• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදුරුව ඇහැට හුරුකළ සාර්ලිස් මාස්ටර්…

July 11, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
බුදුරුව ඇහැට හුරුකළ සාර්ලිස් මාස්ටර්…
Share on WhatsAppShare on Facebook

සාර්ලිස් මාස්ටර් 20 වැනි සියවසේ මුල්ම භාගය වන විට සාර්ථකම වාණිජ චිත‍්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. එම සාර්ථකත්වයට තරුණ වියේදීම එකල ලංකාවේ වැඩි අලෙවියක් තිබූ බෞද්ධ චිත‍්‍ර ඔහු අතින් නිමවීම, ප‍්‍රධාන පුවත්පත්වල චිත‍්‍ර ශිල්පියා වීම ආදී විවිධ කරුණු හේතු විය.

ආචාර්ය සූරක්කූලමේ පේමරතන හිමි පීටස්බර්ග් විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධි නිබන්ධනය ලෙස ඉදිරිපත් කළ Bringing the Buddha Closer- The Role of Venerating the Buddha in the Modernization of Buddhism in Sri Lanka නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථය තුළ සාර්ලිස් නාමය සඳහන්ව තිබීම වැදගත් කොට සැලකිය යුතු කරුණකි. මෙම කෘතිය තුළ යටත් විජිත යුගයේදී ඇරඹි බෞද්ධ පුනරුදයේ සිට බුදුන් වහන්සේට දැඩි භක්තිය වර්ධනය කිරීමේ කාර්යභාරය සම්බන්ධව වූ පර්යේෂණාත්මක කරුණු දක්නට ලැබේ. එකල සිටි මහා යතිවරයන්, බුද්ධිමතුන්, දානපතියන් කළ ඒ කාර්යභාරය පමණක් නොව සාර්ලිස් විසින් ඉටු කළ කාර්යභාරය ද මෙම කෘතියේ දක්වයි. එකල බුද්ධ වන්දනා ග‍්‍රන්ථ ආදිය පමණක් නොව නිවෙස තුළ බුදු මැඳුරු ඇති කිරීම, ඒවාට අවශ්‍ය බෞද්ධ පින්තූරයන් හා කුඩා බුදු පිළිමයන් නිර්මාණය වීමද මෙම පුනරුදය තුළ ඇති විය.

සාර්ලිස් මාස්ටර් හා සාර්ලිස් මැතිනිය
‘ස්වදේශ මිත‍්‍රයා’ පුවත්පතේ පේදිරිස්වරුන් විසින් සාර්ලිස්ගේ චිත‍්‍ර ප‍්‍රවර්ධනයට අතිරේකයක් පළ කළ බවට මතයක් පැවතියද ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කරන්නේ විලියම් පේදිරිස් සමාගම 1923දී බෞද්ධ සිතුවම් පෙළ ප‍්‍රවර්ධනයට ‘බොදු සිතුවම් වර්ණ කාව්‍ය’ නමින් පොත් පිංචක් කළ බවය. මෙම සිතුවම් නිවෙසක තබාගැනීමේ ප‍්‍රයෝජන හා ප‍්‍රතිඵල කවියෙන් විස්තර කොට එහි ඇතුළත්ව තිබුණු බවත් එවා පියදාස සිරිසේන මහා ලේඛකයා විසින් ලියා ඇති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. මෙම පොත් පිංච නිර්මාණය කොට තිබුණේ සාර්ලිස් විසින්ය.

ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කළ අනෙක් වැදගත් කරුණ වනුයේ 1930 ජනවාරි මස 08 වැනි දින සාර්ලිස් මාස්ටර් විසින්ම බුද්ධ රූපයන් සඳහා දැන්වීමක් ‘ස්වදේශ මිත‍්‍රයා’ පුවත්පතේ පළකිරීමය. ‘ප‍්‍රතිපත්ති පූජා’ නම් ශීර්ෂයෙන් යුත් එම දැන්වීමේ වූයේ ශාස්ත‍්‍රානුකූලව නිම වූ බුද්ධ රූප ශාසන මාමක බැතිමතුන්ට මිලදීගත හැකි බවය. එහි සඳහන් වූයේ එම්. සාර්ලිස්, බුද්ධ මන්දිරය, කොළඹ යන ලිපිනයයි.

උන්වහන්සේගේ පර්යේෂණයෙදි සාර්ලිස් වැදගත් සාධකයක් වූයේ කුමක් නිසාද යන්න ලේඛකයා දැනට ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ අධිශිෂ්‍යත්වලාභියකු ලෙස පර්යේෂණ කටයුතුවල යෙදෙන ආචාර්ය සූරක්කුලමේ පේමරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පැවසූයේ සාර්ලිස් කළ මහා ශාසනික සේවය වනුයේ බෞද්ධයාගේ නිවෙස තුළට බුද්ධ රූපය පළමු වරට රැගෙන යෑමය. 1900 වන තුරුම බුද්ධ වන්දනා කළේ නිවෙසින් පිට තැනකය. එකල බුදු රුව නිවාස තුළ තබා නොගත්තේ විවිධ හේතු මත නිවෙස අපිරිසිදු තැනක් යැයි සැලකූ හෙයිනි. නමුත් අනෙක් ආගම්වල පිරිස් නිවාස තුළ පූජාසන සාදා ආගමික මෙහෙයන් කළේය. සාර්ලිස් බුදු රුවට පෙර සීවලි මහරහතුන් වහන්සේගේ සිතුවම නිවාස තුළට ගෙන ගියේය. එය කාටත් පෙනෙන තැනක එල්ලා තැබූ බෞද්ධයන් නිතරම දුටුවේ එම රුවය. මෙම පෙරළියෙන් සිදු වූයේ බුදු වහන්සේගේ රුවත්, බුදු පිළිමයත් සීවලි රහතුන් වහන්සේගේ ඡායාරූපයත් බොදු නිවෙසක් තුළ නැතිවම බැරි අංගයක් වීමය.

1924 ජුලි 24 වැනිදා ඉරිදා පුවත් පතක් ලෙස ඇරඹි ‘ස්වදේශ මිත‍්‍රයා’ පුවත් පත මෙතෙක් පැවති පුවත්පත්වලට වඩා වෙනස් මඟක් ගත් එකකි. එකල ස්වදේශ මිත‍්‍රයා ආසියාවේ විශාලතම පුවත්පත විය. විවිධ විශේෂාංගවලින් යුත් ලිපි පාඨක සිත් ගැනීමට එහි චිත‍්‍ර ශිල්පී සාර්ලිස් මාස්ටර්ගේ දායකත්වය බලපෑවේය.

Buddhist Annual
Buddhist Annual of Ceylon නමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ වූ මාස හතරකට වරක් නිකුත් වන සඟරාවක් 1920දී ආරම්භ කරන ලදී. ලංකාවේ ඉංගී‍්‍රසි භාෂාව භාවිත කරන ලාංකිකයනටත් විදේශීය රටවල ජනතාවටත් බුදු දහමත් ජාතික ප‍්‍රබෝධයත් ඇති කිරීම අරමුණු කොට ප‍්‍රකාශයට පත්කරන ලද්දකි. මෙහි ලිපි පළ කළ අය අතර අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍රතුමා, ඕල්කට් ආදීන්ගේ ලිපි ඇතුළත් විය. කොළඹ ඩබ්ලිව්. ඊ. බැස්ටියන් සමාගම විසින් මෙම සඟරාව ප‍්‍රකාශයට පත් කරන ලදී. වර්ණ පිටකවරයකින් යුක්ත වූ මෙහි මුල්ම සඟරාවේ පිටකවරය නිර්මාණය කොට අඳින ලද්දේ සාර්ලිස් මාස්ටර් විසිනි. එහි වූයේ විහාරයක මකර තොරණක් තුළින් වෙහෙරක් පෙනෙන ලෙස වූ වර්ණ චිත‍්‍රයකි.

ශී‍්‍රපාද කෘතිය
සාර්ලිස් මාස්ටර් චිත‍්‍ර විවිධ මාධ්‍යයන් සඳහා යොදාගනු ලැබීය. එකල ජනප‍්‍රිය පොතක් වූ උම්මංග ජාතකයේ මුල් කවරය සිතුවම් කරමින් ඔහු ඇරඹි නව ගමන් මඟට උදාහරණ රාශියක් ඉතිහාසය තුළ දක්නට ඇත. පූජනීය ශී‍්‍රපාද පුදබිමේ මහ මළුවට මුලින්ම විදුලි ආලෝකය ලබාදීම පිළිබඳ පිළිගත් මතය වනුයේ ලක්ෂපාන බලාගාරයේ වැඩ නිමවූ වහාම එයින් පළමු විදුලිය 1950දී ශ‍්‍රීපාද පුදබිමට දුන් මතයය. එහෙත් මහ මළුවට පළමු වරට විදුලිය ලබා දෙන්නේ 1934දී පමණ කොළඹ ශී‍්‍ර සමන්තකූඨ විදුලි පහන් ආලෝක සහෝදර සමිතියේ මැදිහත් වීමෙනි. ශ‍්‍රී පාද වන්දනාවේ දී සිදූවූ සිද්ධි මාලාවක් හරහා ඇති වූ තීරණයක අවසාන ප‍්‍රතිඵලය වූයේ ඉතා දූෂ්කර අභ්‍යාසයකින් පසු මහ මළුවට විදුලි ආලෝකය ලබා දීමය. 1934 දී ශ‍්‍රී පාද මහ මළුවට ආලෝකය ලබාදීම ගැන විස්තර සහිත කෘතියක් ආචාර්ය කේ. ඇම්. විතාරණ විසින් රචිත Sri Pada Adma’s Peak – the Holy mountain of religious amity and miracles නමින් ලියා ඇත. ඉහත කී සමිතිය විදුලි ජනක යන්ත‍්‍රයක් ගැනීම සඳහා අරමුදලක් ඇරඹි අතර එයට අරමුදල් ලබා ගැනීමට සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍ර යොදා ගති. සාර්ලිස් මේ සඳහා චිත‍්‍ර තුනක් ඇඳ දුන් අතර එවා ලිතෝ මුද්‍රණයෙන් සකසා අලෙවි කොට ආදායමක් ලබාගනු ලැබීය. එයින් එක් චිත‍්‍රයක දෙවියන් මලින් ශ‍්‍රී පාදය පුදන අයුරුත් මහා ගංගා ගලා බසින අයුරුත් සාර්ලිස් විසින් සිතුවම් කොට තිබුණි. මෙම චිත‍්‍රයන්ට ඉහළ ඉල්ලුමක් පැවතීය.

කුමාරතුංග මුනිදාස ළමා පරපුරේ අධ්‍යාපනය සේම යහපත් අනාගත දරු පරපුරක් බිහි කිරීමට තම ළමා ග‍්‍රන්ථ හරහා මහත් පරිශ‍්‍රමයත් ගත් වියතෙකි. 1930 ගණන්වල මුද්‍රිත ශිෂ්‍යා මාර්ගය හා පරමාදර්ශ ළමයින්ගේ හැසිරීම උදාහරණ ලෙස දක්වා කළ ශිෂ්‍යාවතාර ආදී පොත් තුළිනුත් ළමයින්ගේ මනා හැසිරීම අදාළ පරමාදර්ෂී ක්‍රියාවන් පහසුවෙන් ළමා මනසට කුමාරතුංගයන් එක් කළේ චිත‍්‍ර භාවිතයෙනි. මෙම චිත‍්‍ර වැඩිම ප‍්‍රමාණයක් ඇඳ ඇත්තේ සාර්ලිස් මාස්ටර්ය. මෙම චිත‍්‍ර අධ්‍යයනය කරන ඕනෑම අයකුට සාර්ලිස්ගේ අනෙක් චිත‍්‍රවලට වඩා වෙනස් භාවිතයක් මෙම චිත‍්‍ර සඳහා යොදාගෙන ඇත. මෙම චිත‍්‍ර කළු සුදු නිසා රේඛා ඉස්මතු වන ලෙස නිර්මාණය කර ඇත. කුමාරතුංගයන් ළමයින්ට කියා දුන් ඓතිහාසික සිද්ධිද විස්තර කිරීමටද සාර්ලිස්ගේ චිත‍්‍ර යොදාගනු ලැබීය. සාර්ලිස් මාස්ටර්ගේ මෙම චිත‍්‍රයන් ගැන විස්තරයක් සමරනායක විපුලගුණ ඔහුගේ ‘නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස’ නම් පොතෙහි සටහන් කර ඇත. සිරිමත් චරිතයේ විවිධ අවස්ථා සාර්ලිස්ගේ සිතුවම්වලින් නිරූපණය වීම හරහා පිරිපුන් ළමයකු ඇසුරු කිරීම කරන අයුරු දක්නට ලැබුණු බව දක්වයි. පළමු වරට ළමා චිත‍්‍රයන්ද සිතුවම් කළේ සාර්ලිස් මාස්ටර් යැයිද නිගමනයකට මේ අනුව එළඹීමට හැක.

සාර්ලිස් මාස්ටර් විසින් සිතුවම් කළ රාජ සභාවේ විරිඳු ගායනයක යෙදෙන ශිල්පියකුගේ චිත‍්‍රයක් සුනිල් ආරියරත්න ‘විරුද හා විරුඳු’ කෘතියේ 297 වැනි පිටුවට ඇතුළත් කොට ඇත. මෙම චිත‍්‍රය තුළ රාජ සභාව තුළ රජුගේ ගුණ ගයන කවිකාරයන් අතර රබානක් ගෙන විරුඳු ගායනයක් කරන අයකු දක්වා ඇත.

SendShareShare
Previous Post

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

Next Post

ජනාධිපති ධූරයට සජිත්ගේ නම සජබෙ සියලු පක්ෂ ඒකමතිකව තීන්දු කරයි! ‌නම යෝජනා කළේ මද්දුමබණ්ඩාර! ස්ථිර කළේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා! (VIDEO & PHOTOS)

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.