සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
බියුපි වැකේන්, හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වැනි ඖෂධ ගුණාත්මකභාවයෙන් ඉහළ බෙහෙත් වෙනුවට බාල බෙහෙත් ලබා දීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 20කට අධික පිරිසක් අන්ධ වී ඇති බවත් බංකොලොත් රටේ මේ කළ ක්‍රියාවන් සාපරාධි මංකොල්ලකෑම් ලෙස දකින බවත් මේ මංකොල්ලකෑම්වලට සමගි ජන බලවේග රජයක් තුළ ඉඩක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (3) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 81 වැනි අදියර යටතේ ගාල්ල ගිංතොට මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 81ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 791ක් වැය කර තිබේ.





















