ඇතැම් මාධ්‍ය අද ව්‍යාජ පුවත් පළකරමින් විපක්ෂයේ පක්ෂවල මතගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එම මාධ්‍ය එක සතියකට ආණ්ඩුවට එක්වන බව කියමින් එක් මන්ත්‍රී කණ්ඩායමක නම් ලේඛනයකුත්, ඊළග සතියේ තවත් මන්ත්‍රී කණ්ඩායමක නම් ලේඛනයකුත් පළ කරමින් අසත්‍ය පුවත් නිර්මාණය කරමින් සිටින බවකි.










