1945 නොවැම්බර් 18 වැනිදා උපත ලබන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ 76 වන ජන්ම දිනය අදට යෙදී ඇත.
25 වන වියේදී මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද 1970 වසරේ දී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477කට සීමා කරමින් බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව ඡන්ද 23,103ක් ලබා ගත්තේය.
ඒ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින් වාර්තා පොත් අතරට එක් වෙමිනි.
30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියට දෙවසරක් සපිරීමද අදට යෙදී තිබේ.










