• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වොෂින්ටන්හි ලංකා තානාපති කාර්යාලයේ තිබ්බ Passport DC 2024 උත්සවයට අමෙරිකානුවන් 5000කට වඩා එයි! මහින්ද ලංකාවේ ආප්ප-කොත්තු අමෙරිකානුවන්ට කවයි! PHOTOS I Sri Lanka Latest News

May 10, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඇමරිකානුවන් 5,000කට අධික පිරිසක් වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති Passport DC 2024 උත්සව අවස්ථාව නැරඹීමට පැමිණේ.Sri Lanka Latest News

2024 මැයි 04 වැනි සෙනසුරාදා වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ‘ලොව වටා තානාපති කාර්යාල නැරඹීමේ’ අවස්ථාවේ කොටසක් වූ Passport DC වැඩසටහන සඳහා ඇමරිකානු නරඹන්නන් වෙනුවෙන් පෙරවරු 10.00 සිට සවස 4.30 දක්වා එහි දොරටු විවෘත කර තබන ලදී. තානාපති මහින්ද සමරසිංහ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට තානාපති කාර්යාලය මෙහිදී පුලුල් වැඩපිළිවෙළක් සංවිධානය කළේය. Passport DC වැඩසටහනෙහි සංවිධායකයින් විසින් නිල වශයෙන් කළ ගණනයට අනුව එක්සත් ජනපද ජාතිකයින් 5,037 කට අධික පිරිසක්, පැවැති අයහපත් කාලගුණ තත්වය නොසලකමින් මෙම උත්සවය නැරඹීම සඳහා තානාපති කාර්යාලයට පැමිණීම වාර්තාගත සිදුවීමක් විය.

මෙම උත්සවයේ සුවිශේෂි අංගයක් ලෙස, පැරණි සංස්කෘතික උරුමයන්, ස්වභාවික සුන්දරත්වය, වන ජීවීන් සහ ශ්‍රී ලංකාවේ ජනතාව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් “ශ්‍රී ලංකාවේ සුන්දරත්වය” නමින්, වර්ණවත් ඡායාරූප 80 කට අධික සංඛ්‍යාවක් ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන ලදී. ලොස් ඇන්ජලීස් හි ඇමරිකානු – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ සූරිය පෙරේරා මහතා, ශාන්ත වීරසිංහ මහතා, හිරන්ති ද සිල්වා මහත්මිය, ලක්ෂිත කරුණාරත්න මහතා සහ සංජය වර්ණසූරිය මහතා විසින් මෙහෙයවන ලද මෙම ඡායාරූප ප්‍රදර්ශනය පැමිණ සිටි සියලු දෙනාගේ අවධානය දිනා ගත්තේය.

පැමිණි පිරිසට ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික ආගන්තුක සත්කාරවලින් සංග්‍රහ කරන අතරතුර, ශ්‍රී ලංකාවේ විවිධ කෙටි ආහාර සහ සජීවීව කොත්තු රොටි සහ ආප්ප සකස් කරන ආකාරය දැකගැනීමටද ඒ්වායේ රස බැලීමටද අවස්ථාව හිමි විය. මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහාය ලැබිණ. තානාපති කාර්යාලය, පැමිණි අමුත්තන්ට “Basilur (Sri Lanka)” සහ “QTrade Teas & Herbs (California, USA)” විසින් අනුග්‍රහය දක්වන ලද නැවුම් ලෙස පෙරන ලද උණුසුම් හෝ අයිස් කළ ලංකා තේ කෝප්පයක් ද පිරිනමන ලදී.

ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයේ විචිත්‍රත්වය විදහා දක්වමින් උඩරට, පහතරට සහ උතුරේ නැටුම් විලාසයන් සහ බෙර වාදන උත්සවය අතරතුර ඉදිරිපත් කරන ලදී. චතුරි වික්‍රමාරච්චි, අචිලා පෙරේරා, රාජානන්ධිනී බාලචන්ද්‍රන් සහ ඉන්දික අත්තනායක යන මහත්ම මහත්මීන් සහ ඔවුන්ගේ කලා ආයතනවල සිසු සිසුවියන් විසින් නියමිත කාල පරාසයන් තුළ මෙම ප්‍රසංග පැවැත්වූ අතර එය දවස පුරා අමුත්තන්ගේ සිත් ඇද බැඳගත් ප්‍රධාන ආකර්ෂණීය අංගයක් විය.

සංගීත රාජ්‍ය තාන්ත්‍රිකත්වය යන තේමාව යටතේවූ “Passport DC 2024” වැඩසටහනට සමගාමීව නියමිත කාල පරාසයන් තුළ සජීවී ලෙස කුටිල ඩයස් මහතා ප්‍රමුඛ “Serendib” සංගීත කණ්ඩායම ශ්‍රී ලාංකේය ගීත ගායනා කරමින් රසික රසිකාවියන් පිනවීමටත්, සැක්සෝෆෝන වාදක ඩී. අයි. සේනාරත්න මහතාගේ සංගීතය රස විදීමටත් තානාපති කාර්යාලය විශේෂ විධිවිධාන සලසා දෙන ලදී.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද තවත් විශේෂත්වයක් වූයේ නරඹන්නන්ට ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ඡායාරූප ගැනීමේ අවස්ථාව ලබාදීමයි. බොහෝ ඇමරිකානු කාන්තාවන් උඩරට සාරි ඇඳ ඡායාරූප ගැනීමට පෝලිම් ගැසුනු අතර පිරිමි අය බතික් සරම් සහ කමිස ඇඳ ඡායාරූප ගන්නා ලදී. ශ්‍රී ලංකා-ඇමරිකානු වෙළෙන්දන්ගේ අනුග්‍රහය ඇතිව තානාපති කාර්යාල උද්‍යානයේ වෙනම කුටි හතරක ලී වෙස් මුහුණු, බෙර, බෑග්, බතික් ඇඳුම්, පිත්තල භාණ්ඩ, සිතුවම් ආදියෙන් සමන්විත ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික හස්ත කර්මාන්තද ලංකා කුළුබඩු සහ තේ ප්‍රදර්ශනය කර තිබූ අතර එය අමුත්තන් සඳහා තවත් ප්‍රධාන ආකර්ෂණීය අවස්ථාවක් විය.

තවත් ප්‍රධාන අංගයක් වූයේ ශ්‍රී ලාංකේය-ඇමරිකානු බිහිරි කලාකරුවන් දෙදෙනෙකු වන චේතනා සේනාධිර සහ තුෂාර ටී විජේතිලක විසින් ඉදිරිපත් කරන ලද “කාචය හා පින්සල තුලින් ශ්‍රී ලංකාව” යන මැයෙන් ඉදිරිපත් කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයයි.

විචිත්‍රවත් ඡායාරූප ප්‍රදර්ශන මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන්, හරිත කඳුකර භූ දර්ශන නිරූපනය කරන සංචාරක වීඩියෝ අඛණ්ඩව විකාශනය කරමින් රටේ විවිධ සංචාරක ආකර්ෂණයන් ප්‍රදර්ශනය කිරීමට තානාපති කාර්යාලය මෙහිදී අවස්ථාව ලබා ගත්තේය. ශ්‍රී ලාංකික-ඇමරිකානුවන්ට අයත් සමාගම් දෙකක් මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් සංචාරක පැකේජ ඉදිරිපත් කළ අතර එය නරඹන්නන්ගේ උනන්දුව සහ අවධානයට ලක්වීම මඟින් එය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වීම සඳහා හේතු විය.

පැමිණි පිරිස සතුටට පත් කරමින්, පළමු අමුත්තන් 4,000ට “Basilur (Sri Lanka)” විසින් අනුග්‍රහය දක්වන ලද ලංකා තේ පැකට්ටුවක් තානාපති කාර්යාලය විසින් පිරිනමන ලදී. එහි අරමුණ වූයේ අමුත්තන් අතර ශ්‍රී ලංකාවේ තේ ප්‍රවර්ධනය කිරීමයි. එම තෑගි ලැබූ පිරිස විසින් එය බෙහෙවින් අගය කරන ලදී.

තානාපති කාර්යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව, වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් සහ වර්ජිනියා යන ප්‍රාන්තවල ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් සැදුම්ලත් සංගම් හයක සාමාජිකයින් විසින් මෙම අවස්ථාව සඳහා සිය ස්වේච්ඡා සේවය ලබා දෙන ලදී. වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා සංගමය, ශ්‍රී ලංකා රංග කලා කවය, කලා ලංකා පදනම, අපේ කට්ටිය/ඇමරිකා ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම, බෙතස්ඩා අපි සහ වොෂින්ටන් බල ප්‍රදේශයේ රෝහල් සේවා කවුන්සිලය දවස පුරා පැවැති මෙම උත්සවය සඳහා විශාල නරඹන්නන් පිරිසක් ආකර්ශනය කරගැනීමට බෙහෙවින් ඉවහල් විය.

Events DC විසින් සංවිධානය කරන ලද මෙම “Passport DC” උත්සවයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇතුළු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි විදේශ දූත මණ්ඩල 55කට අධික සංඛ්‍යාවක් එක්විය. මැයි මාසයේ මාසයක් පුරා පැවැත්වෙන මෙම උත්සවය වොෂින්ටන් ඩී.සී. හි සිටින ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ විවිධ සංස්කෘතින්ට උපහාරයක් ලෙස පැවැත්වේ. මෙම උත්සවයේ කොටසක් ලෙස, මැයි මාසයේ පළමු සෙනසුරාදා, වොෂින්ටන් ඩී.සී. හි ‘ජාත්‍යන්තර සංස්කෘතික දැනුවත් කිරීමේ මාසය’ තානාපති කාර්යාල විවෘත කර තැබීම සඳහා වෙන් කර ඇත.

වාර්ෂිකව සංවිධානය කරනු ලබන Passport DC මගින් වොෂින්ටන් ඩී.සී. හි තානාපති කාර්යාල සහ සංස්කෘතික සංවිධාන තුළ පුළුල් පරාසයක ප්‍රසංග, සාකච්ඡා සහ ප්‍රදර්ශනයන් පවත්වනු ලබයි. එක් දිනක් තුළ විවිධ විදේශීය සංස්කෘතීන් සහ සම්ප්‍රදායන්හි බොහෝ අංගයන් භුක්ති විඳීමට ඉඩ ලබාදෙන දුර්ලභ අවස්ථාවක් වන මෙය වොෂින්ටන් බල ප්‍රදේශයේ (වොෂින්ටන් ඩී.සී., මේරිලන්ඩ් ප්‍රාන්තය, උතුරු වර්ජිනියා ප්‍රාන්තය සහ අවට නාගරික ප්‍රදේශය) ඇමරිකානුවන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය වසරේද Passport DC සඳහා සහභාගි වූ අතර එහිදී ඇමෙරිකානුවන් 3,750කට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය විඳගැනීම සඳහා දොරටු විවර කර තබන ලදී.

SendShareShare
Previous Post

අද හවසට නම් අකුණු ගගහා වහිනවා! I Sri Lanka Latest News

Next Post

6 වැනි පාරටත් ඊයෙ රෑ බැසිල් ගිහින් රනිල් හමුවුණා! බැසිල් අද මෙහෙයුම් කාර්යාලය විවෘත කරලා ජනාධිපතිවරණ කැම්පේන් එක පටන් ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

Load More
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ආකාරයට විවිධ සිදුවීම් රට ඇතුළේ පැනනැගෙද්දී පසුගිය සතියේ ආණ්ඩුව මුහුණ දුන් බරපතළ අර්බුදයක් වූයේ අගවිනිසුරුවරයාගේ සහ...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

පසුතැවීම්, කලකිරීම් නැති මේ ගමන ඇතුළේ නෙත්මි රොෂෙල් හරිම ලකී…! හීන නොදැකපු සිනමාව අවුරුදු 7කින් මාව චිත්‍රපට 7ක හිමිකාරියක් කළා…! මගේ හැමදේම මගේ පවුලයි…! නෙත්මි රොෂෙල් I Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.