
ජාතික සභාව නියෝජනය කිරීමට මෙසේ පත් කරනු ලැබ සිටින්නේ ඩග්ලස් දේවානන්දා, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවී වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිසාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්‍රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ, සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු 27 දෙනා වෙති.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් පිරිසකගේ නම් ලැබිය යුතු හෙයින් එම නම් ලැබුණු පසු ඒවා ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කරන බව ද කතානායකවරයා මෙහිදී සඳහන් කළේය.









