2026 වසරේ මුල් මාස පහ තුළ මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි පීඩනයකට ලක්ව ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2025 වසරේ අවසානයේ සිට 2026 ජුනි මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 7.9%කින් අවප්‍රමාණය වී ඇත.Sri Lanka Latest News
අපනයන ආදායමට වඩා ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ හිඟය 2025 වසරේ මුල් මාස පහේ පැවති ඩොලර් බිලියන 2.7 සිට 2026 වසරේ එම කාලය වන විට ඩොලර් බිලියන 4.7ක් දක්වා පුළුල් වී ඇත. මේ සඳහා ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ යාම සහ මෝටර් රථ ආනයනය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 1,071ක විශාල මුදලක් වැයවීම ප්‍රධාන හේතුවක් වී තිබේ.
මෙම අභියෝග මධ්‍යයේ වුවද, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අංශයේ 26%ක වර්ධනයක් දක්නට ලැබෙන අතර, එම සමුච්චිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.9ක් ලෙස සටහන් වේ. කෙසේ වෙතත්, මැයි මාසයේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 194ක හිඟයක් වාර්තා වී ඇති අතර, සේවා ගිණුමේ අතිරික්තය 20.8%කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,436ක් දක්වා අඩු වී තිබේ.
එසේම, වසරේ මුල් මාස පහ තුළ සංචාරකයින් පැමිණීම මිලියනය ඉක්මවූවද, සංචාරක ඉපැයීම් 11.9%කින් පහළ ගොස් ඩොලර් මිලියන 1,360ක් ලෙස වාර්තා වී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.










