ශ්‍රී ලංකා ක්‍රිකට් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය නිවරැදි නොවන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Sri Lanka Latest News
මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය එලෙස නිවේදනය කර තිබුණි.
එමෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබාදී තිබෙන බවද නිවේදනය කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා සිය අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් නියෝගයක් හෝ සාකච්ඡාවක් නොතිබූ බැවින් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවරැදි කළ යුතු බවය.










