බොහෝ තැන්වල තීන්දු තීරණ ගැනීමේ න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවය පිරිමින්ට හිමිවී ඇති අතර මෙවැනි බොහෝ තැන්වල තැන්වල කාන්තාවන් අසරණ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජයට යුතුකම් සහ වගකීම් ඉටුකරන බොහෝ තැන්වල කාන්තා හිංසනය වැඩිවී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා කාන්තා හිංසනයට එරෙහිව නීති රීති දැඩි කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.
මෙරට ආර්ථිකයේ ප්‍රධාන බරක් අර දරාගෙන සිටින්නේ කාන්තාවන් බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමත් ඔවුන් පෝෂණය කිරීමත් සුවිශේෂී වගකීමක් බවද පැවසීය.
පැෆරල් සංවිධානය මගින් කාන්තා නියෝජනය දිරිමත් කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ ” වෙනසකට මගක්” සම්මන්ත්‍රණය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි විය.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මමහතාද සහභාගී වී සිටි අතර එහිදී විපක්ෂනායකවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ජාවක්ද සිදුවිය.













