ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ උළුවඩුගේ සඳමාලි මන්ත‍්‍රීවරිය බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.Sri Lanka Latest News
මේ වන විට පහරදීමට ලක්වූ මන්ත්‍රීවරිය කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි. මේ සම්බන්ධව කොළඹ ජාතික රෝහලේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවද වාර්තා වෙයි. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට උළුවඩුගේ සඳමාලි මන්ත්‍රීවරියගේ කාර්‍යාලය අසළදී මෙම දේශපාලන මැර ප්‍රහාරයට ගොදුරුව තිබේ.
පහරදීම සඳහා පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් සිය කාර්‍යාලය අසල රතිඤ්ඤා දමමින් කළහකාරී ලෙස හැසිරෙනු දැක මන්ත්‍රීවරිය ඒ බව සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. එහිදී තමන්ට එල්ල කර මෘග ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරිය දක්වන අදහස් පහත වීඩියෝවේ දැක්වෙයි.
ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ සාමූහික පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය උදව් ඉල්ලා කෑගසා ඇති අතර ඒ අවස්ථාවේ ඇගේ සැමියා ඇතුලු අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවත් එහිදී අදාළ පිරිස ඔවුනටද පහරදී ඇති බවත් දැනගන්නට ඇත.
කෙසේවෙතත් පහරකෑම මධ්‍යයේ මාර්ගයේ පැමිණි රථයක සහායෙන් නාගරික මන්ත‍්‍රීවරිය රෝහල වෙත ගෙනයාමට කටයුතු කර තිබේ.










