නියඟය නිසා සිඳීගිය වැව් සහ දියකඩිති ආශ්‍රීතව දිය වළවල් සාදා එම ජලයට වස මිශ්‍ර කර වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදුවෙමින් පවතින බවත් එසේ විෂ ශරීරගත වී ඇති සතුන්ගේ මස් මිනිස් පරිභොජනයට අතිශයින්ම අහිතකර බවත් වනජීවී සරංක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
නියන් කාලයේ දී වතුර සොයාගෙන එන වන සතුන්ව මෙලෙස වසදි මරා මසට අලෙවි කරන මස් වැද්දන් කොටු කරගැනීම සඳහා මෙහෙයුම් දැඩි කර ඇතැයි කියන එම දෙපාර්තමේන්තුව මෙවැනි අපරාධකරුවන් සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් ජාතියේ නාමයෙන් දැනුම් දෙන ලෙසත් ඒ සඳහා 1992 දුරකථනය විවෘත බවත් පවසයි.
එසේ නොමැති නම් මෙම වන සත්ත්ව අපරාධය වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බව ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙම සත්ත්ව ඝාතනය කතරගමට පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගෙන මූලිකවම සිදුවන බව හෙළි වී ඇත.
වන සතුන් දඩයම් කරනු ලබන පුද්ගලයින්ට වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට එම දෙපාර්තමේන්තුව මේ වනවිට ක්‍රියා කරමින් ඇත.
lankasara










