මේ දවස්වල හැමෝම කතාවෙන්නේ ආණ්ඩුව දාපු ‘ටින්’ එක, එහෙමත් නැත්නම් බදු ගොනු අංකය (TIN).Sri Lanka Latest News
මේක අවුරුදු 18ට වැඩි හැමෝම අනිවාර්යයෙන්ම ලබා ගත යුතු එකක්.
කොහොමහරි ආණ්ඩුවේ මේ අලුත් ‘ටින්’ එක නිසා මේ දවස්වල හුග දෙනෙක්ට පරණ ‘ටින්’ එකකුත් මතක් වෙලා.
ඒ තමයි පහුගිය කාලෙ රියලිටි වේදිකාවේ ජනප්‍රිය වෙච්ච ‘ටින්’ එක. එහෙමත් නැත්නම් ‘හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී…’ ගීතය.
බොහෝ දෙනෙක් මේ අලුත් ටින් එකේ කතාවත් එක්ක පරණ ටින් එකේ ගීතය යූටියුබ් එකේ හොයලා අහලා තිබුණා.
ඒ නිසයි අපිත් මේ අලුත් ‘ටින්’ එකත් එක්කම පරණ ‘ටින්’ එකත් දාන්න පියවර ගත්තේ.










