• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මංකිපොක්ස් ලෝකෙ වටේම යනවා! බය වෙන්න එපා! බේරෙන්න පුළුවන්…!

August 1, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
මංකිපොක්ස් ලෝකෙ වටේම යනවා! බය වෙන්න එපා! බේරෙන්න පුළුවන්…!
Share on WhatsAppShare on Facebook

ධනාත්මක සිතුවිලිවලට අනුව නම් ලෙඩ රෝග ගැන නිතර කතා කරන එක එතරම් සුවදායක නැත. නමුත් කටුක වුණත් කොයි තරම් නීරස වුණත් සත්‍යයට මුහුණ දිය යුතු නිසා මේ දවස්වල අපව ලෙඩ රෝග ගැනම කතා කරන්නට අවැසි පසුබිමක් සැකසෙමින් තියෙන බව කනගාටුවෙන් වුවද කියන්න සිදුව ඇත.

පසුගිය සතියේ ‘මව්රට’ තුළින් මුඛ ආවරණය ගැන ඕනෑවටත් වැඩිය කතා කරපු නිසා අද එය පසෙක තබා කෙළින්ම ලෙඩේ ගැන කතා කරන්නයි මේ සූදානම. මොකක්ද ඒ ලෙඩේ? තවත් අලුත් එකක්ද?

ඔව්. පසුගියදා කතාකරපු ‘මාබර්ග්’ රෝගයට අමතරව තවත් අමුතු ආකාරයේ නමක් තියෙන ලෙඩක් ගෝලීය වශයෙන් අපේ ජීවිතවලට එබෙන්න අරගෙන අවසානයි. වඳුරන් ආශ්‍රිතව හැදෙන රෝගයක් නිසා එය හැඳින්වෙන්නේ ‘වඳුරු උණ’ කියලාය. ඉංග්‍රීසියෙන් කියනවා නම් ‘මංකි පොක්ස්’ (Monkey Pox) ය. මංකි පොක්ස් කීවාට බොහොමයක් දෙනකුගේ ඔළුවට ‘ටක්’ ගාන පරක්කුවට එන්නේ ‘චිකන් පොක්ස්’ (Chicken Pox) කියන රෝගයය. චිකන් පොක්ස්වලට සිංහල බසින් කියන්නේ ‘පැපොල’ කියලාය. පැපොල රෝගය නරක් වූ කලෙක හෝ උත්සන්න වූ කලෙක එය ‘වසූරිය’ නමින් හඳුන්වයි. වසූරිය වැලඳුණු අයකු නැවත ජීවත් වීමේ වාසනාව ලබන්නේ ටිකක් විතර අඩුවෙන්ය. නමුත් ඇස් පෙනීමේ දුර්වලතා සහ ශ්වසන ආබාධ හේතුකොට ගෙන ඔවුන් නිතර ජීවිත ආබාධයන්ට ලක්වන බව වෛද්‍ය මතයන් අනුව සනාථ වී ඇත.

වසූරිය සහ පැපොල ගැන මෙතැනදී කතා කරන්නට ගත්තේ ‘මංකි පොක්ස්’ රෝගයද එම රෝගාබාධයනට යම් සමානකමක් දක්වන නිසාය. අවදානම්ම තත්ත්වය වන්නේ හිතුවාට වඩා වේගයකින් ‘මංකි පොක්ස්’ ලෝකය ආක්‍රමණය කරන්නට ගෙන තිබීමය. සාරාංශමය වශයෙන් කියනවා නම් ඊයේ පෙරේදා ලොවට එබෙන්නට ගත් ‘මංකි පොක්ස්’ වෛරසය මේ වන විට සමස්තයක්ව ගත් කල ලෝකය පුරා ආසාදිතයන් 18,000ක් බිහිකොට අවසානය. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ එම සංඛ්‍යාවෙන් වැඩි පිරිසක්ම යුරෝපීය රටවලින් වාර්තා වී ඇති බවය. තවත් විදියකට කියනවා නම් රටවල් 78ක පමණ ප්‍රමාණයකට මංකි පොක්ස් වෛරසය පැතිර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි වාර්තා සැකසී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්හොම් ග්‍රේබියේසිස් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා ඇත්තේ ආසාදිතයන් වහා හඳුනාගැනීම සහ නිරෝධායනය තුළින් මෙම වසංගතය පාලනය කළ හැකි බවය. එලෙසම එහි ප්‍රධාන විශේෂඥ විද්‍යාඥයකු වූ ඉන්දියානු ජාතික සෞම්‍යා ස්වාමිනාදන් ඉතා තදින් අවධාරණය කොට ඇත්තේ කොරෝනා රෝග වසංගතය හරහා ගෝලීය වශයෙන් සිදුවූ විශාල හානිය ‘මංකි පොක්ස්’ වසංගතය තුළින් සිදුවන්නට ඉඩ නොතිබීමට අප සියලු දෙනා වගබලා ගතයුතු බවය.

මොකක්ද මේ ‘මංකි පොක්ස්’? කොහොමද එය හඳුනාගන්නෙ?

සරලවම කතාබහ කරමු අපි ඒ ගැන. ‘මංකි පොක්ස්’ කියලා කියන්නේ පැපොල රෝගය සහ වසූරිය මඳ වශයෙන් හෝ යම් තරමක සමානාත්මතාවක් දක්වන වෛරස ආසාදනයක්. රෝග ලක්ෂණ වන්නේ සිහින් උණ තත්ත්වයකින් පටන්ගන්නා, කෙමෙන් කෙමෙන් තද වන උණ සමග සිරුරෙහි ඇතිවන කැක්කුම්, විශේෂයෙන්ම කියනවා නම් මාංශපේශි සහ කොන්ද හරහා මතුව එන වේදනාවන් සහ හිසරදය.

ශරීර ශක්තිය හීනවී යෑමක් මෙහිදී ඇතිවෙනවාද?

ඔව්. වෛද්‍යවරු පවසන්නේ වෙනදාට සිරුරෙන් මතුව එන ක්‍රියාශීලී බව වෙනුවට තද මහන්සියක් සමග අලස බවක් දැනෙන බවයි. ඒ අතර යම් කාර්යයක් නිරත වීමට සිතින් ගතින් මතුව එන මන්දගාමී බව නිසා වෙනදා මෙන් ඇවිද යන්නට, වැඩි වේලාවක් හිටගෙන ඉන්නටද නොහැකි බවක් දැනෙන්නට පුළුවන.

එයට පසුව මංකි පොක්ස්හි ප්‍රධානම ලක්ෂණය වූ බිබිලි සහිත කුෂ්ඨ ගතිය මතුව එන්නට පටන්ගනියි. එම ස්වභාවය වඩාත්ම ඇතිවන්නේ මුහුණ, අත්පා, මුඛය හෝ ලිංගික අවයව මතය. හුදකලා වීමට හෝ නිරෝධායනයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම අනිවාර්යයද?

ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා තිබෙන කරුණු කාරණා මෙලෙසය. මංකි පොක්ස් වෛරසයට ගොදුරු වන සමහර ආසාදිතයන් නිවෙස තුළ හුදෙකලා වීම සහ නිරෝධායනය තුළ සුවතාවට පත්වෙයි. ඇතැමුන්ට ආරම්භයේ සිටම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. ‘මංකි පොක්ස්’ ආසාදනය වීමෙන් පසුව නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණීමට නම් ඔබට ‘මංකි පොක්ස්’ වැලඳෙන්නට ආසන්නව ඇතැයි දැනුණු විගසම සෞඛ්‍ය සේවකයකුගේ හෝ ළඟම සිටින වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගෙන නිරෝධායනයට සූදානම් වන්න. වෙනත් අයගේ ඇසුරෙන් ඈත්ව, මුව ආවරණයක් පලඳින්න. හැකි පමණ පිරිසිදුව සිටින්න. ලිංගික සබඳතාවන්ගෙන් හැකි පමණ ඈත්ව සිටීමට උත්සාහ ගන්න. සම ස්පර්ශ කිරීම සහ මුහුණට මුහුණ ස්පර්ශයෙන් වළකින්න.

සම මතුපිට හටගන්නා කුඩා බිබිලි තත්ත්වය ගැන වඩා සැලකිලිමත් විය යුතුය. ඒවා අතින් පොඩිකර කඩාදැමීම හෝ ස්පර්ශ කිරීමෙන් සම්පූර්ණ ඈත් වන්න. කැසීමේ ඇවැසිතාවක් ඇතිවුවද බිබිලි සහ කුෂ්ඨ කැසීමෙන් ආසාදනය නරක අතට හැරෙන්නට පුළුවන. කුඩාවට මතුව එන බිබිලි තත්ත්වය බොහෝ දෙනකුට දවස් දෙක තුනක් ගතවන විට මඳක් ඉදිමුණු ස්වභාවයක් මතුකරමින් කුෂ්ඨයක ආකාරයට දිස්වන්නට ගනියි. එම කුෂ්ඨ ගතිය තුවාල ලෙසින් සති 3ක් 4ක් පැවැතිය හැකිය. ශ්වසන අපහසුතා සහ විජලනය ඇතිවන හෙයින් පිරිසිදු වතුර නිතර භාවිතයට ගත යුතුය. නැතිනම් එන්සෙපලයිටිස් වැනි තත්ත්වයන් සමග ඇස් පෙනීමේ දුර්වලතාවන් හටගන්නට ඇති අවස්ථා සුලබ වේ.

මෙම වෛරස ආසාදනය පැපොල රෝගයට මඳක් සමාන බැවින් පැරැණි යම් මතවල එල්බගෙන සිටින අපේ සමහර වැඩිහිටි අය බිබිල මත ඇති වන කැසීම සමනය කිරීමට රෝගියාව කොකොඹ දලු භාවිතයට හුරු කරන්නේ නම් එය වහා වළකාගත යුතුය. වෛද්‍ය මතයට අනුව නම් කොහොඹ දලුවලින් බිබිලි හෝ තුවාල මතුපිට තුනීයට ස්පර්ශ කිරීම කොහොමටවත් සෞඛ්‍යාරක්ෂිත නැත.

එලෙස බිබිල හෝ කුෂ්ඨ මත ඇඟිලි තුඩු ස්පර්ශ කොට එම ඇඟිලි තුඩුවලින් බිත්ති, තිර රෙදි, දොර රාමුව අතපත ගෑමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. ‘මංකි පොක්ස්’ ආසාදනය කෙනකු වෙතින් තව අයකුට බෝවීමේ වැඩිම ප්‍රවණතාව ඇත්තේ තරල ස්පර්ශය හරහාය. එලෙසම නිරෝධායන කාලසීමාව තුළ රෝගියා පිටස්තරයන්ට නිරාවරණය වීම තුළින් ඔහුට හෝ ඇයට වැලඳී ඇති ආසාදිත තත්ත්වය විෂබීජ වැනි දේ තුළින් ආසාදන තත්ත්වයට පත්වීමේ අවදානමක් මතුවිය හැකිය. එයින් ආසාදිතයා දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්වීමද සිදුවන්නට පුළුවන.

‘මංකි පොක්ස්’ වැඩි අවදානම ඇත්තේ වයස අවුරුදු 10 සහ 24 අතර පසුවන අයටය.

මීට දශක කිහිපයකට පෙර 1996 සහ 97 කාලසීමාව අතරදී බටහිර අප්‍රිකාවේ ‘මංකි පොක්ස්’ ආසාදිත වූ රෝගීන් 511ක් සොයාගැනිණි. එහිදී වඩාත්ම බලපෑමට ලක්වූයේ වයස අවුරුදු 10 සිට 24 දක්වා වූ පිරිසකි. ඒ නිසා එම වයස් සීමාව මෙම වයිරසය සඳහා අවදානමට බර යැයි ඇතැමුන් සිතුවද ‘මංකි පොක්ස්’ ආසාදනය ගැන ලොව පුරා පුළුල් දැනුවත් කිරීමක නියැළෙන ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එවැනි වයස් සීමාවක් ගැන සඳහනක් කොට නැත. ඒ වගේම ‘මංකි පොක්ස්’ රෝග ආසාදනය නැවත හිස එසවීම ගැන මහත් කම්පාවට පත්ව සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් අතර යම් කලකිරීමක සේයාවක්ද හටගෙන ඇති බව පුවත්පත් වාර්තාවල සඳහන් වේ.

එම කලකිරීමට හේතුව කුමක්ද?
හේතුව ලෙස ඉතාම අවංකභාවයෙන් යුතුව විද්‍ාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසා ඇත්තේ ‘1979 අවුරුද්දෙන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් වසූරිය වළක්වන සහ එයට එරෙහිව ක්‍රියාකාරී වන වැඩසටහන් සහ එන්නත් වැඩපිළිවෙළ හිටි අඩියේ නවතා දැමුවා. වඳුරු උණ හෙවත් ‘මංකි පොක්ස්’ වෛරසය නැවත හිස ඔසවන්නටත්, ගෝලීය වශයෙන් පැතිර යන්නටත් එම කාරණය ඇතැම් විට බලපාන්නට ඇතැයි යන හැඟීම නිතර මගේ යටි හිතට පීඩා දෙනවා…’ යනුවෙනි. ඉතින් එම ප්‍රකාශයේ යම් ඇත්තක් තියෙනවද?

තවම නම් එය කියන්නට දන්නේ නැත. එයට හේතුව විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන්ගේ එකී මනස්තාපය ගැන කිසිවකු නිල වශයෙන් යම් ප්‍රකාශයක් කොට නැති නිසාය.

ඊළඟ පියවර කුමක්ද?
කොරෝනාවෙන් දැඩි පීඩාවකට පත්ව සිටි අප දැන් ‘මංකි පොක්ස්’ ආසාදිතයකු නොවීමට වගබලා ගත යුතුය.

මුහුණු ආවරණ අතට ගන්න. එය අතට ගන්න යැයි කියන්නේ අතැඟිලි අතර එල්ලාගෙන නොසිට මුහුණට දමා නහය කට වසාගත යුතු නිසාය. කාර්යාලයට හෝ නිවෙසට ගොඩවූ සැණින් සබන් යොදා දෑත් සෝදාගන්නයැයි අලුතින් ඔබට කියන්නට ඕනෑ නැත.

ඔබ සිටින්නේ තෙල් පෝලිමේද? ගෑස් පෝලිමේද? කියා වෛරස් ආසාදනයන්ට අදාළත්වයක් නැත. ඒ නිසා සැනිටයිසර්වලින් ඈත් නොවී ඉන්න.

අත් අවරණ පලඳින්නට උත්සාහ දරන්නේ නම් එය වඩාත් ආරක්ෂාකාරීය.

ගෝලීය වශයෙන් ‘මංකි පොක්ස්’ වැනි ආසාදිත තත්ත්වයක් පැතිර යන විට එරට රජය ඒ වෙනුවෙන් කුමන ක්‍රියාපටිපාටියක් අනුගමනය කරන්නේද යන කාරණය එහි වැසියන් වූ අප ඔබට හෝ මට අදාළ නැත. ‘මගේ ආරක්ෂාව ගැන මම සැලකිලිමත් විය යුතුය’ යන මතය තුළ ඔබ අවදානමට එරෙහිව සූදානම්ව සිටින්න. අවදානමට පෙර සූදානම වඩා යහපත්ය.

මන්ද යත්, ලෙඩ රෝග සහ වසංගත එන්නේ ආරාධනාවක් නැතුවය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජබෙ කින්ස් ඕපදූපවලට පහර දෙයි! එක සතියකට එක නම් සෙට් එකක් දානවා! ඊළඟ සතියෙ තව සෙට් එකක නම් දානවා! ඇයි මෙහෙම හැසිරෙන්නේ! (VIDEO)

Next Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.