• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමාත්‍යංශ 30ට වඩා වැඩි කරන්නේ නෑ! අමාත්‍යංශ වෙනස වෙන්නේ ලබන වසරේ! අමාත්‍යංශ ලේකම්වරුන්ට රනිල් දැනුම් දෙයි! PHOTO I Breaking News

May 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
අමාත්‍යංශ 30ට වඩා වැඩි කරන්නේ නෑ! අමාත්‍යංශ වෙනස වෙන්නේ ලබන වසරේ! අමාත්‍යංශ ලේකම්වරුන්ට රනිල් දැනුම් දෙයි! PHOTO I Breaking News
Share on WhatsAppShare on Facebook

බිඳවැටුණු ආර්ථිකය ගොඩගැනීමට රජය ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුන් ඉලක්ක පමණක් නොව ඉන් ඔබ්බට ගිය ආර්ථික සමෘද්ධියක් කෙටි කාලයක් තුළ රටට උදාකරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් ප්‍රධාන ලේකම්වරු සමඟ ඊයේ (17) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ය.

රටේ ආර්ථිකය බංකොලොත්වීම සහ තමන්ගේ අනාගතය පිළිබඳ තරුණ පරපුර නඟන ප්‍රශ්නවලට දේශපාලඥයාගේ සිට පරිපාලන නිලධාරියා දක්වා සියලුදෙනාට පිළිතුරු දීමට සිදුවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අතීතයේ වැරදි සිදු වුවද, සියලුදෙනා එක්ව නිසි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමෙන් එම වැරදි ආපසු හරවා ගැනීමට හැකියාව තිබෙන බව ද කියා සිටියේය.

රටේ දියුණු ආර්ථිකයක් ඇති කිරීමට නම් ඇතැම් රාජ්‍ය සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතා මුදල් තවදුරටත් අපතේ නොහැරිය යුතු අතර, අමාත්‍යාංශ ලේකම්වරුන් තම අමාත්‍යාංශ යටතේ ඇති සමාගම් ආරක්ෂා කිරීමට කටයුතු කරනවා වෙනුවට රජයේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළට සහාය ලබාදිය යුතු බව ද කියා සිටියේය.
පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට අවශ්‍ය බවත්, බිම් මට්ටමින් බලය බෙදාහැරීම පිළිබඳ ඉදිරි මාස දෙක තුන තුළදී තීරණය කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

අය වැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය පිළිබද මෙහිදී සාකච්ඡාවට ගැණුනු අතර රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසන්ධානය, රාජ්‍ය සේවයේ කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනින් පසුව ආර්ථිකය පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අය වැයෙන් සහ 2023 අය වැයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා නීති සංශෝධන මෙන්ම ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන බැඳීම් යටතේ ඉදිරිපත් කළයුතු සහ සංශෝධනය කළයුතු පනත් පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට පසුගිය කාලයේ අමාත්‍යාංශවලට සිදු වුණා. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.

දේශපාලනඥයින්, පරිපාලන නිළධාරින් අප සියලුදෙනා ඊට පිළිතුරු දිය යුතුයි. වුණ දේ වුණා. නමුත් මෙය අපට ආපසු හැරවිය හැකියි.

1977 දී අපි ආණ්ඩුව අරගෙන අවුරුදු 10ක් යනකොට රටේ ආර්ථිකය හදලා මහවැලි ව්‍යාපාරයත් අවසන් කළා. 2001 දී අපි ආණ්ඩුව භාරගෙන 2004 වන විට රටේ වැටි තිබු ආර්ථිකය ගොඩගත්තා. මෙම වැඩපිළිවෙළ නිසි ලෙස ක්‍රියාත්මක කරනවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඉලක්ක පමණක් නොවෙයි ඊට එහාට ගිය ප්‍රගතියක් අපට අත්කරගත හැකියි.

අපේ ප්‍රධාන කාර්යයක් වන්නේ රජ්‍ය සංස්ථා ප්‍රතිව්‍යුහගත කිරීමයි. මෙම සියලු සමාගම් පාලනය කරන ප්‍රධාන සමාගමක් තිබෙනවා. මේවා පිළිබඳ සොයා බලා ඇතැම් ඒවා අපි රජය යටතේ තබා ගනිමු. ඇතැම් ඒවායේ කොටස් බහුතරයක් රජය තබාගෙන ඉතිරි කොටස් පෞද්ගලික සමාගම් වෙත ලබා දිය යුතුයි. ඒ නිසා මේ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට උපරිමය සහය ලබා දෙන්න කියා මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.

දැන් තරුණ සේවා සභාව මගින් සිදු කරන්නේ පුහුණු කිරීම් විතරයි. ඒ වගේම ජාතික ආධුනිකත්ව මණ්ඩලය තිබෙනවා වෘත්තීය පුහුණු අධිකාරිය තිබෙනවා. මේ ආයතන දෙකම ඒකාබද්ධ කිරීමේ හැකියාව තිබෙනවා. මේ දීප ව්‍යාප්තව තිබෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පළාත් සභා මගින් පාලනය වීම වඩාත් හොඳයි.

ඒ නිසා රජය ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට එක්වන්නේ කෙසේද කියා අමාත්‍යාංශ තීරණය කළයුතුයි. එහි ප්‍රගතිය තව මාසයකින් විමසා බැලීමට මම අපේක්ෂා කරනවා.
පළාත් සභාවල ප්‍රාග්ධන වියදම් සහ ප්‍රාග්ධන ව්‍යාපෘති පිළිබඳ නව රෙගුලාසි ගෙන ඒමට සිදු වෙනවා. ඒ වගේම බිම් මට්ටමින් බලය බෙදැහැරීම පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ තීරණ ගැනීමට සිදු වෙනවා. අපි එම කටයුතු අවසන් කරමු.

අපි අධ්‍යාපනය ගැන අවධානය යොමු කළහොත් අපි මෙය පළාත් සභාවලට දෙන්න තමයි සැලසුම් කළේ. නමුත් එය අනිත් පැත්තට සිදුව තිබෙන්නේ. කෘෂිකර්මාන්තය ගත්තොත් කෘෂිකර්මයෙන් කොටසක් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්, කොටසක් කරන්නේ පළාත් සභාවෙන්. ඇයි අපිට මෙය පළාත් සභාවට භාරදිය නොහැකි. මේ බලතල ජාතික අමාත්‍යාංශය යටතේ තබා ගත යුතුයි කියා කොතනවත් සඳහන් වෙලා නැහැ. මෙය ලබාදුන්නොත් ජාතික අමාත්‍යාශයට පළාත් සභා පාලනය කළ හැකියි.

අද අමාත්‍යාංශ 30ක් පමණ තිබෙනවා. අපි එය එතනට සීමා කරමු. දැන් සිදුව තිබෙන්නේ හොඳ තත්ත්වයක් තමයි, පළාත් පාලන සහ රාජ්‍ය පරිපාලන එක අමාත්‍යාංශයක් බවට පත් කිරීම. වාරිමාර්ග සහ මහවැලි දැන් එකට තිබෙන්නේ. ලබන වසර අවසන් වන විට වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත එක අමාත්‍යාංශයක් යටතට ගෙන ආ යුතුයි.
ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම, හා විදේශ කටයුතු එකට තිබිය යුතුයි. මේ නව ප්‍රතිව්‍යුහගත කිරීම දැන් ආරම්භ කළ යුතුයි. එම ඇතැම් කටයුතු ලබන වසරේ අවසන් කිරීමට අපට හැකියාව තිබෙනවා.

පළමුව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ක්‍රියාත්මක කිරීම. ඉන් අපට ඉවත් විය නොහැකි අතර ඒ සමග ඉදිරියට යා යුතුයි. ඉන් සිදු වන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිවීම පමණයි. ඉන් පසුව මේ ණය ආපසු ගෙවන්නේ කෙසේද කියා අපි අවධානය යොමු කළයුතුයි. ඒ සඳහා අපි සීග්‍ර සංවර්ධන වැඩපිළිවෙළකට යා යුතුයි. ඒ සදහා අපි 2048 වසර ඉලක්ක කරගෙන තිබෙනවා.

මේ රටේ ආර්ථිකය බංකොලොත්වීම පිළිබඳ සැම අමාත්‍යාංශයක්ම වගකිව යුතුයි. අපට කාලයක් සිදුවුනා යම් යම් කටයුතු සදහා මුදල් ලබාදීමට. එයින් සිදුවුණේ ජනතා මුදල් අපතේ යාම පමණයි. රටට මොකක්ද වුණේ කියලා තරුණ පරපුර ප්‍රශ්න කිරීම සාධාරණයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු යන මහත්වරුන් ද මීට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-05-17

SendShareShare
Previous Post

මාධ්‍ය හමුව අතරමැදදි හඳුන්නෙත්තිගේ ‌ෆෝන් එකට ඕමානයේ සිංහල කාන්තාවක් කතා කරයි! හතර වටේටම බැනගෙන බැනගෙන යයි! VIDEO I Breaking News

Next Post

ඉදිරියේදී ජවිපෙට එල්ල වීමට නියමිත දැවැන්ත ප්‍රහාරයක තොරතුර අනුරගේ අතට ඇවිත්! ජවිපෙ යුද්ධයකට මුහුණ දෙන්න සූදානම් වෙයි! VIDEO I Breaking News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.