සංජය මොහොට්ටාල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස්වූ ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරය සදහා රාජා එදිරිසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
සංජය මොහෙට්ටාල මහතා පසුගිය සතියේ සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත යොමු කර තිබූ අතර ජනාධිපතිවරයා එය පිළිගැනීමට පියවර ගෙන තිබුණේ නැත.
නමුත් නැවත ජනාධිපතිවරයා හමුවූ සංජය මොහොට්ටාල මහතා තමන් ඉල්ලා අස්වන බව යළි ජනාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගෙන තිබිණ.
ඒ අනුව අද දිනයේදී ඊට රාජා එදිරිසූරිය මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.










