ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අතුරු කමිටු දෙකක් විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා අතුරු කමිටු දෙකයි මෙලෙස විසුරුවා හැර ඇත්තේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනත සහ වලංගු ක්‍රීඩා නියෝගවලට අනුව නීත්‍යානුකුල නිල කාලය අවසන් වී නැවත නිලවරණය පැවැත්වෙන තෙක් මීට පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත අදාළ සංගම්වල කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බලය පවරණ බවද අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
hirunews










