බූස්ටර් කුමන්ත්‍රණයක් රට තුළ ක්‍රියාත්මක වන බවත්, එම ක්‍රියාවට වෛද්‍යවරුත් සම්බන්ධ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදයන කිරිදියගොඩ මහතා පැවසීය.
ඇතැම් පාර්ශ්වයන් මේ හරහා බූස්ටර් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් බියක් ඇති කරවා තවත් කොරෝනා රැල්ලක් රට තුළ නිර්මාණය තිරීමට මාන බලමින් සිටින බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් හඬපට පවා පවතින බව කී ඒ මහතා ඒවා පොලිසියටද ලබා දුන් බව කීය.










