• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමතක වුණා නේද දළදා මාලිගාවේ රන් වියන? කොහොමද ප්‍රේමදාස ඒක හැදුවේ? Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
අමතක වුණා නේද දළදා මාලිගාවේ රන් වියන? කොහොමද ප්‍රේමදාස ඒක හැදුවේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සිරි දළදා දැක්ම’ නිමවී ගතව ඇත්තේ දින කිහිපයකි. එම අවස්ථාව නිර්මාණය වීම සහ මෙම දළදා දැක්මේ පැවැත්ම හා ක්‍රියා‍කාරීත්වය පිළිබඳ, ඒ සඳහා සහභාගි වූ සහ නොවූවන්ගේ විවිධවූ අදහස් වේ. Sri Lanka Latest News

ඉපැරැණි රාජ්‍ය සමයේ සිට කියැවෙන දළදා කතිකාවන් වේ. ඒ සියලු වූ ඓතිහාසික කතිකාවෙන් අනතුරුව දළදා සමිඳුන් පිළිබඳ මෑතකාලීන විශේෂිත සඳහනක් වන්නේ දළදා මැඳුර සඳහා ‘රන් වියනක්’ නිර්මාණය වීමයි. හැමදා විස්මිත ක්‍රියාවක් සැබෑ ලෙසින් ජනගත කිරීමට සූරයෙක් වූ රණසිංහ ප්‍රේමදාස මහතා, 1980 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෙනෙන ලද ලොව හැමට නිවහනක අයිතිය සඳහා වූ ‘ජගත් නිවාස වසර යෝජනාව’ අනුමත විය.

1987 වසර පුරා මුළු ලෝකයේ සෑම සියලු රටක එකලෙසින් කියාත්මක කිරීමේ එකී යෝජනාව ලොව සෙසු රටවලට ආදර්ශයක් වන අයුරින් ශ්‍රී ලංකාව තුළ නිවාස දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කරමින් ක්‍රියාත්මක කිරීම ප්‍රේමදාස අගමැතිවරයාගේ අදිටන විය.

නිවහනක් පිළිබඳ මෙම ජනතා අපේක්ෂාවන් මෙන්ම ලොව පුරා ජගත් නිවාස වසර යෝජනාව සාර්ථක කරගැනීම සැබෑ ලෙසින්ම අභියෝගයක් විය.
1987 වසර උදාවත් සමග ජගත් නිවාස වසර එළඹිණි. එම වසර ඇරැඹුමේ ජනවාරි මස පළමු දිනයේ ජගත් නිවාස වසර සංවර්ධන කාර්යයන් නිල වශයෙන් ආරම්භ වූයේ මහනුවර දළදා මැඳුරු ප්‍රවේශයේ පැවැති සුවිශ්ෂ උත්සවයකදීය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ අගමැති හා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතා මෙවන් වූ අදහසක් ප්‍රකාශ කළේය.

‘අද නිවහනක ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ලෝකවාසී ජනතාවට අතිශය වැදගත් දිනයක්. ඒ ජගත් නිවාස වසර ආරම්භයයි. ඉදිරි වසරක කාලයක් තුළදී අප රට තුළ ක්‍රියාත්මක නිවාස දසලක්ෂය වැඩසටහන සාර්ථකව ක්‍රියාවට නංවා ලොව නිවාසකරණය සඳහා ආදර්ශයක් ලබාදිය යුතුයි. මෙය සැබෑ ලෙසින්ම අභියෝගාත්මක කටයුත්තක්. එය ඉටුකිරීමට තුනුරුවන පිහිට හා ආශීර්වාදය ලැබිය යුතුයි.

මෙම අභියෝගාත්මක නිවාස සංවර්ධන කාර්යය සාර්ථක වීම පිළිබඳ මා හට ඇත්තේ දැඩි විශ්වාසයක්. එහි සාර්ථකත්වය පෙරදැරිව මෙහිදී මා විශේෂ ප්‍රකාශයක් කරනවා. එනම්, මේ වසර නිමාවට ප්‍රථම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සුරක්ෂිතතාව වෙනුවෙන් රන් වියනක් ඉදිකරන බව. මේ සඳහා අවශ්‍ය වියදම සෙවණ අරමුදල සඳහා ලබාදෙන පරිත්‍යාග තුළින් සපුරාගත හැකි බව මට විශ්වාසයි…’

මෙවන් වූ ප්‍රකාශයක් සමගින් මෙරට ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය ජාතික සංවර්ධන වැඩසටහන මුළු දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක විය. එයට සමගාමීව දළදාව සඳහා රන් වියනක් නිර්මාණය වීම කඩිනමින් සිදුවිය.

පෙර රජ දවස දළදා මැඳුර නිර්මාණය වූයේ වරිච්චියෙන් නිමවූ බිත්තියෙනි. එමෙන්ම අසල වනයෙන් මෙහි නිරන්තරයෙන් පැමිණෙන රිළවුන් වැනි සතුන්ගෙන් දළදාවේ ශීර්ෂ වහලය සඳහා බොහෝ හානි සිදුවිණි. මේ සියල්ලට වඩා අභියෝගාත්මක කටයුත්ත වූයේ දළදා කරඬුව වැඩසිටින ස්ථානයට ශීර්ෂගතව කිසිදු අයෙකු යොමු නොවී යෝජිත රන් වියන නිර්මාණය කිරීමයි.

එවක මෙම කටයුත්ත සියලු අභියෝග ජයගනිමින් ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රේමදාස මහතා විසින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත පවරන ලදී. එවක එහි ප්‍රධාන ඉංජිනේරු වූ අප මිතුරු විද්‍යාජොති, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා, දළදා මැඳුරේ ගෞරවාන්විත බව සහ එහි ඉපැරැණි වාස්තු විද්‍යාත්මක ගුණ සුරකිමින් සිය කාර්ය මණ්ඩලය මෙහෙයවමින් රන් වියනේ සියලු ඉදිකිරීම් කාර්යයන් සිදුකරන ලදී.

ලොව ඉපැරැණි පූජනීය ස්ථානයක් ඇසුරේ මෙවන් වූ රන් වියනක් වසර දහස් ගණනකට පසු ඉදිකිරීම සැබෑ ලෙසින්ම අභියෝගයකි. වර්ගඅඩි 3,450ක දළදා කරඬුව වැඩසිටි පුදබිම ආවරණය වන අයුරින් මෙම රන් වියන නිර්මාණය කිරීම මෙන්ම එය සවිකිරීම සඳහා අවැසි වූ දොඹකර වැනි සුවිසල් යන්ත්‍ර සූත්‍ර මාලිගාවේ කුඩා දොරවල් සඳහා හානිකර නොවන අයුරින් රැගෙන යෑම ඇත්තෙන්ම මෙරට ඉංජිනේරු ඉතිහාසයේ සැබෑ විස්මිත මතක සටහනකි.
මෙම රන් වියන මුලින් තඹ තහඩුවෙන් නිර්මාණය කොට රන්පත් වෙතින් ආවරණය වුණි. දළදා සමිඳුන් වැඩසිටි කුටිය ඉපැරැණි රජ සමයේදී වරිච්චියෙන් නිර්මාණය වූ හෙයින් එහි අභිනවයෙන් සැකසුණු රන් වියනේ වැඩි බර දරාගැනීම සඳහා එවක මාලිගාව සතු වූ ඉපැරැණි කුලුනු හා සමාන කොන්ක්‍රීට් කුලුනු සකසා, ඒ මත රන් වියන තැන්පත් කළ බව ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා වරෙක මා සමග පැවැසීය.

මෙලෙසින් සැකසුණු දළදා සමිඳුන් සඳහා වූ රන් වියන, ජාත්‍යන්තර නිවාස වසර නිමවූ 1987 වසරේ දෙසැම්බර් මස 31 වැනි දින අගමැති ආර්. ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මහනුවර දළදා මැඳුරු ප්‍රවේශයේ පැවැති විශේෂ උත්සවයකදී නිරාවණය කරන ලදී. එයට සමගාමීව මෙරට ක්‍රියාත්මක වූ නිවාස දසලක්ෂය ජාතික නිවාස වැඩසටහන ඉලක්කගත පරිදි වසර පහක් (1984-1989) තුළදී සාර්ථකව නිමවිය.

1998 වසරේ දළදා මැඳුර වෙත අතිශය බිහිසුණු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් මාලිගාවේ පහළ මහල් සියල්ල දැඩි ලෙසින් හානි විය. එනමුත් කොන්ක්‍රීට් කුලුනුවලින් වටවූ රන් වියන පිහිටීම නිසා එදා සැබෑ ලෙසින්ම දළදා සමිඳුන් නිරුපද්‍රිතව සුරැකුණි.

එමෙන්ම මේ හා සමාන රන් වියනක් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි පාමුල පිහිටි බුද්ධ වජ්‍රාසනය ආවරණය වන අයුරින් ප්‍රේමදාස මහතාගේ මෙහෙයුමෙන් ඉදිවූ අතර, පසු කලෙක මෙහි පැවැති වැසි කුණාටු තත්ත්වයක් යටතේ එහි ඉහළින් පිහිටි ස්ථූපයක් වජ්‍රාසනය මතට කඩා වැටුණද, එහි පැවැති රන් වියන හේතුවෙන් වජ්‍රාසනය ආරක්ෂා වූ බව කියැවේ.

ලක්විජය සාගර පලන්සූරිය

SendShareShare
Previous Post

‘පිස්සො කලබල උනාට ඩොක්ටර් කලබල නෑ’! කෝටි 10ක් වන්දි ගෙව්වා! පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන මෛත්‍රීපාල කතා කරයි! Sri Lanka Latest News

Next Post

උසස් පෙළෙන් උසස් ලෙසම ගේම ගහපු කොල්ලො කෙල්ලො! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.