• About us
  • Contact us
Thursday, July 2, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාසගේ කාලේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට ගෙවල් ලැබුණා! මහින්දගේ කාලේ ගෙවීමේ ක්‍රමයට බයිසිකල් ලැබුණා! අනුරගේ කාලේ ගෙවීමේ ක්‍රමයට ලැබෙන්නේ හාල් කිලෝ 20ක්! එදා ගොවි රජවරු අද වහකදුරු වෙලා! VIDEO I Sri Lanka Latest News

July 2, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ එස්.එම් මරික්කාර් මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

‘‘ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරුන්ගේ කාරුණික බව , සුහදශිලි බව දැන් පෙනෙන්න නැහැ. ඔවුන් දැන් මාධ්‍යවේදීන්ටත් තර්ජනය කරන්න පටන් ගෙන තිබෙනවා. කෙසේ නමුත් මෙවැනි තත්ත්වයකට වර්තමාන රජය පත්වී තිබෙන්නේ ඔවුන්ගේ නොහැකියාව නිසයි. ඒ වගේම ආණ්ඩුවේ වැරදි වහ ගැනීමට ක්‍රමයක් නොමැති නිසා ආණ්ඩුවේ මැති ඇමැතිවරු මෙවැනි තත්ත්වයකට පත්වී තිබෙනවා. ඒ වගේම ගොවී ජනතාව සමඟ සිටි ආණ්ඩුවේ පිරිසට අද ගොවි ජනතාව හිසරදයක් වී තිබෙන බව පෙනෙන්න තිබෙනවා. ගොවීන්ගේ වී වලට නිසි මිලක් ලබා දීමට නොහැකිව , මාෆියාකරුවන්ට යටවී කටයුතු කරන රජයක් බවට අද ජාතික ජනබලවේග රජය පත්වී තිබෙනවා.

කෙසේ නමුත් රටේ ජනතාව අද ආර්ථික වශයෙන් විශාල ප්‍රශ්න රැසකට ගොදුරු වෙලා තිබෙනවා. රටේ ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකිව පීඩාවට පත් වෙලා , ඉන්ධන මිල වැඩි කිරිම නිසා පීඩාවට පත් වෙලා , විදුලි බිල වැඩි කිරිම නිසා පිඩාවට පත්වෙලා , දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට නොහැකිව පීඩාවට පත්ව සිටිනවා. ඒ වගේම ජනතාවට අනාගතය පිළිබඳව විශ්වාසයක් නැති තත්ත්වයක් අද රටතුළ නිර්මාණය වී තිබෙනවා. අද රටේ බහුතරයක් ජනතාවට වේල් තුන හරියාකාරව කන්න නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ආර්ථිකය කඩා වට්ටන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට නිවාස ලැබුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ රාජ්‍ය සේවකයන්ට මෝටර් බයිසිකල් ලැබුණා. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ කාලයේ හාල් කිලෝ 20 ක් ගෙවීමේ ක්‍රමයට දෙන්න කටයුතු කරන බවට තොරතුරු වාර්තා වෙනවා. කෙසේ නමුත් රාජ්‍ය සේවකයන්ගේ පඩිපතට වුණ දෙයක් හොයා ගැනීමට බැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව යටතේ මාසයක් තුළ දෙවතාවක් ඉන්ධන මිල වැඩි කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කළා. ඒ වගේම අනුර දිසානායක මහතා ඩෙංගු රෝගීන් පිළිබඳව විපක්ෂයේ සිටින විට විශාල හඩක් නගන්න කටයුතු කළා. නමුත් අදවනවිට ඩෙංගු රෝගීන් දවස දවස වැඩි වෙනවා. ඩෙංගු රෝගීන්ගේ වැඩි වීම කළමනාකරණය කර ගන්න ආණ්ඩුව හැකියාවක් ලැබිලා නැහැ.

ඒ වගේම කොටස් වෙළඳපොල හරහා පැමිණි ඩොලර් මිලියන 10 ක ආයෝජනයට හැර සෘජු විදේශ ආයෝජන හරහා කිසිදු ඩොලරයක් ලංකාවට ලැබිලා නැහැ. කිසිදු ව්‍යාපෘතියක් , රැකියාවක් , ප්‍රති අපනයනයක් සෘජු විදේශ ආයෝජන හරහා සිදුවෙලා නැහැ. ඒ වගේම ජනතාව පීඩාවට පත් කර බදු අයකළාට ණය ගෙවන්න වෙන්නේ රුපියල්වලින් නෙවෙයි ඩොලර් වලින්. ඒ වගේම විදේශ ආයෝජන ගෙනැවිත් ඩොලර් ලංකාවට ගෙන ඒමට දැනුමක් , කුසලතාවයක් , අද්දැකිමක් තිබිය යුතුයි.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතා නිතරම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ආසියානු සංවර්ධන බැංකුව හමුවෙනවා. ඒ හමුවෙන්නේ ණය ගන්නයි. කෙසේ නමුත් ආනයන අපනයන ආදායම අඩුවී ඩොලර් ආදායම හීන වීමත් සමඟ විශාල අර්බුදයකට ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේම 2028 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අවසන් වූ වහාම තවත් ගිවිසුමකට එළඹෙන්න රජයට සිදුවෙනවා. එසේ සිදුනොවුණොත් භාණ්ඩ මිල ඉහළ ගොස් බදු බර වැඩි වී දැඩි අපහසුතා රැසකට ජනතාවට මුහුණ දෙන්න සිදුවෙනවා.

ඒ වගේම ජාතික ව්‍යවසන සභාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මම තවත් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරයෙක් සහභාගි වුණා. එහිදි අපදා කළමනාකරණ පනත සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අපදාවකින් පසු සහන සැලසිම සහ අපදාවක් පැමිණිමට පෙර සුදානම් වන ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. එහිදී රජය නියෝජනය කරමින් පැමිණි ඇමැතිවරු කිසිවක් කතා කළේ නැහැ. නමුත් සමගි ජනබලවේගයේ අපි විෂයානුබද්ධව කරුණු පැහැදිලි කරලා දුන්නා. කෙසේ නමුත් ඕනම තැනකදී ගමේ නගරයේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මම ඉදිරිපත් වුණා. අපිට මහජනතාව ඡන්දය දුන්නේ කට වහගෙන ඉන්න නෙවෙයි. මහජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් , ලැබිය යුතු දේවල් ලබා ගැනීමට කතා කිරීමයි ජනතාව ඡන්දය ලබා දුන්නේ.

ඒ වගේම ආණ්ඩුව විපක්ෂයේ සහාය ගන්න සුදානම් නැහැ. සියල්ල දන්න පිරිසක් තමයි ආණ්ඩුවේ ඉන්නේ. එවැනිම පිරිසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමඟත් සිටියා. නමුත් අවසානයේ ඔවුන්ට සිදුවුණ දේවල් පිළිබඳව හිතා ගන්නවත් බැහැ. අපිට දේශපාලනයට වඩා රට වටිනවා. රටට හොදක් වෙනවානම් ලබාදිය හැකි උපරිම සහාය ලබා දෙන්න අපි සූදානම්. රට කඩා වට්ටලා ඒ මතින් දේශපාලනය කළ යුතු නැහැ. ඒ වගේම රට අකර්මන්‍ය වුණ අවස්ථාවල රට ගොඩගැනීමට ශක්තියක් ලබා දෙන්න නොහැකිම් දේශපාලනයේ සිටිය යුතු නැහැ.

ඒ වගේම ආණ්ඩුව සමගි ජනබලවේගයේ සමාජිකයන්ට විවිධ චෝදනා එල්ල කරනු ලබනවා. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ අත්හිටවු සිරදඩුවම් දුන්න දෙන්නෙක් ඉන්නවා. අනුන්ගේ දේපොළ බලයෙන් ලියා ගත්ත නියෝජ්‍ය ඇමැතිවරු සිටිනවා. පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු පිරිස් අද ඇමැතිවරු වෙලා සිටිනවා. මුලින්ම මේ පිරිසට හරියාකාරව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මොවුන්ට ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ ජාතික ජනබලවේගයෙන් කිසිදු පරික්ෂණයක් නැහැ. ඒ වගේම පොහොර සංස්ථාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණ කුමාර ජයකොඩිට ඇමැතිධුරයක් දෙන්නත් වර්තමාන ආණ්ඩුව කටයුතු කර තිබුණා. මෙවැනි බරපතල චෝදනා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට එල්ල වෙලා නැහැ.‘‘

SendShareShare
Previous Post

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

Next Post

අධිභාරයක් දැම්මත් ලංකාවට ඩොලර් මිලියන 1071ක වාහන ගෙන්වලා! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

තහනම් ගනුදෙනු සිදුකරලා! මහබැංකුව තවත් සමාගම් 25ක් නම් කරයි! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!
Exclusive

ජෝර්දානය-මයික්‍රොනීසියාව-පිලිපීනය-වියට්නාමය යන රටවල් අතරට යළි ලංකාවත් එක්වෙයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ඉර යුරෝපයට ගොඩක් ළංවෙයි! රස්නෙට ස්පාඤ්ඤයේ 1000ක් පිච්චිලා මැරෙයි! I Sri Lanka Latest News

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මරික්කාර්ගෙන් මාධ්‍යට හොඳ දෙසුමක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

තහනම් ගනුදෙනු සිදුකරලා! මහබැංකුව තවත් සමාගම් 25ක් නම් කරයි! I Sri Lanka Latest News

තවත් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

අධිභාරයක් දැම්මත් ලංකාවට ඩොලර් මිලියන 1071ක වාහන ගෙන්වලා! I Sri Lanka Latest News

විසර්ජන පනතෙන් අවසර දුන්නේ බිලියන 4979ක ණය ගන්න විතරයි! ආණ්ඩුව ඒ ණය බිලියන 13900 දක්වා වැඩි කරන්න අවසර ඉල්ලලා! ඒ කියන්නේ ඩොලර් බිලියන 30ක් තවත් ණය ගන්න යනවා! දැනට ණය ඩොලර් බිලියන 83යි! ඊළඟ මාස 6ට තව ඩොලර් බිලියන 30ක් ණය ගන්නේ මොකටද? බිලියන 10ක් ඡන්දෙට නොදී බිලියන 9000කින් වියදම් වැඩි කරන්න යන්නේ ඇයි? මේක හෙණගහන අපරාධයක්! ණය අරන් කෙළවෙච්ච රටට වෙන්න යන දේ ගැන මහා හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

ප්‍රේමදාසගේ කාලේ රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට ගෙවල් ලැබුණා! මහින්දගේ කාලේ ගෙවීමේ ක්‍රමයට බයිසිකල් ලැබුණා! අනුරගේ කාලේ ගෙවීමේ ක්‍රමයට ලැබෙන්නේ හාල් කිලෝ 20ක්! එදා ගොවි රජවරු අද වහකදුරු වෙලා! VIDEO I Sri Lanka Latest News

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

බාල ගල් අඟුරු ගැන මුලින්ම රටට කිව්වා! පාර්ලිමේන්තුවේ සටන් කළා! ඇමැතිට විශ්වාසභංග ගෙනාවා! ඇමැතිවයි ලේකම්වයි ගෙදර යැව්වා! ඔන්න සජබය දැන් ජනාධිපති විමර්ශන කොමිසමට දිව්රුම් ප්‍රකාශ මගින්ම සාක්ෂි ඉදිරිපත් කරලා! VIDEO I Sri Lanka Latest News

අපි මුලින්ම කිව්වා! ජාත්‍යන්තර මොළවලට-යාළුකම්වලට ලෝකෙන් ආධාර ලැබෙන්නේ නෑ! නිශ්චිත ප්‍රතිපත්තියක් හදාගන්න! ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ලංකාවට දැනුම් දෙයි!

ජෝර්දානය-මයික්‍රොනීසියාව-පිලිපීනය-වියට්නාමය යන රටවල් අතරට යළි ලංකාවත් එක්වෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.