රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ලබන සදුදා ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුලට සහභාගී වීමට ජපානය බලා පිටත්ව යාමට නියමිතය.









