යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා යළි රැස්වීමට නියමිතය.
එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දන්වමින් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නායකයින් ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර තිබුණු අතර ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසට ජනාධිපතිවරයා එම ලිපියට ප්‍රතිචාර දක්වමින් සදහන් කර තිබිණ.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා රැස්වීමට තීරණය කර ඇත.










