කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ආණ්ඩුවේ සංවර්ධන වැඩසටහනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් කොන් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ශ්‍රීලනිප සභාපති වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන ආසනවල එකදු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් හෝ ක්‍රියාත්මක නොවන බවට එම පක්ෂයෙන් චෝදනා එල්ල වී ඇත.
මේ බව පසුගියදා පැවැති රූපවාහිනී වැඩසටහනකදීද දයාසිරි ජයසේකර මහතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබිණ.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවත්, ඉකුත් යහපාලන රජය සමයේ හෝ එවැන්නක් සිදු නොවුණු බවත්ය.
අනෙකුත් ශ්‍රීලනිප නියෝජිතවරුන්ගේ ආසනවල තත්ත්වයද මෙයම බව කී ජයසේකර මහතා ඉදිරියේදී පක්ෂයක් වශයෙන් තීන්දුවක් ගැනීමට සූදානම් බවද එහිදී සදහන් කර සිටියේය.










