අද වන විටත් රටට අහිමි වූ ඩොලර් ලක්ෂ 25 ගැන විධිමත් පැහැදිලි කිරීමක් නොමැති බවත් රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා එක් කතාවක්ද අනිල් ජයන්ත නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා තවත් විග්‍රහයක් සිදු කරන මොහොතක රටේ ජනතාවට මේ සිදුවූ දේ ගැන නිවැරදි සත්‍යවාදී තොරතුරු ලබා ගන්න අයිතියක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ ගැටලුව නිර්මාණය වූයේ ඔස්ට්‍රේලියානු ණය හිමිකරුවා ලෙස පෙනී සිටි ව්‍යාජ ණය හිමිකරුවකු නිසා හෝ ණය හිමිකාර ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නිසා හෝ අප රටෙ ණය කළමනාකරණ හෝ විදේශ සම්පත් දෙපාර්තමෙන්තුව නිසා සිදුවූ අඩුපාඩුවක් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ කරුණු කාරණා ගැන විධිමත් තොරතුරක් රටට ඉදිරිපත් කරන්න මේ රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ අනුනායක දුරන්දර ශ්‍රී කල්‍යානි යෝගාස්වර දුරන්දර ත්‍රිපිටවාදී නා උයනේ ආරියධම්ම ස්වාමීන් වහන්සේගේ 87 වන ජන්ම දිනය සහ 10 වැනි ගුණ සමුරුව නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ ජලනි ප්‍රේමදාස මහත්මියගේ අනුග්‍රාහකත්වයෙන් එම ආරණ්‍ය සේනාසනයේ දී දානමය පින්කමක් පැවැත්විණි. ඒ දානමය පුන්‍යකර්මය සඳහා අතිපූජනීය මගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ ද එක්විය. ඒ පූජනීය අවස්ථාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මේ බව පැවසීය
ජනවාරියේ මේ ගැටලුව හඳුනා ගත්තා නම් ඇයි මාර්තු වෙනකම් බලන් හිටියේ
මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන ආකාරයට ජනවාරියේ මේ ගැටලුව හඳුනාගෙන මාස ගණනාවක් මේ රහස්‍යභාවය රැකගෙන පරීක්ෂණය විධිමත්ව සිදු කළ බව පැවසු බවත් ඔහු මේ ගැටලුව ජනවාරියේ හඳුනා ගත්තත් මේ ගැන පරීක්ෂණ කරන කමිටුව පත් කරන්න මාර්තු වන තුරු සිටියේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් මේ තොරතුරු හෙළිදරව් වන තෙක් මුදල් පිළිබඳ ප්‍රධාන වගකීම ඇති පාර්ලිමේන්තුවට මේ හොරකම ගැන දැනුවත් නොකළේ ඇයි ද යන්න බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට ඉන්දියාට යැවූ මුදල් නැති වූවාද ?
අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මෙවැනි සිදුවීමක් ඉන්දියාවත් සමඟ ගණුදෙනුවකදී සිදුවූ බවට ප්‍රකාශ කර බවත් මේ ප්‍රකාශයේ සත්‍යතාව රජය පැහැදිලි කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු රජය සමඟ සිදුවූ ගණුදෙනුව සේම ඉන්දියාව සමඟ සිදුවූ ගණුදෙනුවේදී ද මුදල් අහිමි වී ඇත්නම් සත්‍ය රටට පැහැදිලි කළ යුතු බවත් මාස ගණනාවක් මේ කරුණ සඟවා තිබ්බේ ඇයි ද කියා ගැටලුවක් බවත් එය බරපතල ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේක මාලිමා රජයේ අකාර්යක්ෂමතාව නිසා සිදු වූ දෙයක්
මේ සිදුවූ දේ ඉතාම බරපතල බවත් අප රට සෛරී වගකීම් රැසක් ක්‍රියාත්මක කරන්න බැදී ඇති රටක් බවත් මේ සෛරී වගකීම් ක්‍රියාත්මක කිරීමේ දී රටක්, රජයක් හා මුදල් අමාත්‍යාංශයක් ලෙස අකාර්යක්ෂම කටයුතු කරන්නේ නම් අප රට ගැන නරක පණිවිඩයක් ජාත්‍යන්තරයට යන බවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ගැන කතා කරන සෘජු විදේශ ආයෝජනවලට අමතරව කර්මාන්ත හා ව්‍යවසාය දියුනු කරන්න මෙවැනි තත්ත්වයක් උඩ නම් නොහැකි බවත් අපේ රට ගැන පැහැදිලි දැක්මක් මේ නිසා ලොවට ඉදිරිපත් කළ නොහැකි බවත් මෙය ආයෝජන ප්‍රවර්ධනයට බාධාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණයක් සිදු කරන්න
විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණ සභාවක් මේ වෙනුවෙන් පත් කිරීම රජයේ යුතුකමක් බවත් ප්‍රශ්න සහගත වංචාව සිදුවූ ආයතනයෙන් නිලධාරින් පත් කර මේ පරීක්ෂණ සාධාරණව ක්‍රියාත්මක කළ නොහැකි නිසා විනිවිදභාවයෙන් යුක්ත නිර්ව්‍යාජ පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ජනාධිපතිවරයා මේ ගැන ගන්නා විධිමත් ක්‍රියාමාර්ග රට දැනුවත් කළ යුතු බවත් මේ වංචා සහගත හොරකම තුළින් මේ රජය කාර්යක්ෂම නොවන බවට සනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සයිබර් ආරක්ෂාව තහවුරු කර ගන්න බැරි මේ රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන කවර කතාද?
මුදල් අමාත්‍යාංශයේ සයිබර් ආරක්ෂාව තහවුරු කළ නොහැකි නම් රටේ අනෙකුත් ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව ගැන හිතාගත හැකි බවත් මේ අවස්ථාවේ ජනාධිපතිවරයා ඇත්ත කතා කළ යුතු බවත් මේ සිදුවීමෙන් රජයේ නොහැකියාව අදක්ෂකම අකාර්යක්ෂමතාව රටටම ප්‍රදර්ශනය කර ඇති බවත් සුහුරු රාජ්‍ය පාලනය වෙනුවට වත්මන් රජය අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා පැවසීය.










