ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අදාළ ඡන්ද විමසීමේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කොට ඇති බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
එම ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාට අමතරව පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුලු පිරිසක්ද මෙම මතයේ සිටින බවකි.
ගිවිසුමේ ඇති රාජ්‍ය ආයතන විකිණීමේ කොන්දේසි ඇතුලු රටට අහිතකර කොන්දේසි ගණනාවක් මුල්කරගෙන මෙසේ හිටපු ජනාධිපතිවරයා ඇතුලු කණ්ඩායම මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.










