• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 11කට පසු මිලින්ද ඉන්දියාවේ වැඩ බාර ගනී! (VIDEO)

August 30, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
මාස 11කට පසු මිලින්ද ඉන්දියාවේ වැඩ බාර ගනී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා වශයෙන් නම් කරන ලද මිලින්ද මොරගොඩ මහතා අද (30) නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී නිල රාජකාරි ඇරඹීය.

කැබිනට් නිල තත්ත්වය සහිතව පත් කරන ලද මොරගොඩ මහතා ඉන්දීය ජනාධිපති රාම් නාත් කොවින්ද් මහතා වෙත සිය අක්ත පත්‍ර භාරදීමට නියමිතය.

වැඩ බලන මහ කොමසාරිස් නිලූක කදුරුගමුව මහතා ඇතුළු කාර්ය මණ්ඩලය අභිනව මහ කොමසාරිස්වරයා පිලිගත් අතර ආගමික කටයුතු වලින් අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මැද රාජකාරි ආරම්භ කරන ලේඛනවලට අත්සන් තබා ඇත.

සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පූජ්‍ය, ආචාර්ය නියංගොඩ විජිතසිරි හිමිපාණන් පිරිස පංචශීලයෙහි පිහිටුවන ලද අතර කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත, අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත තිරිකුණාමලයේ ආනන්ද, සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී සාමග්‍රී සංඝ සභාවේ අනු නායක මහාචාර්ය කොටපිටියේ රාහුල සහ ඉන්දියානු මහාබෝධි සංගමයේ මහ ලේකම් පැලවත්තේ සීවලී යන හිමිපාණාන් වහන්සේලා සූම් ඇප් යෙදවුම මගින් අන්තර්ජාලය භාවිතා කර සෙත් පිරිත් දේශණා කිරීම විශේෂත්වයක් විය.

2021-23 මිලින්ද මොරගොඩ මහතා ගේ ධුර කාලය තුළ ඉන්දීය, ශ්‍රී ලංකා දූත මණ්ඩල සඳහා වූ ඒකාබද්ධ රාෂ්ට්‍ර ක්‍රමෝපාය මෙහි දී ප්‍රකාශයට පත් කළේය.

ඉන්දු ශී්‍ර ලංකා සබ`දතා තවදුරටත් ශක්තිමත් කරනු ස`දහා දැක්මක් එමගින් ඉදිරිපත් කර තිබේ.

බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දේශනා කරන ලද සද්ධා, සීල, ත්‍යාග, සහ පඤ්ඤා යන සතර සම්පදා මෙම ප්‍රකාශනයට පදනම් කරගෙන ඇත.

එහි ස`දහන් මූලික අංශ දෙකකි. දූත මණ්ඩල උපාය මාර්ග රාමුව හා එහි පරමාර්ථ සහ අරමුණු පළමු කොටසට අඩංගු අතර එකී පරමාර්ථ හා අරමුණු විග්‍රහ කොට එක් එක් අරමුණු ක්‍රීයාත්මක කළ යුතු ව්‍යුහාත්මක ආකාරය වෙන් කර දැක්වීම දෙවැනි කොටසට ඇතුලත් කර තිබේ.

දූතමණ්ඩල පරමාර්ථ හතක් හා ඒවාට යටත් අරමුණු තිහක් ද මෙම රාශ්ට ක්‍රමෝපායේ දක්වා ඇත.

දේශපාලන සබඳතා තරකරගනිමින්, රටවල් දෙක අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා ක්‍රමෝපායී මට්ටමකට රැගෙන ඒම, විදේශ ආයෝජන සහ රටට අවශ්‍යම කරන අපනයන ආදායම වැඩි කිරීම ඇතුළු කරුණු එහි ඇතුලත්ය.’සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සාර්ව ආර්ථික ඉලක්ක සපුරා ගැනීමේ පරමාර්ථයෙන් මෙහෙයැවෙන අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රමෝපායී සහයෝගීතාව අරමුණු කෙරේ.

රටවල් දෙක අතර භූමි කලාපයේ හා ඉන්දියානු සාගරයේ ආරක්ෂාව යන ක්ෂේත්‍රවල අවධානය, ශ්‍රී ලංකාවේ අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව සංස්කෘතික, අධ්‍යාපන සහ විද්‍යා-තාක්ෂණ වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම ගැන ද මෙහි ස`දහන්ය.

ඉන්දියාවේ ජනතාව වෙත සමීපවීමේ මෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා තර කිරීමේ අරමුණෙන්, ජනතාවාදී සහ රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත් ධනාත්මක ප්‍රතිරූපයක් ඉන්දියාව ඇතුළත නිර්මාණය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සම්බන්ධකතාව ඉහළ නැංවීම සහ අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සාගර සම්පත් ආරක්ෂා කරගැනීමට ඇති අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම යන කරුණු මෙම සංග්‍රහයෙහි තවදුරටත් ඇතුලත්ය.

සම්පූර්ණ ලියැවිල්ල https://www.slhcindia වෙබ් අඩවියෙන් කියැවිය හැකිය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා සලකා කැපවීමෙන් හා කණ්ඩායම් හැ`ගීමකින් ක්‍රියා කරන අතර දැනට පවතින අසීරු අවස්ථාවේ දී විදේශගත දූත මණ්ඩල නියෝජිතයන් රට වෙනුවෙන් කරන සේවාව අගය කරන බව ද මිලින්ද මොරගොඩ මහ කොමසාරිස් ධුරයෙහි වැඩ භාරගනිමින් කියා සිටියේය.

මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම පාර්ලීමේන්තු උසස් නිලතල කාරක සභාව මගින් සම්මත කරනු ලැබුවේ ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වැනි දිනය.

SendShareShare
Previous Post

දකුණේ කොල්ලෙක් හෙල්ලයෙන් දෙවන පදක්කමත් ලංකාවට දිනා දෙයි!

Next Post

සතොස සීනි 10කින් නග්ගයි! එක්කෙනෙක්ට කිලෝ එකයි! ඒකත් ගන්න ජනතාව පෝලිමේ!

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.