• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑ’! කෝටි 10ක් වන්දි ගෙව්වා! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන මෛත්‍රීපාල කතා කරයි! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
මේ මොන කරුමයක්ද මගෙ පස්සෙන් එලවන්නේ? එලවපල්ලකො බෝම්බ ගහපු එවුන්ගෙ පස්සේ !කාදිනල් උන්නාන්සේ මේ මාව හිරේට දාලා ලොකු පාපකර්මයක් කරගන්නයි යන්නේ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හිරු ටීවී නාලිකාව පසුගියදා සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදියා විමසූ ඇතැම් ප්‍රශ්නවලට ඉතා සැහැල්ලුවෙන් සිරිසේන මහතා පිළිතුරු ලබාදුන් අතර, එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටසක් පහත දැක්වේ. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
ඔබතුමාව නිතර මතක් වෙන කාලයක් තමයි මේ දින වකවානුව?
මෛත්‍රීපාල සිරිසේන
මොනවද?
මාධ්‍යවේදියා
හෙට අනිද්දා උදාවෙන්නේ කවද්ද කියලා? ඔබට මතක ඇති?
මෛත්‍රීපාල සිරිසේන
මොනවද හෙට අනිද්දා උදාවෙන්නේ? මගේ ඔළුවේ තියෙන්නේ වෙසක්. ඇයි අපි සිංහල අවුරුද්ද පහුකෙරුවා. සිංහල අවුරුද්දෙන් පස්සේ වෙසක් එනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය. අපේ ඔළුවේ මේ දවස්වල වැඩකරන්නේ වෙසක් එකට මොනවද කරන්නේ කියලා. අපි දන්සල් දිගටම දෙනවා.
මාධ්‍යවේදියා
දැන් ඔබතුමාගේ ඔළුවේ වැඩකරන්නේ ඒවාද?
මෛත්‍රීපාල සිරිසේන
ඔව්. මේ දවස්වල ඒවා.
මාධ්‍යවේදියා
ඔබතුමාට අමතකද අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරය?
මෛත්‍රීපාල සිරිසේන
ඔව්. අමතක වෙන්නේ නෑ. මට ඒක විශේෂයක් නෑනේ ඉතින්.
මාධ්‍යවේදියා
නමුත් ඔබ ඒ වෙලාවේ රටේ හිටපු ජනාධිපතිවරයානේ?
මෛත්‍රීපාල සිරිසේන
ඔව්. ඉතින්?
මාධ්‍යවේදියා
ඒ ඛේදවාචකය පිළිබඳ මේ සමාජය තවමත් කතා කරනවා.
මෛත්‍රීපාල සිරිසේන
ඕවා ඉතින් දැන් හරි කල් ගිය ප්‍රශ්නනේ. ඕක ඔච්චර කතාකරලා වැඩක් නෑනේ.
මාධ්‍යවේදියා
ඉතින් ඔබ හොයලා දුන්නෙත් නෑනේ මහමොළකාරයා.
මෛත්‍රීපාල සිරිසේන
මම හෙව්වද, මගෙන් පස්සේ හෙව්වද දැන් ඉන්න අය හොයනවද…
මාධ්‍යවේදියා
ඔබට කනගාටුවක් නැද්ද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන්?
මෛත්‍රීපාල සිරිසේන
මොකද කනගාටුවක් නැත්තේ? වේදනාවක් තියෙනවා. ඒ වේදනාවට මම කරන්න ඕනේ දේවල් කෙරුවනේ. මැරිච්ච මිනිස්සුන්ට වන්දි ගෙව්වා. අතපය කැඩිච්ච අයට වන්දි ගෙව්වා. පල්ලි ටික ඔක්කොම හදලා දුන්නා.
මාධ්‍යවේදියා
ඔබතුමා සමාවත් ඉල්ලුවා කතෝලික ජනතාවගෙන්?
මෛත්‍රීපාල සිරිසේන
ඔව් ඒ සියලු දේ මම කරලා දුන්නා ඒ ජනතාවට. ඒ ඔක්කොම හදලා දුන්නේ මම ජනාධිපති කාර්යාලයෙන්. කොච්චිකඩේද, මඩකළපුවේද, කටුවපිටියෙද.
මාධ්‍යවේදියා
ඔබට කනගාටුවක් නැද්ද ඒ මොහොතේ හිටපු ජනාධිපතිවරයා විදියට මට මේක පාලනය කරගන්න තිබුණා නම් කියලා?
මෛත්‍රීපාල සිරිසේන
එහෙම නම් ඉතින් අහන්න ඕනේ ජේ.ආර්. ජයවර්ධනගෙන්, ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන්, මහින්ද රාජපක්ෂගෙන්, චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන්. ඔය ඔක්කොගෙන්ම. අවුරුදු තිස් ගානක් මේ රටේ තිබ්බ යුද්ධෙදී ලක්ෂෙකට වඩා මිනිස්සු මැරුණා.
මාධ්‍යවේදියා
ඔබ කියන්නේ එහෙම නම් ඒ හිටපු නායකයොත් ඒවට වගකියන්න ඕනේ කියලා?
මෛත්‍රීපාල සිරිසේන
නෑ, මම අහන්නේ ඔයා මගෙන් මේ අහන එක ඔයා ජේ.ආර්. ජයවර්ධන මහත්තයව පුළුවන් නම් ගෙන්නගෙන අහන්න. ආර්. ප්‍රේමදාස මහත්තයාගෙන් අහන්න. චන්ද්‍රිකා මැතිනියගෙන් අහන්න. මහින්ද මහත්තයගෙන් අහන්න.
මාධ්‍යවේදියා
ඒවයි, මේකයි අතර වෙනසක් තියෙනවා නේද? මේ ප්‍රහාරයේ තොරතුරු තියෙද්දිනේ වළක්වාගන්න බැරි වුණේ?
මෛත්‍රීපාල සිරිසේන
එහෙනම් ඒවත් ඇයි ඒගොල්ලේ වළක්වා ගත්තේ නැත්තේ? දළදා මාලිගාවට ගැහුවා. කීදෙනෙක් ගැහුවද? දළදා මාලිගාවට දෙගොල්ලක් ගැහුවා.
මාධ්‍යවේදියා
කවුද දෙගොල්ලෝ?
මෛත්‍රීපාල සිරිසේන
ප්‍රභාකරනුත් ගැහුවා, තව කට්ටියකුත් ගැහුවා. ඒක ඔක්කොම දන්නවා.
මාධ්‍යවේදියා
ඇයි ඔබ ඒ කට්ටිය ගැන කියන්නේ නැත්තේ?
මෛත්‍රීපාල සිරිසේන
මම කියන්නේ මොකටද, රටම ඒක දන්නවනේ?
මාධ්‍යවේදියා
ඔබ කියන්නේ මේ ආණ්ඩුවට තියෙන චෝදනාවද?
මෛත්‍රීපාල සිරිසේන
මම කාටවත් චෝදනා කරන්නේ නෑනේ.
මාධ්‍යවේදියා
ඇයි ඔබතුමා ඇඟබේරගෙන කතාකරන්නේ?
මෛත්‍රීපාල සිරිසේන
හැංගෙන්නේ නෑ. මම කියන්නේ ඉතිහාසය. ඉතිහාසයේ තියෙන කරුණු මම මේ කියන්නේ. අපි මැරිලා ඉපදිච්ච මිනිස්සු නෙවෙයි.
මාධ්‍යවේදියා
ඔබතුමා මේ ආණ්ඩුවට බයයිද ඔබගෙන් යම් පලිගැනීමක් කරයි කියලා?
මෛත්‍රීපාල සිරිසේන
නෑ.
මාධ්‍යවේදියා
එහෙම නැත්නම් පාස්කු ප්‍රහාරයට ඔබව සම්බන්ධ කරගනී කියලා?
මෛත්‍රීපාල සිරිසේන
නෑ නෑ. මට එහෙම බය වෙන්න කිසිම හේතුවක් නෑ. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නැති නිසා.
මාධ්‍යවේදියා
ඔබතුමා කෝටි 10 ගෙවලා ඉවරද?
මෛත්‍රීපාල සිරිසේන
ඒක මුළු රටම දන්නවනේ. කෝටි 10 ගෙවලා ඉවර වෙලා කොච්චර කාලයක්ද?
මාධ්‍යවේදියා
විවිධ අය ඔබට චෝදනා කරනවා මේ ප්‍රහාරයට ඔබ වගකියන්න ඕනේ කියලා. ඔබට මේක පාලනය කරගන්න තිබුණා කියලා. ඔබට එහෙම චෝදනා නැගෙන එක සම්බන්ධයෙන් වේදනාවක් තියෙනවද?
මෛත්‍රීපාල සිරිසේන
මට කොච්චර වේදනාවක් තිබුණත් ඒ වේදනාව පාලනය කරගන්න හැටිත් මම දන්නවා. මගේ හිතේ අමාරු කොච්චර ආවත් මොන විවේචන මට ආවත් ඒවා පාලනය කරගැනීමට මම දන්නවා. බුදු හාමුදුරුවන්ට කොච්චර මිනිස්සු දොස් කිව්වද? බුදු හාමුදුරුවෝ පාරිලෙයිය වනයට වැඩියේ බුදුහාමුදුරුවන්ට ජේතවනාරාමයේ හාමුදුරුවන් එක්ක ඉන්න බැරුව. හාමුදුරුවරු රණ්ඩු වෙනවා බේරන්න බෑ. ඒ ගමන බුදුන් වහන්සේ වනගත වුණා. ඊට පස්සේ හාමුදුරුවරුන්ටම තේරුණා මාස කීපයක් යනකොට බුදුහාමුදුරුවෝ නෑ කියලා. ඒ නිසා ගිහින් ආපහු උන්වහන්සේව වඩම්මගෙන ආවා. එතකොට මහත්මා ගාන්ධිතුමා අවිහිංසාවාදී නායකයෙක්. දේශපාලනඥයෙක් නෙවෙයි. සාන්තුවරයෙක්. එතකොට මහත්මා ගාන්ධිතුමා ඔහොම ඉස්සරහට එනකොට එයාව මරපු ඝාතකයා නෙලුම් මල් පොකුරක් අරගෙන ඇවිත් අතට දෙනවා එක්කම එතුමා ඒ නෙලුම් මල් අතට ගන්නකොටම ඝාතකයාගේ ඉණේ තිබුණු පිස්තෝලය ඇදලා අරගෙන වෙඩි තියාගෙන ගියා. අමතක කරන්න එපා ඒ වෙඩි තිබ්බේ කවුද කියලා. මාධ්‍යවේදියෙක් තමයි එදා වෙඩි තිබ්බේ. ඔහු පත්තර කර්තෘවරයෙක්.
මාධ්‍යවේදියා
පත්තර කර්තෘවරයෙක්, මාධ්‍යවේදියෙක් කියලා ඔබතුමා අමුතු විදියට බලලා කියන්නේ ඇයි? ජනමාධ්‍යවේදීන් ගැන සැකයක් තියෙනවද?
මෛත්‍රීපාල සිරිසේන
අනේ ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසි සැකයක් නෑ. නමුත් ඒක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? බණ්ඩාරනායක මහත්තයාටත් ස්වාමින්වහන්සේ නමක්නේ වෙඩි තිබ්බේ. මේ සමාජය එහෙම තමයි.
මාධ්‍යවේදියා
පිල්ලෙයාන්ව පාස්කු ප්‍රහාරයට කොටු කරන්න සැලැස්මක් තියෙනවා කියලා කතාබහක් යනවා. ඒ ගැන ඔබ හිතන්නේ මොකක්ද?
මෛත්‍රීපාල සිරිසේන
ඕවාට උත්තර දෙන්න ගිහිල්ලා ඒ දෙන්න එළියට ආවට පස්සේ මාව මරන්න පුළුවන්.
මාධ්‍යවේදියා
ඒ කියන්නේ ඔවුන් දැනුත් ඒ වගේ අපරාධ කරන අයද?
මෛත්‍රීපාල සිරිසේන
දන්නේ නෑනේ. කලින් එල්.ටී.ටී.ඊ. එකේ ඉන්නකොට සිය ගණන් මැරුවා නම්, දැන් ආයෙත් කාට හරි එකක් තියන්න හිතෙයිද කියන්න අපි දන්නේ නෑනේ. විශ්වාස කරන්න බෑ.
මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරයත් කළාද දන්නේ නෑ එහෙම නම්?
මෛත්‍රීපාල සිරිසේන
අපි දන්නේ නෑ කවුරු කළාද කියලා.
මාධ්‍යවේදියා
එහෙම නම් ඒ සැකය සාධාරණයි නේද?
මෛත්‍රීපාල සිරිසේන
ඔව් ඉතින් සැකය සාධාරණයි. නමුත් ඕනේ තරම් සැකයට ලක්වෙන කරුණු වගේම සැකය ඉවත් වෙන කරුණුත් තියෙනවා.
මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරය එල්ල වෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටේ අගමැති. ඇයි ඔහුට කිසිම චෝදනාවක් නැත්තේ?
මෛත්‍රීපාල සිරිසේන
ඕවා ඉතින් දැන් හරි කල්ගිය ප්‍රශ්නනේ.
මාධ්‍යවේදියා
දැනට ඔබතුමාව විතරනේ දඬුකඳේ ගහන්න උත්සාහ කරන්නේ ඔබතුමා ඒ වෙලාවේ ජනාධිපති කියලා. ඒ වුණාට අගමැතිටත් වගකීමක් තියෙනවනේ?
මෛත්‍රීපාල සිරිසේන
ඒකනේ මම අර මරපු නායකයන්ගේ නම් ටික කිව්වේ. ඒ වගේ මහා මානවාවදී ශ්‍රේෂ්ඨයෝ මරලා දාපු එකේ අපි වගේ මිනිහෙක්ව විවේචනය කරන ඒවා, බෝරු චෝදනා කරන ඒවා සාමාන්‍ය දේවල්. බුදුන් වහන්සේටත් කොච්චර චෝදනා කළාද?
මාධ්‍යවේදියා
රනිල් වික්‍රමසිංහ මහත්තයට මේ සම්බන්ධයෙන් වගකීමක් නැද්ද?
මෛත්‍රීපාල සිරිසේන
හිටපු රජයේ අයගේ වගකීමක් තියෙනවා. රජයේ වගකීම තිබුණට ඒ තොරතුරු ලැබිච්ච අය කියන්න ඕනනේ රජයේ දේශපාලන නායකයන්ට?
මාධ්‍යවේදියා
අගමැතිතුමාටත් ඒ තොරතුරු ලබාදුන්නා කියලා කියනවා?
මෛත්‍රීපාල සිරිසේන
නෑ නෑ… කොහෙද තියෙන්නේ? අගමැතිගෙයි ජනාධිපතිගෙයි ආරක්ෂාවට ඉන්න ඩී.අයි.ජී.ලා දෙන්නටවත් තොරතුරු එවලා නෑ මෙහෙම එකක් තියෙනවා, ඒ නිසා ආරක්ෂාව තරකර ගන්න කියලා.
මාධ්‍යවේදියා
එහෙම තොරතුරු ආවා නම් මේක වළක්වා ගන්න තිබුණා කියලද ඔබ කියන්නේ?
මෛත්‍රීපාල සිරිසේන
ඔව්. වළක්වාගන්න තිබුණා. එහෙම නම් මම පිටරට යන්නෙත් නෑ. මම අවශ්‍ය පියවර ගන්නවා.
මාධ්‍යවේදියා
සමහරු පිළිගන්නේ නෑ ඔබ කියන්නේ ඇත්ත කියලා?
මෛත්‍රීපාල සිරිසේන
එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. ලෝකේ ඉන්නවා මනුස්සයෝ ඉන්නවා, එළහරක් ඉන්නවා, බලු පැටව් ඉන්නවා, නොයෙක් ජාතියේ අය ඉන්නවනේ.
මාධ්‍යවේදියා
එහෙම නම් වර්තමාන රජය මොනවද මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කියනවා කියලා කියන්නේ?
මෛත්‍රීපාල සිරිසේන
ඕක ඉතින් ඔච්චර කතා කරලා වැඩක් නෑ.
මාධ්‍යවේදියා
සැහැල්ලු කාරණයක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමනි උත්තරයක් නෑ, ඔබතුමාටත් මේ ප්‍රශ්නේ කරත්තේ බැඳි රෝදේ වගේ පස්සෙන් පන්නගෙන එනවා ඔබතුමාගේ පස්සෙන්?
මෛත්‍රීපාල සිරිසේන
ඒක මගේ පස්සේ එළෙව්වට මට කමක් නෑ. මම ඒකනේ කිව්වේ අවුරුදු 30ක යුද්ධය ගැන කතාකරන්නේ නැතුව අද මේ රටේ අද වෙනකල් මොන ආණ්ඩුවක්වත්, මොන ලේඛකයෙක්වත්, මොන මාධ්‍යවේදියෙක්වත් අවුරුදු 30ක යුද්ධය ගැන හරිහැටි පොතක් ලියලා තියෙනවද? ඔයා මේ පාස්කු සිද්ධිය ගැන පස්සෙන් එළවනවා. අරවත් අහන්නකො ඇයි මේ කාටවත් මේ ගැන නිවැරැදිව පොතක් ලියන්න බැරි කියලා?
මාධ්‍යවේදියා
ඔබතුමාට ලියන්න බැරිද යුද්ධය ගැන පොතක්?
මෛත්‍රීපාල සිරිසේන
යුද්ධය කරපු ජෙනරල්ලා කී දෙනෙක් දැන් මැරිලද? ඒවා ඒ කාලේ කරන්න තිබුණා. මහාවංශයටත් ඒක එකතු වෙන්න ඕනේ. කොහොමද එකතු වෙන්නේ? හමුදාවේ හිටපු නිලධාරීන් තමන්ගේ දක්ෂතා ගැන, තමන් ගැන ලියපු පොත් තියෙනවා.
මාධ්‍යවේදියා
නූතන මහාවංශයට මේ යුද්ධය අවසන් වීම කියන කාරණාව එකතු වෙලා තියෙනවා?
මෛත්‍රීපාල සිරිසේන
එකතු කරලා ඇති.
මාධ්‍යවේදියා
මහාවංශයට පාස්කු ප්‍රහාරය එකතු වෙලා තියෙනවද කියන එක තමයි හොයන්න ඕනේ?
මෛත්‍රීපාල සිරිසේන
ඒක ඉතින් අපි දන්නේ නෑනේ. මම යන්නේ නෑනේ මහාවංශය ලියන අය හම්බවෙන්න.
මාධ්‍යවේදියා
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මිරිඟුවක් පස්සෙද එතකොට මේ එළවන්නේ?
මෛත්‍රීපාල සිරිසේන
ඔය වගේ සිද්ධි කොච්චර රටවල සිද්ධ වෙනවද? එකක් දෙකක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය එල්ල වෙනකොට ඊට ඉස්සෙල්ලා අවුරුදු 2ක් යුරෝපයේ රටවල් කීයකට අයි.එස්.අයි.එස්.ලා ගැහුවද? ඒවායේ ඉන්න අය කෑගහනවද මේවා ගැන? ඒගොල්ලෝ යමක් තේරුම් ගත්තා, එතැනින් ඒක ඉවරයි. මේවා මේ වෙන න්‍යායපත්‍ර එක එක්කෙනාගේ.
මාධ්‍යවේදියා
අපේ රට ඇතුළෙද? නැන්තනම් ජාත්‍යන්තර වශයෙන්ද?
මෛත්‍රීපාල සිරිසේන
නෑ නෑ අපේ රට ඇතුළේ ඉන්න අයගේ න්‍යායපත්‍ර.

SendShareShare
Previous Post

අනුන්ගේ ළමයින්ට උප්පැන්න දෙන ඇල්පිටියේ මාලිමා පාලනයට එරෙහිව විපක්ෂය එළියට බහී! කෝටි 2කට වෙච්ච දෙයක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

අමතක වුණා නේද දළදා මාලිගාවේ රන් වියන? කොහොමද ප්‍රේමදාස ඒක හැදුවේ? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.