පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට තමන් කර ඇති ප්‍රකාශ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හෝ අධිකරණය ඉදිරියේ කරුනු දැක්වීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
එය සමාජ වගකීමක් ලෙස තමා දකින බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්පූර්ණයෙන් වගකිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳ විමර්ශනයක් කරන්නැයි කතෝලික සභාව වෙනුවෙන් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසාන්ත පියතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබිණ.
මේ පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත තමන් කැඳවන්නේනම් දන්නා සියලු තොරතුරු අනාවරණ කිරීමට සූදානම් බවයි.










