ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මේ මස අවසානයේදී ලංකාවට පැමීණීමට නියමිතව සිටියද අවසන් මොහොතේ එය අවලංගු කොට ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් කිසිදු හේතුවක් මෙතෙක් ඉන්දීය පාර්ශ්වයෙන් නිකුත් වී නොමැති බව දැනගන්නට ඇත.
මෝඩි මහතා යාපනය පලාලි ගුවන්තොටුපොළින් ලංකාවට පැමිණීමටත්, ඉන් අනතුරුව යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කොට බිම්ස්ටෙක් සමුලුව ඇමතීමටත් කලින් සැලසුම් කොට තිබිණ.
නමුත් මේ වනවිට එම ගමන අත්හිටුවමින් මෝඩි මහතා අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ බිම්ස්ටෙක් සමුලුව ඇමතීමට තීරණය කොට ඇති බව පැවසේ.
අප මේ සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළද ඔවුහු ඒ පිළිබදව අදහස් දැක්වීමෙන් වැළකීී සිටියහ.










