• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීර අත්අඩංගුවට ගන්න උලපනේට ගිය හමුදා නිලධාරීන් විජේවීරගේ අන්තිම පැය 24 හෙළිකරයි! ගොඩදෙනකුට විජේවීර අමතක වෙලා නිසා අපට හිතුණා මතක් කරන්න! Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
විජේවීර අත්අඩංගුවට ගන්න උලපනේට ගිය හමුදා නිලධාරීන් විජේවීරගේ අන්තිම පැය 24 හෙළිකරයි! ගොඩදෙනකුට විජේවීර අමතක වෙලා නිසා අපට හිතුණා මතක් කරන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සිට ඔහුව ඝාතනය කිරීම දක්වා වූ සිදුවීම් දාමයේ ඇසින් දුටු සාක්ෂිකරුවකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු බලලත් නිලධාරී ආනන්ද ජයසුන්දර මහතා සමග WANESA TV යූටියුබ් නාලිකාව සිදුකළ සම්මුඛ සාකච්ඡාව පහත පළවේ. (Sri Lanka Latest News)

1943 වැනි ජූලි 14 වැනිදා උපත ලබන ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර උලපනේදී 1989 නොවැම්බර් 13 වැනිදා අත්අඩංගුවට ගැනීම සිදුකරන්නේ ජෙනරල් ජානක පෙරේරා සහ බලලත් නිලධාරී ආනන්ද ජයසුන්දර ඇතුළු කණ්ඩායම. රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම සහ ඝාතනය පිළිබඳ පුවත් රාශියක් ජනගත වී තිබෙනවා. නමුත් එහි ඇත්ත කතාව අද අපි කියන්න සූදානම්. මේ, එවක ජානක පෙරේරා සමග රෝහණ විජේවීර අත්අඩංගුවට ගැනීම සඳහා උලපනේට ගිය 5 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුව නියෝජනය කළ බලලත් නිලධාරී ආනන්ද ජයසුන්දර ඔබට හෙළිකරන රෝහණ විජේවීර පිළිබඳ ඇත්ත කතාවයි.

අපි මුලින්ම ආනන්ද ජයසුන්දර කියන ඔබව හඳුනාගෙන ඉඳිමු?
මම 5 වසර වෙනකල් උඩපළ ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ දක්වා පොල්ගහවෙල මධ්‍ය විද්‍යාලයට ගියා. ඒ කාලේ මම ඉස්කෝලෙදී කැඩෙටින් කළා, ක්‍රීඩා කළා. මට ඕනෙකම තිබුණේ හමුදාවට බැඳෙන්න. නමුත් මගේ අම්මා ඒකට කැමැති වුණේ නෑ. ඒ කාලේ යුද්ධය දරුණුවට තිබුණු කාලයක්. කොහොම හරි තාත්තව කැමැති කරගෙන මම හමුදාවට බැඳුණා. ඒ, 1987 මාර්තු 19 වැනිදා. එතකොට මට වයස හරියටම අවුරුදු 18යි. අපි දියතලාවේ මාස 6ක යුද පුහුණුවක් ලැබුවා. ඊට පස්සේ අපිට ඒකකවලට කැඩුවා. එතැනදී මම බැඳුණේ පළමු යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට. ඊට පස්සේ හැදුවා පස්වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුව කියලා එකක්. මම ඒකේ අවුරුදු 22ක් සේවය කරලා 2009 යුද්ධය අවසන් වුණාට පස්සේ මම විශ්‍රාම ගියා.

රෝහණ විජේවීර ඝාතනය වන්නේ 1989 නොවැම්බර් 13 වැනිදා. ඔහු අත්අඩංගුවට පත්වන්නේ ඊට දින 3ක් කලින්. ඒ කියන්නේ 1989 නොවැම්බර් 10 වැනිදා. ඔබ ඇතුළු පිරිසක් තමයි රෝහණ විජේවීරව අත්අඩංගුවට ගන්නේ?
1987න් පස්සේ මේජර් ජෙනරල් ජානක පෙරේරා සර් හිටියේ මේජර් නිලයේ. අපේ යුනිට් එකේම තමයි ඔහු හිටියේ වැලිඔය ප්‍රදේශය භාරව. ඔහු ඊට පස්සේ සී.ඕ. නිලයට උසස් වුණා. ඒ අතර ඔහුගේ ස්කොඩ් එකට මාවත් තෝරගත්තා. ඔය අතරේ අපේ රෙජිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණේ අවි ගබඩාවක් වැටලුවා පන්නිපිටිය ප්‍රදේශයේදී. ඒ නිසා ජානක පෙරේරා සර් කර්නල් නිලයට උසස් කළා. ඒ අතරත් ඔහු රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා විදියට හිටියේ. ඔය කාලේ අපේ රෙජිමේන්තුව කොට්ටාව, පිළියන්ද, මොරගහහේන, හොරණ ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් නවත්වන්න කටයුතු කළා. ඔය අතරේ තිඹිරිගස්යායේ ගරාජ් එකකට කාර් එකක් හදන්න ඇවිත් ඉන්නැද්දී ආනන්ද ඩී.ඒ කියලා ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායකයව අපේ රෙජිමේන්තුවෙන් අත්අඩංගුවට ගත්තා. එයාගෙන් ප්‍රශ්න කරද්දී කිව්වා හෙට නුවර නායකයා වුණු පියදාස රණසිංහගේ ගෙදරට ජනතා විමුක්ති පෙරමුණේ උපනායක ගමනායක මහත්තයා කොන්ෆරන්ස් එකකට එනවා කියලා. ඒ අනුව ජානක පෙරේරා සර් සහ අපි ඒක වටලන්න යන්න අවසර ගන්න ගියා යුද හමුදා මූලස්ථානයට. ඒ කාලේ ඒකේ ප්‍රධානියා විදියට හිටියේ ජෙනරල් වෛද්‍යරත්න සර්. ඔහු ඒ දවස්වල ලංකාවේ හිටියේ නෑ. ඔහුගේ වැඩ බැලුවේ බි්‍රගේඩියර් අල්ගම සර්. ඔහුව මුණගැහිලා අපි කිව්වා උපතිස්ස ගමනායකව අත්අඩංගුවට ගන්න අපි හෙට නුවර යනවා කියලා. ඒ වෙලාවේ අල්ගම සර් කිව්වා ‘ජානක, ගමනායකව අත්අඩංගුවට ගත්තා කියලා ඔයාට වැඩකුත් නෑ, මට වැඩකුත් නෑ’ කියලා. ඒකට ජානක පෙරේරා සර්ට හොඳටම කේන්ති ගියා. ‘ඒකට කමක් නෑ අපි අපේ වැඩේ කරනවා’ කියලා ජානක පෙරේරා සර් කිව්වා. ඊට පස්සේ අපි ආපහු ආවා.

ජානක පෙරේරා සර් අපිට කිව්වා රෑ නුවර යන්න ලෑස්ති වෙන්න කියලා. අපි සිවිල් ඇඳුමෙන් සැරසිලා රෑ 11ට විතර යන්න පිටත් වුණා. අපි ගිහින් ගලහා හන්දියේ වාහන නැවැත්තුවා. අපිට මේ ඔත්තුව දීපු ජනතා විමුක්ති පෙරමුණේ ආනන්ද කියන කෙනාවත් අපි අරගෙනයි ගියේ. එයා අපිට ගමනායක ඉන්න ගේ පෙන්නනවා කිව්වට පෙන්නුවේ නෑ. වෙන වෙන ගෙවල් තමයි පෙන්නුවේ. ඒ වෙලාවේ පාරේ ගිය මනුස්සයෙක් ඇහුවා ‘සර්ලා හොයන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පියදාස රණසිංහගෙ ගෙදරද?’ කියලා. අපි කිව්වා ඔව් කියලා. ජානක පෙරේරා සර් කිව්වා ‘අපි ඔයාට කරදරයක් කරන්නේ නෑ අපිට ඒ ගෙදර පෙන්නන්න’ කියලා. ඊට පස්සේ එයාවත් අපි වාහනේට නග්ගගෙන ගිහින් අදාළ ගේ බලාගත්තා. ඊට පස්සේ අර මනුස්සයව ආපහු යැව්වා. අපි ගිහින් ගේ වටකරලා දොරට තට්ටු කළා. කකුල කොර ගහන මනුස්සයෙක් ඇවිත් දොර ඇරියා. සාලේ තව හතරදෙනෙක් වාඩිවෙලත් හිටියා. මිදුලෙත් දෙමළ අය කීප දෙනෙක් වැඩකරමින් හිටියා. ගේ සෝදිසි කරද්දී කැසට් පීස් කීපයකුයි රුපියල් 75000කුයි හොයාගත්ත. ජානක පෙරේරා සර් ඒ සල්ලි ටික දෙර ඒ ගෙදර හිටපු ගෑනු කෙනෙක්ගේ අතට දුන්නා. ඊට පස්සේ ඒ ගෙදර හිටපු කෙනෙක් කිව්වා අපිට කරදර කරන්න එපා, නායකයා ඉන්නේ මේ ළඟ ගෙදරක, අපි පෙන්නන්නම් කියලා. ඒ අනුව අපි එහෙ යන්න පිටත් වුණා. යද්දී ටවුන් එකේ හිටපු ගොඩක් අයව පෙන්නුවා මේ අය ජනතා විමුක්ති පෙරමුණේ කියලා. අපි ඒ අයවත් වාහනවලට දාගත්තා. දාගෙන ගිහින් කිව්.එස්.ආර්. කෑම්ප් එකේ සෙල් එකට ඒ අයව දැම්මා.

ඊට පස්සේ අපි ආයෙත් යන්න පිටත් වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නුවර නායක පියදාස රණසිංහගේ කාර් එකත් අරගෙන අපි ගියේ. බොහොම දුෂ්කර පාරක තමයි ගියේ. අපි උලපනේට යද්දී රෑ 9 විතර වුණා. විජේවීරගේ ගෙදර ගාවට ගිහින් ජානක පෙරේරා සර් තුන් පාරක් දොරට තට්ටු කළා. එතකොට විජේවීර ඇවිත් ජනෙල් රෙද්ද මෙහාට කරලා බැලුවා. කොටු කොට සරමකුයි ලොකු හිල් තියෙන බැනියමකුයි තමයි විජේවීර ඇඳගෙන හිටියේ ඒ වෙලාවේ. ජනෙල් රෙද්දෙන් විජේවීර දැක්කා නුවර ලීඩර්ගේ කාර් එක. එතකොටම විජේවීර දොර ඇරියා. දොර අරිනකොටම ජානක පෙරේරා සර් පිස්ටල් එක එල්ල කරලා කිව්වා වාඩිවෙන්න කියලා. එහෙම කියන්න කලින්ම විජේවීර මහත්තයා කිව්වා ‘මම විජේවීර නෙවෙයි’ කියලා. සර් කිව්වා ‘ඔයා විජේවීර කියලා අපි කිව්වේ නෑනේ. ඔයාමනේ විජේවීර කියලා කියන්නේ’ කියලා. එතකොට විජේවීර මහත්තයා කිව්වා ‘නෑ ගමේ මිනිස්සු ප්‍රචාරයක් ඇරලා තියෙනවා මම විජේවීර කියලා. මම විජේවීර නෙවෙයි අත්තනායක’ කියලා. එයා අයිඩෙන්ටිටි කාඩ් එකකුත් ජානක පෙරේරා සර්ට පෙන්නුවා. විජේවීර මහත්තයගෙ නෝනයි දරුවො දෙන්නයිත් එතැන හිටියා. නෝනා නම් දුකක් පෙන්නුවේ නෑ. හැබැයි දරුවෝ දෙන්නා නම් ඇඬුවා ‘අපිට ඉස්කෝලේ යන්න බෑ’ කියලා. එතකොට විජේවීර මහත්තයා නෝනට කිව්වා ‘මම ආපහු එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. මම ආවත් නාවත් පුතා මගේ අඩිපාරේ යවන්න’ කියලා. උවිඳු විජේවීර හරි පොඩියි එතකොට.

මම මේජර් ජයනෙත්ති සර්ට කිව්වා ‘සර් මේ විජේවීර නෙවෙයිනෙ’ කියලා. සර් මට කිව්වා ‘ඒ උඹලා දන්න විජේවීරනේ. මෙයා දැන් වෙස්වළාගෙන ඉන්නේ. මේ විජේවීරම තමයි’ කියලා. ඊට පස්සේ ජානක පෙරේරා සර් විජේවීරට කිව්වා ‘ඔයා විජේවීර නෙවෙයි නම් අපි ආපහු එවන්නම්. අපිට ඉන්ෆොමේෂන් ලැබිලා තියෙනවා. අපිත් එක්ක යන්න ලෑස්ති වෙන්න’ කියලා. විජේවීර මහත්තයා කළු කලිසමකුයි සුදු ෂර්ට් එකකුයි ඇඳගෙන ආවා. ඊට පස්සේ නුවර ලීඩර්ගේ කාර් එකේ මැද විජේවීරව වාඩිකරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. එයාගේ අත්වලට මංචුවත් දැම්මේ නෑ. කිසිම තරවටුවක්වත් කළේ නෑ. අපි එදා දවල්ටවත් කාලා හිටියේ නෑ. කෑගල්ලට ඇවිත් කොත්තු රොටි පාර්සල් කීපයක් ගත්තා. විජේවීර මහත්තයා කිව්වා එයාට කෑම එපා කියලා.

එහෙම එනකොට ගල්ගමුවේ පල්ලම බහිනකොට කාර් එක නැවැත්තුවා. අපි පිටිපස්සේ වාහනවල හිටපු අය දුවගෙන ගිහින් ඇහුවා ‘සර් ඇයි වාහනේ නැවැත්තුවේ’ කියලා. ජානක පෙරේරා සර් රෝහණ විජේවීරව පෙන්නලා කිව්වා ‘මෙයා කියනවා මෙයාට අපිත් එක්ක කතාවක් නෑ කියලා. ප්‍රසිඩන්ට් ප්‍රේමදාස ගාවට අරගෙන යන්න කියලා කියනවා’ කියලා. ඒ විජේවීර මහත්තයා එහෙම කියපු එකට තමයි සර්ට කේන්ති ගිහින් වාහනේ නතර කරලා තිබුණේ. ඊට පස්සේ ආපහු අපි පිටත් වුණා. පාන්දර 3 විතර වුණා අපි කොළඹ එනකොට. මම අර කෑම එක කාලා සිගරට් එකක් බොන්න කියලා පාරේ තිබුණු නයිට් කඩයකට ගියා. එතැනදී සිගරට් එකක් පත්තු කරගෙන ඉන්නකොට සර් ආයෙත් කට්ටියවත් වාහනේ දාගෙන කොළඹ පැත්තට යනවා දැක්කා. ඒ ගිහින් තියෙන්නේ ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න මහත්තයගෙ බෞද්ධාලෝක මාවතේ තියෙන නිල නිවෙසට. ගිහින් ඇමැතිතුමාවත් එක්කගෙන ආපහු ආවා. රන්ජන් විජේරත්න මහත්තයා ඇවිත් රෝහණ විජේවීරට කෑගහලා ප්‍රශ්න කළා.

ඊට පස්සේ මම මත්තෙගොඩ කෑම්ප් එකට ගියා නිදාගන්න. එතකොට පාන්දර 5ට විතර ඇති. මම එතැන හිටපු කොල්ලන්ට කිව්වා ‘ඔන්න අපි විජේවීර අල්ලගෙන ආවා’ කියලා. කොල්ලෝ කිව්වා ‘ඔයලා විජේවීරගෙ නැට්ට අල්ලයි’ කියලා. ‘එහෙනම් උදේට බලාගන්නකො’ කියලා අපි නිදාගත්තා.
මම පහුවදාත් සර් එක්ක ගියා ඉන්ඩිපෙන්ඩන්ට් බි්‍රගේඩ් එකට. යනකොට විජේවීර මහත්තයා ඉන්නවා. එදා දවසේ මිනී පෙට්ටියක් අරගෙන බොරැල්ල කනත්තට ගිහින්, බදුල්ලේ ලීඩර් එච්.බී. හේරතුයි විජේවීරයි අතර වෙඩි හුවමාරුවක් වුණා, ඒකෙදී විජේවීර මරුමුවට පත්වුණා කියලා වීඩියෝ කරලා ප්‍රවෘත්තියක් හදලා ඒක ටී.වී. එකෙන් පෙන්නුවා. ඒ ප්‍රවෘත්තිය විජේවීරත් බැලුවා පුටුවක වාඩිවෙලා. අපිත් පිටිපස්සට වෙලා හිටියා. ඊට පස්සේ අපි ආපහු එන්න ආවා. ඇවිත් පහුවදා ආයෙත් එතැනට ගියා. යනකොට එදා විජේවීර මහත්තයා හිටියේ නෑ. එතැනින් පස්සේ විජේවීර මහත්තයට ඇත්තටම මොකක්ද වුණේ කියන එක අපි දන්නේ නෑ. පත්තරවල පළවෙලා තිබුණා විජේවීරව අත්අඩංගුවට අරගෙන කොළඹට ගෙනාවේ වාහනෙන් වාහනේට මාරු කරගෙන, හෙලිකොප්ටරෙන් ගෙනාවා වගේ ප්‍රවෘත්ති. ඒවා තනිකරම බොරු. ජනතා විමුක්ති පෙරමුණේ නුවර ලීඩර් පියදාස රණසිංහගේ 16 ශ්‍රී ටොයොටා දුඹුරු පාට වැගන් කාර් එකෙන් තමයි ගෙනාවේ.
ජානක පෙරේරා සර් විජේවීර මහත්තයට තරවටුවක්වත් කළේ නෑ. එයා කළේ රාජකාරිය විතරයි. ඒ වෙනුවෙන් තමයි ඔහුව කර්නල් නිලයේ සිට බි්‍රගේඩියර් නිලයට උසස් කළේ.

WANESA TV යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කංචන සම්මත කරපු විදුලිබල මණ්ඩලය විකිණීම මාලිමා ආණ්ඩුව යටතේ තවත් පියවරක් ඉදිරියට! ගිය 25 වැනිදා ගහපු ලියුමෙන් සියල්ලම එළියට! ලැජ්ජයි ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-මහින්ද ජයසිංහ-රන්ජන් ජයලාල්..! වෘත්තීය සමිති නායකයෝ අද රෙදි ඇඳගෙනද ඡන්දෙ ඉල්ලන්නේ…? VIDEO I Sri Lanka Latest News

Next Post

අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ විතරයි! විදුලිබල මණ්ඩලය විකුණන්නේ නෑ! පසුගිය 23 වැනිදා පැවැති රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කරයි! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.