හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම මහතා සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් හෙට දිනයේ අරගලයට සහභාගී වන ලෙස සියලුම ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කොට ඇත.
එම සටහන මෙසේය.
රටේ පැවැත්ම සහ අනාගත පරපුර වෙනුවෙන් ජූලි 09 වැනිදාට සැලසුම් කර ඇති උද්ඝෝෂණයට ජාති ආගම් භේදයකින් තොරව එකමුතුව සහභාගී වන ලෙස සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.
1948 න් පසු මුළු මහත් ජාතියම එකමුතු වූ පළමු ජාතික අරමුණ මෙයයි.
මෙය දූෂිත දේශපාලන ක්‍රමයක් වෙනස් කිරීමට අපට ඇති අවසාන අවස්ථාව විය හැකිය.
මම මගේ ජීවිතයෙන් 2/3 ක් ගත කර ඇති අතර තරුණ පරම්පරාවට හොඳ රටක් ඉතිරි කිරීමට මට අවශ්‍යයි.
ඒ නිසා මමත් මෙම විරෝධතාවයට සම්බන්ධ වෙනවා.
විනයගරුකව සහ ප්‍රචණ්ඩත්වයෙන් තොරව විරෝධතා පවත්වාගෙන යාමට වගබලා ගන්නා ලෙස සියලු දෙනාගෙන් මම නිහතමානීව ඉල්ලා සිටිමි.
වෙනසක් සහ යහපත් අනාගතයක් සඳහා අපි එක් වෙමු!
-රොෂාන් මහානාම-










