නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලට අමතරව, දියතලාව සහ ගාල්ල තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිලි ද නාගරික සංවර්ධන අධිකාරිය හරහා හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමට රජය තීරණය කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
මීට අමතරව, නුවරඑළිය සහ මහනුවර පිහිටි තවත් ඓතිහාසික ගොඩනැගිලි තුනක් ද හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමේ සූදානමක් ඇති බව පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි.
හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමට යන ගොඩනැගිලිවලින් උපයන ආදායම, පාඩු ලබන තැපැල් දෙපාර්තමේන්තුවටම ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ද අදාල වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
දියතලාව සහ ගාල්ල තැපැල් කාර්යාල ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබේ.
නුවරඑළිය තැපැල්කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල මේ වන විටත්, තැපැල්පතිවරයාගෙන් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන තිබේ.
ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව, ලිපි හා පාර්සල් භාර ගැනීම සහ මුද්දර අලෙවිය සදහා එකී ගොඩනැගිල්ලේම කොටසක් වෙන් කිරීමට රජය තීරණය කර තිබෙන අතර, අනෙකුත් මෙහෙයුම් කටයුතු නුවරඑළිය මහනගර සභාව ආසන්නයේ පිහිටි වෙනත් ඉඩමක් වෙත රැගෙන යනු ඇත.
ඒ අනුව, නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ අක්කරයක පමණ භූමිය හෝටල් ව්‍යාපෘතිය සදහා ලබා දෙනු ඇත.
නුවරඑළියේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සහ වරාය අධිකාරියට අයත් බංගලා දෙක සහ මහනුවර පිහිටි ඇහැලේපොල වලව්ව, හෝටල් ව්‍යාපෘති සදහා ලබා දීමට නියමිත අනෙකුත් ගොඩනැගිලි ය.










