අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.Sri Lanka Latest News
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දෙසට විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමේදී කොළඹ ලිප්ටන් වටරවුම ආසන්නයේදී මෙලෙස ජල ප්‍රහාරයක් එල්ලකර ඇත.
ශාස්ත්‍රීය විෂයන් සඳහා සරසවිවලට සිසුන් බඳවාගැනීම අඩු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය මෙම විරෝධය සංවිධානය කර තිබුණි.










