විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කරන 21 වැනි සංශෝ්ධනය අද දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම රැස්වීම අද සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සංශෝධනය ඉදිරිපත් කිරීමට කලින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මුහුණට මුහුණ විශේෂ හමුවක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත.










